( අංජුල මහික වීරරත්න )
 
 පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත  පෙරමුණ ලෙස මෙරට අගමැති කවුදැයි  තීරණය කරන්නේ  එක්සත් ජාතික පෙරමුණ බවත් අවසන් තීරණය එය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  අජිත් පී පෙරේරා මහතා  අද (18)  පැවසීය.


 මේ කාරණයේදී  එක්සත් ජාතික පෙරමුණ  100%ක්  එකමුතු බව කී  මන්ත්‍රීවරයා එම බලය කිසිවකුටත් පවරා දෙන්නට සුදානම් නැති බවද කීවේය.


 කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

(ඡායාරූපය සහ වීඩියෝ  -ශාන්ත රත්නායක)