(හැටන් රංජිත් රාජපක්ෂ)
මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු රාජ්‍ය අමාත්‍යය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බී. දිසානායක මහතා පැවසීය.
එස්.බී. දිසානායක මහතා ඒ බැව් කියාසිටියේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ (27) දින පැවැති තරුණ හමුවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස වෙනස් මත දරණ අය බවත්, එවන් අය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයට කිසිසේත් නොගැලපෙන බවයි.
මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොහොට්ටුවෙන් තරග කරද්දී තවත් පිරිසක් අත සලකුණ යටතේ තරග කරන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවර මැතිවරණයෙන් අවාසියක් සිදුවන බව එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.


2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘රනිල් - සජිත් සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ‘
Perera Sunday, 28 June 2020 11:46 AM
පසුගිය ඡන්දයේදී SB හිතුවේ ඔහුත් දිනුම් කියලනේ... පරාද වුණු අයගේ කතා ගණන් ගන්න එපා.