IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සිරිපා අඩවියෙන් හමුවූ කළු කොටියා

 

කහ පැහැති කොටියාගේ කළු පැහැති පුල්ලි ඇතැයි යන්න සාමාන්‍ය පිළිගැනීමයි. ඒ කොටියා සම්බන්ධයෙන් අප සිතේ මැවෙන රුවයි. නමුත් කළු කොටි මෙරට සිටින බවට ද විටින්විට වාර්තා විණි. එවැනි කළු කොටි තුන් දෙනකු මියගොස් සිටිය දී සොයාගත හැකි වුව ද කිසි දිනක කිසිවෙකු හෝ ජීවතුන් අතර සිටින කළු කොටියකු දැක තිබුණේ නැත.   


ඒ නිසාම බොහෝ දෙනාගේ මතය වූයේ මෙරට පරිසරයේ දැන් කළු කොටි නැති බවයි. අවසන් වතාවට එවැනි කළු කොටියකු දක්නට ලැබුණේ 2009 වර්ෂයේ පිටදෙණිය මාවුල්දෙණිය ප්‍රදේශයේ දී උගුලකට අසුවී මියගොස් සිටිය දී ය. මේ කොටියාගේ සිරුරේ සම වෙන්කර කළු කොටි අනුරුවක් සාදා එය ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ තැන්පත් කරන ලදී. ඒ මෙරට සිටි අවසන් කළු කොටියා බවට පිළිගැනිණි.   


නමුත් පසුගිය දිනක වනජීවී දෙපාර්තමේන්තුවේ පර් යේෂකයන් පිරිසකට අපූරු තොරතුරක් ලැබිණි. ඒ කොටි ගැවසෙන ස්ථානයන්හි සවිකරන ලද දුරස්ථ චලන කැමරාවක කළු පැහැති කොටියකුගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන සටහන්ව තිබීමයි.   

 

 


වනජීවී දෙපාර්තමේන්තුවේ උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන සහ මධ්‍යම කලාපයේ පශු වෛද්‍ය මනෝජ් අකලංක මහත්වරු ඇතුළු කණ්ඩායමක් විසින් උඩවලව සහ සබරගමුව ආශ්‍රිතව දිවි ගෙවන කොටි සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකට සවිකරන ලද කැමරාවක මෙම කළු කොටියාගේ දර්ශන සටහන් වී තිබිණ.   
වෛද්‍ය අබේවර්ධන මහතා පවසන්නේ 2019 ඔක්තෝබර් මස 26 වැනිදා කැමරාවේ එම දර්ශන සටහන්ව තිබූ බවයි. මෙවැනි කළු කොටියකු මෙරට දී කැමරාවක සටහන් වූ ප්‍රථම අවස්ථාව එය බව ද වනජීවී නිලධාරීහු කියති.   


ලෝකයේ වාර්තාවන කොටි විශේෂ අතරින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටියා මෙරටට ආවේණික උප විශේෂයකි. සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාඩුස් කොටියා ලෙස හඳුන්වන මෙම කොටි විශේෂයේ සාමාන්‍ය වර්ණය ගෙන දෙන වර්ණ දේහයක් ස්වභාවිකවම සිරුරේ නොමැතිවීම හේතුවෙන් කළු පැහැති කොටි උපත ලබයි. ඒ අනුව කළු කොටියා යනු වෙනත් කොටි විශේෂයක් නොව මෙරටින් වාර්තාවන පැන්තරා පාඩුස් කොටියා යන උප විශේෂයේම වර්ණ ප්‍රභේදයකි.   
ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය අනුව මෙලෙස වර්ණ ප්‍රභේදය ඇතිවී තිබෙන බව පර් යේෂකයන්ගේ මතයයි.   
ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවයට හා උෂ්ණත්වයට අනුව මෙම වර්ණ ප්‍රබේදය ඇතිවන බව විද්‍යාත්මක පිළිගැනීමයි. 

 
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටියාට දිවියා යනුවෙන් ඇතැම් පිරිස් වහරති. එය දෝෂ සහිතය. ශ්‍රී ලංකාවේ කොටියාගේ විද්‍යාත්මක නාමයම පැන්තරා පාඩුස් කොටියා වන අතර ඉංග්‍රීසි බසින් ඔවුන් ලෙපර්ඩ් යනුවෙන් හඳුන්වන බැවින් ඔවුන්ට දිවියා යන නම භාවිත කරයි. නමුත් දිවියා යනුවෙන් හඳුන්වන ‘කොළ දිවියා’ Prionailurus viverrinus සහ ‘හඳුන් දිවියා’  Prionailurus rubiginosus යන සත්ත්ව විශේෂ දෙක ද මෙරටින් වාර්තා වෙයි.   

 

 


පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පවසන්නේ ට්‍රො පිකල් එකෝ සිස්ටම් රිසර්ච් ආයතනයෙන් පරීක්ෂණ කටයුතු සඳහා ලබාදුන් කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතයෙන් මෙම සොයා ගැනීම සිදුකළ බවයි. දැනට ශ්‍රී ලංකාවේ ස්ථාන හයක පමණ කළු කොටි සිටිය හැකියැයි වාර්තා වී ඇතත් මෙතෙක් පැහැදිලි සාක්ෂියක් ලෙස හමුවී ඇත්තේ මෙම කොටි ධේනුව පමණි.   


මෙරට සිටින කොටියා ආවේණික හා ඉතා සීමිත ගහණයක් දක්නට ලැබෙන බැවින් ඔවුන් අතර තවමත් කළු කොටි සිටින බව තහවුරුවීම සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයට වැදගත් සොයා ගැනීමකි. මෙයින් තහවුරු වන්නේ කළු කොටි බිහිවන ජානය හෝ තවමත් ශ්‍රී ලංකාවේ කොටි අතර සංසරණය වන බවයි. ඉදිරියේ දී මෙවැනිම කළු කොටි තවදුරටත් ශ්‍රී ලංකාවේ වනාන්තරවල දැකිය හැකිය යන බලාපොරොත්තුවක් ඒ අනුව සත්ත්ව විද්‍යාඥයන් තුළ ඇත.   


පර් යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ මෙම කොටියා හමුවූ ස්ථානය අවට මෙම ගැහැනු සත්ත්වයාට අමතරව පිරිමි සතකු සහ පැටවුන් දෙදෙනකු ද ගැවසෙන බවට වාර්තා වන බවයි. මෙම සොයාගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාර මහතා මෙසේ පැවසීය.   

 

 


“මෙය ඉතාමත් වැදගත් සොයාගැනීමක්. ඔවුන් තවමත් අපේ ස්වභාවික පරිසරයේ ආරක්ෂාවී සිටීම මහඟු සම්පතක්. අපිට කැලේ ඉන්න සතුන්ට විශේෂ ආරක්ෂාවක් සැපයීමේ හැකියාවක් නැහැ. නීති රීති දැඩි කිරීම සහ දඩයම් කිරීම වැළැක්වීම පමණයි කළ හැකි. මීට පෙර අපට හමුවූ කළු කොටි තුන්දෙනාම හමුවුණේ මියගොස් සිටිය දීය. නමුත් ඔවුන් මියගියේ ඔවුන් අල්ලාගැනීම ඉලක්ක කරගෙන ඇටවූ උගුල්වලට හසුවීමෙන් නොවෙයි. වනාන්තර අවට ප්‍රදේශවල සතුන්ට උගුල් ඇටවීම නැවැත්වීමට අප කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම සතුන් ගම්වැදීමත් ප්‍රශ්නයක් විය හැකියි. එය ද වැළැක්විය යුතුයි.”   


වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ මෙලෙස කැමරාවේ වාර්තා වූ කොටියා ඇතුළු වනාන්තරවල සිටින කළු කොටි ආරක්ෂා කිරීමේ නිශ්චිත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.  

 


සජීව විජේවීර

 

 



අදහස් (0)

සිරිපා අඩවියෙන් හමුවූ කළු කොටියා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3461 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 32 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1451 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 450 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 165 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site