
(අංජුල මහික වීරරත්න)
ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය සහ සතරාවදීපනී ප්‍රණාම උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පැවැත්විණි.
ප්‍රවාහන මහා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කරන ලද චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සහ එහි රංගනයෙන් දායක වූ ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් ට මෙහිදී සම්මාන තිළිණ ප්‍රදානය කෙරිණි.
ජ්‍යෙෂ්ඨ සිනමා සිනමාවෙිදී සිරිල් වික්‍රමගේ, සුද්දිලාගේ කතාව චිත්‍රපටයේ අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක ,සිරිමැදුර චිත්‍රපටයේ අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලබාගත්හ.
COMMENTS
වැඩි ආයු කාලයක්. ඔවුන් සදහා !!!!!!!
ජනතාව ප්‍රතික්ශේ කරපු මෙ අපතයගෙ අතින් සම්මන ගන්න ලජ්ජ නැද්ද?
මේ වගේ ජරා මිනිහෙකුගෙන් සම්මාන ගැනීමට තරම් මේ කලාකරුවන් අවාසනාවන්ත වුනානේ .මදැයි කලාවට කල සේවය ?
සුපිරි වැඩ්ඩො තමයි ඉතිං
මට මතකයි ධර්මසිරි බණ්ඩාරනායක 80 දශකයේදී සම්මානයක් හිමි වෙලා ඒකෙ අනුග්‍රහය දෙන්නෙ බහුජාතික සමාගමක් ය කියලා ඒක වර්ජනය කරල ලොකු ටෝක් එකක් දුන්නා. දැන් ඔය කිසි සද්දයක් නැතිව බහුජාතික සමාගම් වල සුරතලෙක් ගෙන් දෝත පුරා සම්මානය ගන්නෙ.
තමන්ට ලැබෙන සම්මානය ලැබෙන්නෙ එක දෙන්න සුදුසු අතකින්ද කියලා කල්පනා කරන්න බැරි තරන් මෙ කලාකරයො වයසට ගිහිල්ලද ?
මේ සාහිත්‍යකරුවන් සාහිත්‍ය කරගෙන ඉන්නවා නම් අපෙන් ප්‍රසංශ, කරුණාකරලා දේශපාලනය කිරීමෙන් වළකින්න... මොකද ඔබ සියලුදෙනා දේශපාලන උගතුන් නොවන අතර, අනුවණ උපදෙස් දීමෙන් රටත් අරාජික වේ. ඔබ දන්නා සාහිත්‍යයෙන් රට පෝෂණය කරන්න...
ලැජ්ජයි... මෙයාලගෙන් ප්‍රධාන ගන්න.. පොහොට්ටුවේ කෙනෙක්ගෙන් නම් කමක් නැහැ...
ආත්ම ගෞරවයක් ඇති කෙනෙක් ආත්ම ගෞරවයක් නැති කෙනෙකුගෙන් සහතිකයක් ගනීවිද?