
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ බාලිකාවන් සඳහා වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
1917 දී ශ්‍රී ලංකාවට බාලදක්ෂිකා සංගමය හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරියක් වන ජෙනී කැල්වර්ලි මෙනවිය පළමු බාලදක්ෂිකා කණ්ඩායම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආරම්භ කළාය.
ඒ අනුව ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ආරම්භ කර වසර 106ක් පිරෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ කොඩි දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනී ආචාර්ය ශාන්ති විල්සන්, සන්නිවේදන කොමසාරිස් රුක්ෂානි අසීස් සහ විවිධ දක්ෂතා ඇති දරුවන්ගේ අංශයේ බාලදක්ෂිකා නායිකාවක් වන වසන්තා සරෝජනි හේමසිංහ මහත්මිහු ජනාධිපතිවරයා වෙත කොඩිය පිළිගැන්වූහ.
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය නියෝජනය කරමින් බාලදක්ෂිකාවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපතිට බාලදක්ෂිකා කොඩි පළඳවයි