(ජයන්ත සමරකෝන්)
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඨාභය ආවොත් මේ රටේ මිලිටරි පාලනයක් ඇති වී ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම සිදුවනු ඇතැයි විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (9) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මිස වෙන කවුරුවත් නොවේ යැයි ද මෙම 12 වැනිදා බදුල්ලෙන් එහි පළමු වෙඩි මුරය තබන බවද අමාත්‍යවරයා කීය.
මිලිටරි පාලනයක් ඇතිවන ආකාරයෙන් පොහොට්ටු අපේක්ෂකයකු ඉදිරිපත් කිරිමට ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු වන මහින්ද රාජපක්ෂ මහතා කටයුතු නොකරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙසට පක්ෂයේ 99% කගේම එකඟතාවය ලැබී ඇතැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවගේ පාලනයක්.... කෙරුවත් කමක් නැහැ. මලගිය අයට මිලියන ගණන් වියදම් නොකර. සොහොන් හදන්නේ නැතිව. ජනතාවගේ මුදලින් මෙදා පාර අවොත් ඔක්සිජන් දීලා, නැගිටවන්න ප්‍රකෝටි ගණන් වියදම් කරයි මේවගේ. මෝඩයින්ගෙන් රට බේරාගන්න ඕනෑ.
අධෝමාර්ගයෙන්ද කතාකරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය මැතිවරණයයි. පළාත් සභා මැතිවරණ කල්දා දැන් කොපමණ කල්ද?
ඔබ ඇත්තටම කියන්න දැන් රටක් තියනවද කියලා...? ප්‍රජාතන්ත්‍රවාදය කියකියා රට විකුණලා කෑවම අන්තිමට වෙන්නේ ජනතාවට මුහුදට පනින්න නේද? ඔබේ පක්ෂය රැකගැනීමට හිතනවා නම් මේ තමා ඔබලාගේ වෙලාව. කට්ටියම එකතුවෙලා එළියට එන්න. එවිට ප්‍රජාතන්ත්‍රවාදී එජාපයක් ඔබට ඇතිකර ගත හැකියි.
දෙමළ භාෂාවෙන් පී කියලා කියන්නේ අශූචි වලට..!
ඔයගොල්ලන් 2010දී සරත් ෆොන්සේකා මහතාට ඡන්දය දෙන්න කියනකොට ඔය මිලිටරි කතාව කිව්වේ නැහැනේ... එතුමාට ඡන්දෙ ඉල්ලන්න හොඳ නම් ගෝඨා ඡන්දෙ ඉල්ලුවටත් කමක් නැහැ නේද?
හලෝ රටේ මළගම තිබුනේ 1983 සිට 2005 කාලයේ. 1989 මලගමේදී 60000 සිංහල කොල්ලෝ ටයර් වල ගියා. තුම්සේ හිතනවාද අපි ඊයේ ඉපදුණා කියලා... දැන්නම් රටට මිලිටරි ක්‍රමයේ සැර ආණ්ඩුවක් ඕනේ. නැතුව මේක හදන්න බැහැ. විශේෂයෙන් තුම්සේලාව කූඩු කරලා තියන්න ඕනේ.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඨාභය ආවොත් මේ දේවල් සිදුවෙනවා කියන්නේ ගෝඨාභය අනිවාර්යයෙන් දිනනවා කියන එක නේද? ඒ කියන්නේ මේ ගොල්ලෝ දැනටමත් ඒක අවබෝධ කරගෙන ඉවරයි.
අප වැනි සාමාන්‍ය ජනතාවට සෙතක් නැති අපේ දරුවන්ට රටක් නැති රටට හෙටක් නැති, ත්‍රස්තවාදීන්ට ජාතිවාදීන්ට බැංකු හොරුන්ට වඳ දොස්තරලාට සෙත සලසන ප්‍රජාතන්ත්‍රවාදය අපට අවශ්‍ය නැත. ත්‍රස්තවාදය අතුගා දමන රට නගරය පිරිසිදුවට තබා ගත හැකි මිලිටරි පාලනය අපටත්, රටටත් යහපතකි. අනෙක් කාරණය නම් කොටි පරාද කරපු කොළඹ නගරය ආස හිතෙන ලස්සන තැනක් බවට පත්කරපු ඒ 2015ට පෙර පාලනයෙන් (ඔබ කියන ලෙස මිලිටරි පාලනයෙන්) කාටත් වරදක් නොකර පාඩුවේ ජීවත් වූ අපට නම් කිසිදා කරදරයක් සිදු වූයේ නම් නැත. කවුරුන් කෙලෙස කට කතා පැතුරුවුවත් එලෙස පාඩුවේ ජීවත් වූ මා දන්නා කිසිවකුටත් කරදරයක් සිදු වී නැත. අඩුම ගානේ කිසිම අහිංසකයකුට කරදරයක් හිරිහැරයක් සිදුවූ බවට වත් අසා නැත. ඉතින් ගෝඨාභය විරුවා නම් මෙකල රටට අවශ්‍යම නායකයෙකි. වසර 30 ක ත්‍රස්තවාදය අවසන් කරමින්ද කොළඹ නගරය ලස්සන නගරයක් බවට පත් කරමින්ද ඔහු මිලිටරි මෙන්ම සිවිල් පාලනයටත් දක්ෂ බව අපට පෙන්වා දී තිබේ. දැන් නැවතත් රට 2009ට පෙර කාලයට ආපසු යමින් තිබේ. නැවතත් දිගුකාලීන ත්‍රස්ත අවධානමකට අප හසුවෙමින් පවතින බව මෑත සිදුවීම්වලින් පෙනේ...
අනේ පොඩ්ඩක්වත් බයවෙන්න එපා. ගෝඨා එහෙම කෙනෙක් නොවෙයි. වැරදි කරලා හෝ වැරදි කරන අයනම් ඉතින් උත්තර දෙන්න සුදානම් වෙලා ඉන්න එක හොඳයි.
1948 සිට මේ දක්වා ප්‍රජාතන්ත්‍රවාදයෙන් මේ රටට සිද්ද වුණු එක හොඳක් කියපන්කෝ...
ප්‍රජාතන්ත්‍රවාදය දීලා උඹලා මිනිස්සුන්ට මොනවද කරලා තියෙන්නේ.. ආහාර, රැකියා, ආරක්ෂාව දුන්නද?
අපට ප්‍රජාතන්ත්‍රවාද එපා. අපි දැක්කා නල්ලමලේ ප්‍රජාතන්ත්‍රවාදේ සංවර්ධනය... අපට ඕනෑ ඒකාධිපතියෙක් සහා සුදුවෑන්... රට සංවර්ධනය කරන්න පුළුවන් එකම මිනිහා ගෝඨා පමණයි.
ඕක තියන තැන කියන්නකෝ.. ලෝකේ මිනිස්සු රවටන්න කියන කතා. ලෝකේ තියන ජරාම පාලනය ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු රවටනවා. ඔහෙට කියන්න පුලුවන්ද ලංකාවේ තියෙන්නේ කොහෙද කියලා..?
කොහෙද ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ... අඩු ගානේ ඔහේලගේ පක්ෂේ වහ තියනවද?
පෙරකදෝරුවෙක් වුණාට ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නේ නැහැ. මොන රටේද ඔය කියන පාලනේ තියෙන්නේ?