(ජයන්ත සමරකෝන් සහ රංජන් කස්තුරි)
කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.
කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළඳින ලෙසත් දන්වා සිටී.
කොළඹ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් රෝගය වළක්වාගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වේ.
නව කොරෝනා වෛරසය එක් පුද්ගලයකුගෙන් තවත් අයෙකුට පැතිරීමේ හැකියාව ඇත. චීනයෙන් වෙනත් රටවලට පැතිරුණු ආකාරයටම මෙම රෝගය ලංකාවටද පැතිරීමේ අවදානමක් ඇති බැවින් එවැන්නක් වළක්වාගැනීම සඳහා මජහන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඇත.
ශ්‍රී ලංකාවට ඇතුළු වන තොටුපළවල ඒ සඳහා අවශ්‍ය පෙර සූදානම් ක්‍රියාත්මක කර ඇත. ඒ අතර:
- ලංකාවට පැමිණෙන ගුවන් මගීන් මෙම රෝගය පිළිබඳව ගුවනේදීම දැනුවත් කරන අතර යමෙකුට රෝග ලක්ෂණ එනම්, අධික උණ, කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතාව තිබේ නම්, ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශයට වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දෙනු ලැබේ.
- ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
- ලංකාවට පැමිණෙන මගීන් අතර උණ සහිත රෝගීන් සිටීදැයි නිරීක්ෂණය කිරීම සඳහා ස්කෑනර් යන්ත්‍ර ස්ථාපනය කර ඇත.
- ස්වසන රෝග ලක්ෂණ සහිත මගියකු ගුවන් තොටුපළ සෞඛ්‍ය අංශයට වාර්තා වුවහොත් ඔවුන්ට නව කොරෝනා වෛරස රෝගය තිබේදැයි සැක කළ හැකිද යන්න පරීක්ෂා කරනු ඇත.
- එවැනි අවධානමක් තිබේ නම් ඔවුන් රෝහල් ගතකර අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදෙනු ඇත.
ගත යුතු ක්‍රියාමාර්ග -
- ජනාකීර්ණ තැන්වල ගැවසීමෙන් වළකින්න.
- අත් නිතර සබන් යොදා සේදීම සහ ඇල්කොහොල් සහිත පිරිසිදු කාරක යොදා පිරිසිදු කරන්න.
- කහින විට හෝ කිවිසුම් යනවිට අතේ වැළමිට ප්‍ර දේශය පාවිච්චි කර මුඛය හා නාසය ආවරණය කරගන්න. නැතිනම් ටිෂූ පාවිච්චි කර ඒවා ආරක්ෂිතව අපහරණය කරන්න.
- උණ සහ කැස්ස සහිත අය සමීපව ආශ්‍රය කිරීමෙන් වළකින්න.
- ඔබ නව කොරෝනා වෛරස් රෝගය සහිත පළාතක සිට පැමිණි පසු උණ සහ කැස්ස වැළඳේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නු රෙද්ද අස්සේ දාගත්ත එකේ විපාක හම්බ වෙන්න යන්නේ...
චීන්නු කියන්නේ පුදුම වසංගතයක්.. මෙච්චර සෞඛ්‍යමත් ප්‍රෝටීන සහිත සෞඛ්‍යාරක්ෂිතව වෙළඳපලට එන මස්වර්ග තිබියදී අර ජරා වවුල් සුප් බීලා... (මේ සම්බන්ධ වීඩියෝව අන්තර්ජාලයෙන් බලාගත හැක) වසංගතයක් හදාගත්තා කොරෝනා කියලා, කලින් සාර්ස් එකත් චීනේ මස්කෑමෙන්.. දැන් ලෝකෙම මිනිස්සු විඳවනවා. ලෝක නායකයින් එකතු වී චීනෙට තහනමක් පනවන්න ඕනෑ. කුකුල්, හරක්, උෟරු වගේ දන්නා මස් පමණක් කන්න පිස්සු චීන්නුන්ට නියෝග කරන්න කියලා.
කරුණාකර චීන ජාතිකයින්ට තාවකාලිකව සංචාරක වීසා දීම නතර කරන්න.
ඒ කාලේ ආර්යාව මෝටර් සයිකල් හෙල්මට් ගෙන්නුවා වගේ තවත් ඉල්ලමක්...
මේ ප්‍රචාරය පිටුපස කිනම් හෝ ව්‍යාපාරකයෙක් සිටිනවද? දොස්තර මහත්තයෝ කිනම් ප්‍රමිතියේ මුඛ වැසුම්ද පළඳින්න ඕනෑ? සමහර ඒවා අස්සෙන් වෛරස් වලට ඇතුල්වෙන්න පුළුවන්නේ...
පෙර සූදානම අප කාගේත් සෞක්‍ය තත්වය යහපත් ලෙස පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යයි.
ඔය කියන විදිහට මුඛ ආවරණ ගන්න ලංකාවේ හැමතැනම පහසුකම් නැහැ. ඒ නිසා ප්‍රමිතියෙන් යුතු හොඳ මුඛ ආවරණ රජයෙන් සාධාරණ මුදලකට ජනතාවට මිලදී ගැනීමට රජයෙන් පහසුකම් සැපයිය යුතුයි.
සමහරවිට මුඛවාඩනුත් චීනාගෙන්ම ගේන්න වෙයිද දන්නේ නැහැ.
දැන්වත් මේ රටේ සම්පත්වලින් මේ රට දියුණු කරන්න උත්සාහ කරමු. මේ රටට විදේශිකයන් ගෙන්වා ගැනීම ගැන හිතන්න කාලය ඇවිත්... පිටරටවල අායෝජන වගේ නෙවෙයි, මේ වගේ ලෙඩරෝග ඇවිත් අපේ මිනිස්සු කීපදෙනෙක්ගේ ජීවිත නැති වුණත් එ්ක රටට ලොකු පාඩුවක්..
චීන්නු අස්සක් මුල්ලක් නෑර ලංකාවේ දැන් වැහිවැහැලා. මේ මිනිස්සු නවාතැන් දෙන ස්ථාන හොඳට පරීක්ෂා කර බලන්න. පසු විපරමට වැඩිය පෙර විපරම වටිනවනේ...
මුඛ ආවරණ පැළඳුවා කියලා සේරම හරි කියලා හිතන්න එපා. රජය පුළුවන් ඉක්මනට මේ රෝගයට දෙන එක බෙහෙතක් ඇමරිකාව වැනි රටකින් ඇනවුම් කරන්න. දැන් මේ ලෙඩෙන් වවාගෙන කන්න. දේශපාලකයින් වගේ මහා පරිමාණ වෙළෙන්ඳන් දැනටමත් ලෑස්ති වෙනවා ඇති දුප්පත් ජනයාව විකුණමින්, ණයට මුදල් නොගෙන ආධාර නොගෙන හැකි ඉක්මණින් නියම බෙහෙත ගෙන්වන්න. රටේ නායකයින් දෙපල මේ බෙහෙත් ගැන හොයලා බැලුවාද? ලංකාවේ ඉන්න චීනුන් පිටමන් කරන්න. දැන් ලෑස්ති වුණත් එයින් ඵලක් වෙන්නේ නැහැ. ගුවන් යානා රටට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කරන්න. ආර්ථිකය අනිවාර්යයෙන් කඩා වැටෙනවා. නමුත් ජීවිත හානි සීඝ්‍රයෙන් වැඩිවෙයි. කූට වෙළෙන්දෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ලාංකික කිසිවකුටවත් චීනයට යාම තහනම් කරන්න. හැම කෙනාගේම ඇඟේ සුළුවෙන් හෝ රෝග විෂබීජ තියෙනවා. ඇමරිකාවේ ඉන්න මේ චීන රෝගීන් සුවෙන් ඉන්නවා. මෙහෙන් බෙහෙත් ඇනවුම් කරන්න. මුදල් එපා බෙහෙත් ඕන කියන්න. අපේ අයියලා කැමති පිනට දෙන මුදලට... නැව ගිලුණත් බෑන් චූන් නේ...
චීනයට ගොස් මාසයක් එහි සිටින්නට ගුවන් ටිකට් පත් 300ක් පමණ තියෙනවා. හැබැයි ඒවා දෙන්නේ දියවන්නාවේ ඉන්න අපේ රටේ මිනිසුන්ගේ "ලේ" උරාබොන, අපේ රට චීනාට විකුණපු අය තමයි.
ආයේ වැඩිපුර හිතන්න දෙයක් නැහැ. දොස්තරලා "කොරහේ කිඹුල්ලු පෙන්නලා" ඔවුන්ගේ ව්‍යාපාරය ආරම්භ කර හමාරයි. කැමති නම්, දේපොළ ටික උකස් කරලා බෙහෙත් කරගන්න බලපල්ලා.
මුඛ ආවරණ චීනයෙන් ආනයනය කළ ඒවාද? රැල්ලට නොයා, අර බද්රානි මහත්මිය කියන ලෙස දේශීය ලේන්සු මුඛ ආවරණය පිළිපදින්න.
ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම, ප්‍රශ්නයකදී හිතන හැටි ගැන හොඳ අදහසක් උඩ තියන කමෙන්ට්ස් ටික බැලුවම හිතාගන්න පුළුවන්. අඩුම ගානේ මේ වයිරස් එක ගැන ජාත්‍යන්තර මාධ්‍ය කියන ඒවා ඇහුවානම් මෙහෙම ගොන් කතා කියන්නේ නෑ. වෛරස් වලට ලෝකේ කොහෙවත් බෙහෙත් නෑ. ප්‍රති වෛරස ඖෂධ තියනවා. වෛරස එක අපේ ඇඟට එන එක නවත්වන්න. වෛරස් ස්ට්‍රක්චර් එක ඇඟ ඇතුලේ වෙනස් කරගන්න හින්දා. එකට ඇන්ටි වෛරස් හැදෙන්න ඕනේ අපේ ඇඟ ඇතුලෙන්ම තමයි. මාස්ක් එකක් ගන්න කියන්නේ මේ වෛරස් එක වාතය මගින් පැතෙරෙන හින්දා. එ්කට හරියන මුඛ ආවරණයක් වෙන්ඩ ඕනෑ. නැතුව ලේන්සු වලින් වහගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ. මෝඩකතා කියලා මිනිස්සුන්ව නොමග යවන්න එපා කියලා උඩ ලියලා තියන හුඟ දෙනෙක්ගෙන් මම ඉල්ලනවා.
මේකේ එයාර්පෝර්ට් එකේ, උණ හැදෙන්න කලින්, සැඟවිලා තියෙන කාලය ගණන් ගන්නේ නැහැනේ.
සමහරක් මෙතන වලිගය පාගාගෙන උඩ පැන්නට මම ලියලා තිබෙන දේ පැහැදිලිවම කියවන්න. මම ලීවේ, මුහුණු ආවරණයක් පළඳිනවා නම්, ලේන්සුවක් වැනි රෙදි කඩකින් ඉලාස්ටික් පටි හතරක් යොදාගෙන එය පිළියෙළ කර ගත හැකියි. චීන්නුන්ගේ "කොරෝනා " වයිරස් නොමිලේ ගන්නවා මදිවාට, ලංකාවේ දොස්තරලා ප්‍රමෝට් කරන චීන්නුන්ගේ මුඛ ආවරණත් මිලදී ගන්න කියලද අපට කියන්නේ?කතාවෙන් නම් දේශීය නිෂ්පාදන අගයන, මහලොකු දේශ ප්‍රේමියෝ?
දැන් චීනයෙන් ආනයනය කළ මුඛ ආවරණත් මිලදී ගන්න කියලා කියන්නේ. දැන්වත් මේ රටේ සම්පත්වලින් කරන්න උත්සාහ කරමු.
ලෙඩේ පැත්තක දේශපාලනය කරළියට...