IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


යාල්දේවි මහවදි පාර මාරු කරයි

(සජීවා කෝට්ටගොඩ,උපුල් හේරත් සහ එස්.පොතුපිටිය)

අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල් දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැන ඇතැයි මහව දුම්රිය ස්ථානය පවසයි.

අද (04) සවස 3 .52 ට පමණ මහව දුම්රිය ස්ථානයට ළඟා වූ දුම්රිය, දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී පෙට්ටි 5 ක් පීලි පැන තිබේ.

මෙම හේතුව නිසා එහි ගමන් ගත් දුම්රිය මගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවතිබේ.

මගීන්ගේ ගමන් පහසුව සැලසීම සඳහා ඉතිරි දුම්රිය පෙට්ටි 7 සවස 5.45 පමන වන විට කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු කළ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවැසීය.

අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ දුම්රිය සේවයකයින් පීලි පැන ඇති දුම්රිය පෙට්ටි 5 පීලිගත කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතී.

මෙම අනතුර නිසා නිකවැරටිය මොරගොල්ලාගම මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුව තිබෙන අතර මහව මූලස්ථාන පොලීසිය වෙනත් විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන යැවීමට කටයුතු කර තිබේ.

(එස්.පොතුපිටිය)



අදහස් (3)

යාල්දේවි මහවදි පාර මාරු කරයි

Kumar (Gulf) Saturday, 04 March 2023 05:32 PM

අඩු ප්‍රමිතියේ ඉන්දියන් කුණු ගොඩවල්...

:       0       0

Lalla Saturday, 04 March 2023 06:18 PM

ඕක පෞද්ගලික අංශයට දෙන්න. ආණ්ඩුවේ සේවකයින්ට පුළුවන්ද වැඩක් කරන්න..? පින්පඩිකාරයින් පිරුණු ආයතන...

:       0       0

අබරන් Sunday, 05 March 2023 06:43 PM

කාලයක් මමත් මේ කෝච්චි වල බඩගෑවා රස්සාවට යන්න. කෝච්චි නම් යනවාට වෙන්නේ පිලී පනිනවයි, එකතැන නවත්තගෙන ඉන්න එකයි කරන්නේ. හරියටම ගණන් හදලා බැලුවොත් සතියේ දවස් හතෙන් දවස් දෙකකට වැඩිය මහා පාරේ රස්තියාදු වෙනවා රටේ ප්‍රවාහන සේවය තුළ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site