‘‘කාර් රේස් එපා අපට කරදරයි‘‘ මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාවන පථයේ අධික ශබ්දය හේතුවෙන් තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු කරගෙන යාමට බාධාවක බව පවසමින් ප්‍රදේශවාසීහු පිරිසක් මීරිගම කොටදෙනියාව මාර්ගයේදි උද්ඝෝෂණයක යෙදුනහ. 26 March 2023
මව සොයා යද්දී සැඩපහරට හසු වූ අයියා-නගෝ සිරුරු හමුවෙයි හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ කුලී වැඩට ගිය මව සොයා යාමේදී පිහිල්ලේ දිය කඳුරෙන් එගොඩවීමට ගොස් සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වූ අයියා නගෝ දෙදෙනාගෙන් නංගීගේ මළසිරුර කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි දොඩම්ගොල්ල කදුරේ ලී කොටයක සිරවී තිබියදී අද (24) සොයාගත් බව හාලිඇල පොලිසිය පවසයි . 24 March 2023
අම්පාරේ සාරි කඩය ගිනි රකුසාට බිලි අම්පාර තිරුක්කෝවිල් පොලිස් වසමේ තම්බිලුව්ල් ප්‍රධාන මාර්ගයේ පිහිටි සාරි කඩයක හට ගත් ගින්නකින් එම සාරි කඩය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි. 23 March 2023
ජනපතිට බාලදක්ෂිකා කොඩි පළඳවයි ශ්‍රී ලංකාවේ බාලිකාවන් සඳහා වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 22 March 2023
ලංකා ගුරු සංගමය කොටුවේ විරෝධතාවක් රජයේ පාසල් ගුරුමාරු අත්හිටුවීමට එරෙහිව ලංකා ගුරු සංගමය, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (22) පැවැත්වූ විරෝධතාවට එරෙහිව තවත් පාර්ශව දෙකක් දෙපසින් විරෝධතාවක් දැක්වීය. 22 March 2023
මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුදල් අමාත්‍යාංශයට එති ශ්‍රී ලංකා රජය රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පැවැසූහ. 21 March 2023
ලක් කොල්ලාගේ මූර්තිය චීනය වශී කරයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මූර්ති කලා නිර්මාණ ශිල්පියකුගේ කලා නිර්මාණ දෙකක් චීනයේ චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා තෝරා ගෙන තිබේ. 21 March 2023
හොරණදී බසයක් ගිනි ගනී හොරණ රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද(21) පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගෙන් ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි. 21 March 2023
වතු නිවාස දහයක් පස් කන්දකට යටවේ බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීමෙන් නිවාස දහයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඒවාට යටවූ පස් දෙනකු බේරාගෙන රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි. 19 March 2023
ගුවන් හමුදා ධජ ආශිර්වාද ගන්වති ශ්‍රී ලංකා ගුවන් හමුදාව 72 වන සංවත්සරයට සමගාමීව පවත්වන සාම්ප්‍රදායික ධජ ආශිර්වාද පූජාව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පසුගිය දා පැවැත්වීය . 18 March 2023
කලා තරු තුනකට ජනපති අතින් සම්මාන ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව ප්රදානය සහ සතරාවදීපනී ප්රණාම උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අද පැවැත්විණි. 16 March 2023
දුම්රියේ ගැටීමෙන් 2 ක් මරුට කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාරගයේදි අද (16) දහවල් මෝටර් රථයක් දුම්රියේ හැපිමෙන් මෝටර රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 16 March 2023
යාපනේ පාසල් දරුවන්ට බස් නොනවත්වයි ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන ලංගම බස් රථවලට පාසල් සිසුන් ප්‍රවාහනය කරවීමට පොලිසියට මැදිහත්වීමට සිදුව ඇතැයි සිසු දරුවන්ගේ මව්පියෝ පවසති. 16 March 2023
වර්ජන නිසා කෝචිචි නෑ:සංචාරකයෝ අතරමං වෙති නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයට ගිය විදේශිකයෝ විශාල පිරිසක් සිය ගමන් ගමන් පහසුකම් සලසා ගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 15 March 2023
කෝච්චි 20ක් උදේ දුවයි අද උදෑසන 8 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි. 15 March 2023
හරක් කටා-පානදුර සළිදු මෙරටට රැගෙන එයි මැඩගස්කරයේ දි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත් පානදුර සළිදු මෙරටට රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 15 March 2023
රත්නපුරෙන් පුෂ්පරාග හමුවෙයි ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වලන්කන්ද ප්‍රදේශයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී ඇත. 14 March 2023
විදුහල්පතිගේ ආරෝවෙන් දරුවෝ අව්වේ විභාග ලියති කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසරේ සිසුවියනට පාසල් පංති කාමරයක් නොමැතිවීමෙන් අවුරශ්මියේ විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් සිසුවියෝ දැඩි පීඩාවන්ට පත්වූහ. 13 March 2023
ඔස්කාර් සම්මාන උළෙලින් 95 වෙනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර් සම්මාන උළෙල) ඊයේ(12) ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී එරට වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ විය.හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. 13 March 2023
පාලමත් කඩාගෙන රෝද තුන ගඟට ඉමදුව වතවන කිරිදඬුපේ පාලම මතින් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පාලම කඩාගෙන ගඟට වැටී ඇත. 12 March 2023
බිත්තර ලක්ෂ ගණනක් මහකුඹුක්කඩවල කැලෑවට විසි කරලා මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂීතයට සතියකට ආසන්න කාලයකදි නරකු වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමානයක් ගෙනවිත් දමා තිබියදි හමුවු බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 12 March 2023
උත්සවයකට ගිය ඇමති දෙපළට විරෝධයක් වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙසේ විවෘත කිරීමට ගිය අමාත්‍යවරුන් දෙදෙනකුට ප්‍රදේශවාසීගේ දැඩි විරෝධයක් එල්ල විය. 11 March 2023
ආණ්ඩුවේ මර්දනයට තුම්මුල්ලේ විරෝධය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් එකතුව පසුගිය දිනවල උද්ඝෝෂණවලට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාර ඇතුළු ආණ්ඩුවේ මර්දනයට එරෙහිව බම්බලපිටිය, තුම්මුල්ල හන්දියේ අද (10) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 10 March 2023
ආසියාවෙන්ම ඉදිරියෙන් සිටින්නේ ලාංකික කාන්තාවයි ආසියා කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 March 2023
කාන්තා විරෝධය මඩින්න පොලිස් කාන්තාවෝ පෙරට බඩු මිලට සහ බදු බරට එරෙහිව කාන්තාවන් පිරිසක් ලෝක කාන්තා දිනය අද දින බත්තරමුල්ල පොල්දූව හන්දියේදී පැවැත්විණි. 08 March 2023
ශිෂ්‍ය පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර කොළඹ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසිය කොළඹ රීඩ් මාවතේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ. 08 March 2023
කාන්තා දිනයදා ලක් කතුන්ගේ වික්‍රමය අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලය ද කාන්තාවන් පමණක් ඇතුළත් ගුවන් යානයක් අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හැරිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය . 08 March 2023
අලි මාමේ ඇයිද මේ මහ විපත කළේ වල් අලි ප්‍රහාරයකින් සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට අද (08) බරපතළ හානි සිදු වී ඇතැයි විදුහල්පති ප්‍රියන්ත දිසානායක මහතා පැවසීය. 08 March 2023
ණය ගෙවා ගන්න බැරිව දරු පවුලම දිවි නහගෙන? වවුනියාව ගුඞ්සෙඞ් ප්‍රදේශයේ නිවසක් තුළ තිබි මව,පියා දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු හතරක් හමු වූ බව පොලිසිය කියයි. 07 March 2023
ලොව හොඳම නිරුපිනියන් අතර සඳනිට තෙවන තැන ශ්‍රී ලංකා නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනී 2023 තරඟයේ තුන්වැනි ස්ථානය දිනා ඇත. 05 March 2023
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025