IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කච්චතිව් මංගල්‍යයට සියල්ල සූදානම්

කච්චතිව් හි ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින්ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත්ව පැවැත්වේ. 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන්, මෙහි සංවිධාන කටයුතු සිදු කරයි.

මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුනට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීමද නාවික හමුදාව මේ වන විට කඩිනමින් සිදුකරයි.

බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමද නාවික හමුදාව සිදු කරයි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මංගල්‍යය සඳහා ඉන්දියානු හා ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයන්, බැතිමතුන්, දෙස් විදෙස් මාධ්‍යවේදීන් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ නාවික හමුදාවේ අධීක්ෂණයෙන් ආරක්‍ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කර ඇතැයි නාවික හමුදාව කියයි.



අදහස් (3)

කච්චතිව් මංගල්‍යයට සියල්ල සූදානම්

ප්‍රනාන්දු Thursday, 02 March 2023 06:14 PM

කිසිම වැදගත්කමක් හෝ ආර්ථික වටිනාකමක් නොමැති දූපතක් ලබාගෙන වසරකට වරක් මංගල්‍යයක් පවත්වා රටේ අතිවිශාල ධනස්කන්ධයක් නිස්කාරණේ වියදම් කරගෙන මේ කරන වැඩේ හරිද? මෙම මංගල්‍ය සඳහා දසදහස් ගාණක් ඉන්දියානුවන් පැමිණෙන අතර මොවුන්ට ආහාරපාන ආදිය පහසුකම් සැපයීම සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් රටේ බදු ගෙවන ජනතාව විසින් ලබාදේ. බංකොළොත් වී ඇති රටක මෙම විකාර නතර කළ යුතුයි යන්න අපගේ විශ්වාසයයි. මෙහි ඇති පරිදි මෙම මංගල්‍යයේ වැඩ කටයුතු සඳහා නාවික හමුදාවේ විශාල රණවිරුවන් ප්‍රමාණයක් යොදවා ඇති අතර මෙම මුදල් සියල්ල ලබාදෙන්නේ රටේ බදු ගෙවන ජනතාවයි.

:       6       5

අබරන් Thursday, 02 March 2023 10:00 PM

ආරක්ෂක හමුදාවලට ඔච්චරටම මොකද්ද තියෙන ඕනෑකම ආගමික වැඩවලට සම්බන්ධ වෙන්න...? ඊට අමතරව හෝටල්, කෘෂිකාර්මික වැඩ සහ විශේෂයෙන්ම ලොක්කන්ගේ ගෙවල් වල මෙහෙකාර වැඩවලටත් සෑහෙන්න සම්බන්ධයි. බලන් යනකොට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා, ආරක්ෂක හමුදාවකට වඩා වෙන වැඩකරන මෙහෙකාර සේවයක් වගේ. නොදකින් විතරක්...!

:       0       0

Tharindu Friday, 03 March 2023 01:14 AM

රණවිරු සහෝදර සහෝදරියනි. මා බෞද්ධයකු උවත් ඔබ මේ කරනා උදාර මෙහෙවර අගය කොට සලකමි..ජරා ජීර්ණ දේශපාලන මහල්ලන් උන්ගේ සීමා මායිම ලකුණු කර පාලනය ඉල්ලන විට තවමත් අප පරාර්ථකාමී මිනිසුන් ලෙස රටේ සියලු ජනතාව සහ විදේශීය බැතිමතුන්ට වන්දනාමාන කිරීමට පහසුකම් සපයන ඔබ සැමට ජේසු පිහිටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site