lankadeepa.lk

ජනපති දළදා වඳින්න යයි

2018 නොවැම්බර් මස 10 ප.ව. 01:41

2     3390

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳපුදාගත්තේය. අද පස්වරුවේ අස්ගිරි මල්වතු විහාරවලට ගොස් මහනායක හිමිපාණන් වහන්සේලා බැහැදැකීමට නියමිතය.


lankadeepa.lk

ආණ්ඩුව විසුරුවා හැරීමට සතුට පළ කරති

2018 නොවැම්බර් මස 10 පෙ.ව. 11:49

1     2303

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (09 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරිම වෙනුවෙන් නාවලපිටිය නගරයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පල කලහ.


lankadeepa.lk

ඇමැති එස්.බී සංවිධායක ධූරයේ වැඩ අරඹයි

2018 නොවැම්බර් මස 09 ප.ව. 03:58

2     1538

නව රජයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්වූ මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා සංවිධායක ධූරයේ වැඩ බාරගැනීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (9) සිදු කෙරිණි.


lankadeepa.lk

චමල් සෞඛ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි

2018 නොවැම්බර් මස 09 ප.ව. 02:24

0     1225

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති චමල් රාජපක්ෂ මහතා අද (9) උදෑසන යෙදුණු සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.


lankadeepa.lk

සී.බී. ප්‍රවාහන රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ අරඹයි

2018 නොවැම්බර් මස 09 ප.ව. 01:47

0     516

ප්‍රවාහන රාජ්‍ය ඇමැති සී.බී.රත්නායක මහතා අද (9) ප්‍රවාහන අමාත්‍යංශයේ දී සිය රාජකාරි ආරම්භ කළේය.


lankadeepa.lk

වෙළඳ ඇමැති ධූරයේ බන්දුල වැඩ බාරගනී

2018 නොවැම්බර් මස 09 ප.ව. 01:34

0     576

ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (9) ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.


lankadeepa.lk

කලාවැවේ වාන් දොරටු 2ක් අඩි 6ක් දක්වා ඉහළට

2018 නොවැම්බර් මස 08 ප.ව. 05:42

0     1548

ඇද හැලුණු වැසි තත්ත්වයත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 5ක මට්ටමේ සිට අඩි 6 දක්වා තවත් ඉහළට විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය අද (08) පියවර ගෙන තිබේ.


lankadeepa.lk

පියසේන ගමගේ වැඩ අරඹයි

2018 නොවැම්බර් මස 07 ප.ව. 02:38

3     3419

තරුණ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය පියසේන ගමගේ මහතා සෙත්සිරිපාය 2වන අදියරේ පිහිටි සිය අමාත්‍යංශයේදී අද (07)දා පෙරවරුවේ සිය අමාත්‍යධුරයේ වැඩ භාරගත්තේය.


lankadeepa.lk

කණ්ඩලමත් වාන් දමයි

2018 නොවැම්බර් මස 07 පෙ.ව. 10:53

0     2979

මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව වාන් දැමීමට පටන් ගෙන තිබේ.


lankadeepa.lk

තබ්බෝවේ වාන් දොරටු 4 ක් යළි විවෘත කරයි

2018 නොවැම්බර් මස 07 පෙ.ව. 10:31

0     1055

වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අද(7) උදෑසන වනවිට නැවත විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි.


lankadeepa.lk

කලාවැවේ - දඹුළු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කරේ

2018 නොවැම්බර් මස 06 ප.ව. 10:49

1     1328

ගල්කිරියාගම හා කලාවැව අවට ප‍්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ අද (06) කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමට කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.


lankadeepa.lk

මහසංඝ සමුළුවට භික්ෂුහු පාගමනින් වැඩම කරවති

2018 නොවැම්බර් මස 06 ප.ව. 04:24

1     3569

‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම රැගත් මහා සඟ සමුළුව පැවැත්වීම සඳහා කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසළට රැස් වු මහා සංඝ රත්නය කොළඹ නව නගර ශාලාව බලා පා ගමනින් වැඩම කළහ.


lankadeepa.lk

නොහික්මුණු වන අලියා නිර්වින්දය කර අල්ලාගනී

2018 නොවැම්බර් මස 06 පෙ.ව. 11:45

1     1613

අම්පාර කරංගාව ප්‍රදේශයේ මහජනතාවට හිරිහැරයක් වූ වන අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි විය. දින කිහිපයක සිට මෙම අලියා ඇල්ලීම සඳහා වනජීවී නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබිය.


lankadeepa.lk

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

2018 නොවැම්බර් මස 06 පෙ.ව. 10:48

0     2275

වික්ටෝරිය ජලාශය අද (06) සිව් වැනි වරටත් වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත විය.


lankadeepa.lk

හින්දු බැතිමත්හු දීපවාලී සමරති

2018 නොවැම්බර් මස 06 පෙ.ව. 10:03

0     409

හින්දු බැතිමතුන් හිරු දෙවියන් වෙනුවෙන් සිදු කෙරන පූජාව ඇතුළු ආගමික වතාවත් අද (06) උදෑසන සිට උතුරේ පිහිටි හින්දු කොවිල් සිදු කරනු ලැබීය.


lankadeepa.lk

ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණු විරෝධතාවය

2018 නොවැම්බර් මස 05 ප.ව. 07:28

10     1337

පාර්ලිමේන්තුව වහා කැඳවනු, ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනු, යනුවෙන් බල කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (05) පස්වරුවේ විරෝධතාවක නිරතවූහ.


lankadeepa.lk

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ක් අරී

2018 නොවැම්බර් මස 05 පෙ.ව. 11:46

1     1299

අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම සිඝ්‍ර ලෙස ඉහළ නගිමින් පවතින නිසා එහි වාන් දොරටු 10 අඩි 01 බැගින් විවෘත කිරීමට අද (5) උදෑසන පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.


lankadeepa.lk

පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි විරෝධතාවක්

2018 නොවැම්බර් මස 04 ප.ව. 05:36

14     2051

පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින් යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ජනතා ව්‍යාපාරය කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේදී අද (4) විරෝධතා ව්‍යාපාරයක නිරත විය.


lankadeepa.lk

වයඹ වැව් අමුණු පිරී යයි

2018 නොවැම්බර් මස 04 පෙ.ව. 10:24

2     1471

නියං සමය හමාරකරමින් ප්‍රදේශයේ සියලු වැව් අමුණු පිරී ඉතිරී යාමට වැසි ලැබී ඇතැයි පුත්තලම කරුවලගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ ගොවීහු කියති.


lankadeepa.lk

පක්‍ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ කැමැත්ත

2018 නොවැම්බර් මස 03 ප.ව. 12:00

9     9539

පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැති පක්‍ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ රැස්වීමේදී පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් නැවත කැඳවීම ද ඇතුළුව යෝජනා මාලාවක් කතා නායකවරයාට ඉදිරිපත් කෙරිණ. එම යෝජනාවලිය සම්බන්ධයෙන් කැමැත්ත විමසීමේදී රැස්ව සිටි දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අත් ඔසවා ඊට එකඟතාව පළකළ ආකාරය. මෙම රැස්වීම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (2 වැනිදා) පැවැත්විණ.


lankadeepa.lk

මහින්දට පක්ෂව හා විපක්ෂව කතරගම පොල් ගසති

2018 නොවැම්බර් මස 02 ප.ව. 11:19

7     2454

රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා විරෝධීව ඉවත්කොට නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට විරෝධය පළ කරමින් නිතිවිරෝධි දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක එස්.තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු හා ආධාරකරුවෝ පිරිසක් අද (02) කතරගම මහ දේවාලය අබියසදී කන්නලව් කොට පොල් ගැසූහ.


lankadeepa.lk

අගමැති මහින්ද කතරගම පුදබිමේ

2018 නොවැම්බර් මස 02 ප.ව. 01:25

1     1886

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (2) දහවල් විශේෂ ආගමික වතාවත් වල නිතරවීම පිණිස රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණියේය.


lankadeepa.lk

ජලජිවී වගා සංවර්ධනයේ කම්කරුවෝ ටැංකියක නැඟී විරෝධතාවයක

2018 නොවැම්බර් මස 02 ප.ව. 01:01

0     515

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ශ‍්‍රී ලංකා ජාතික ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ උඩවලවේ පිහිටි ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ ජල ටැංකියක් මත නැගී පෞද්ගලික ආයතනයක් හරහා එහි කම්කරුවන් ලෙස සේවය කළ 17 දෙනෙකු අද (2) විරෝධතාවක් ඇරඹුහ.


lankadeepa.lk

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කරයි

2018 නොවැම්බර් මස 01 ප.ව. 08:27

0     822

පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් අද (01) විවෘත කළ බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පැවැසීය.


lankadeepa.lk

ජේ.ආර්ගේ 22 වැනි ගුණ සැමරේ

2018 නොවැම්බර් මස 01 ප.ව. 03:37

0     1527

දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 22 දෙවැනි ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් කොළඹ පිහිටි ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී අද (1) පැවැත්විණි.


lankadeepa.lk

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් අරී

2018 නොවැම්බර් මස 01 ප.ව. 01:04

0     779

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 2 බැගින් අද (1) දහවල් වනවිට විවෘත කළ බව පුත්තලම වාර්මාර්ග කාර්යාලය කියයි.


lankadeepa.lk

මොරටුවේ එජාප මන්ත්‍රීවරු කළුපටි පැළඳ සභා ගැබෙන් පිටවෙති

2018 නොවැම්බර් මස 01 පෙ.ව. 11:03

2     1810

මොරටුව මහ නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරු කලු පටි පැළැඳ විරෝධතා පුවරු රැගෙන මාසික සභාවට පැමිණ විරෝධය දක්වා සභා ගැබෙන් පිටව ගියහ.


lankadeepa.lk

තබ්බෝවේ වාන් දොරටු දෙකක් යළි විවෘත කරයි

2018 ඔක්තෝබර් මස 31 ප.ව. 07:27

0     1242

පවතින වර්ෂාවත් සමඟ තබ්බෝව ජලාශයේ ජලමට්ටම යළිත් ඉහළ යෑම හේතුවෙන් වාන් දොරටු දෙකක් විවෘත කිරීමට සිදුවූ බව පුත්තලම වාරිමාර්ග ඉජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය.


lankadeepa.lk

සරසවි සිසු උද්ඝෝෂණය

2018 ඔක්තෝබර් මස 31 ප.ව. 05:05

2     1271

විශ්ව විද්‍යාල සිසුහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන ගේට්ටුවේ ඉබි යතුරු කඩා බාධකද කඩා දමා අයතන පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් එම ස්ථානයේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.


lankadeepa.lk

නාවික හමුදාපති නව අග‍මැති හමුවෙයි

2018 ඔක්තෝබර් මස 30 ප.ව. 07:20

2     2236

නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.