ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් සඳුදා (7) පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට බාරදීමට ඒ අනුව සියලූ පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ.
සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
සති දෙකක කාලයක් තුළ දී කමිටුව විසින් අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එම නිර්දේශ සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු ඉදිරී තීන්දු තීරණවලට එළැඹෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය පිළිබඳ අද (4) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩු අවම කර ගනිමින් ඉදිරියේ දී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර ක්‍රියාවට නංවා තිබෙන බව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතිකරගෙන තිබෙන අවාසිදායක ගිවිසුම් පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඛනිජ තෙල් මිල ඉහළ යාම, රුපියල හා කලා මුදල් අවප්‍රමාණයට ලක්වීම, තාක්ෂණික හා යටිතල පහසුකම් ඌණතාව වැනි කරුණු හේතුවෙන් ඇතිවූ බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතී.
අමාත්‍ය මංගල සමරවීර, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ද රාජ්‍ය බැංකු සභාපතිවරුන් ඇතුළු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ආයතනවල ප්‍රධානින් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ මුල් පුරවැසියාට මෙසේ යෝජනාවක් කිරීමට කැමැත්තෙමු. ගුවන් සේවයේ ඇතිවී තිබෙන අඩුපාඩු වංචා ගැන සොයා බැලීමට පත්කරන කමිටුවට ගුවන් සේවක සේවිකාවන්ගේ හැසිරීම් රටාව විනය පිළිබඳව දැඩිලෙස සිත් යොමු කරන (ඉල්ලීමක් නොව, මෙය පුරවැසියන්ගේ බල කිරීමකි.) බව කීමට කැමැත්තෙමු. ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් වන සිනහමුසු මුහුණින් කෙනෙකුට සංග්‍රහ කිරීම සුහදව කතා කිරීම විශේෂයෙන්ම ගුවන් යානය තුළ සේවය කරන සේවක සේවිකාවන් ලඟ ඉතාමත්ම අල්පය. මෙය වඩාත්ම කැපී පෙනෙන්නේ ගුවන් යානයේ ගමන් කරන ශ්‍රී ලාංකිකයන් සමග අපගේ ගුවන් සේවක සේවිකාවන් ගනුදෙනු කරන විටය. හරියට මගින් ණයට ගුවන්සේවයේ ගමන් කරනවා සේය. කිසිඳු සිනහවක් නැති මුණු කුණ්ඩහට්ටි සේ උද්දච්චකමින් මගින්ට ආමන්ත්‍රණය කරන හැටි අප හොඳින් දැක ඇත. වඩාත් අවාසනාව වන්නේ මෙසේ ජඩ ලෙස එම සේවකයන් හැසිරෙන්නේ මැදපෙරදිග යන අපගේම "සහෝදරියන්" ඉදිරියේ වීම කණගාටුදායකයි. එබැවින් රටේ මුල් පුරවැසියාට අප මෙසේ පැවසීමට කැමැත්තෙමු. ඔබ මෙන්ම සියලුම ලාංකිකයන් අද දවසේ ආහාර ගත්තෙත් හෙට එසේ බඩ පුරෝවා ගන්නෙත් මෙසේ නින්දා අපහාස විඳිමින් මැදපෙරදිග සේවය කරන ඒ සහෝදරියන් එවන " සොච්චම නිසා බව අමතක නොකරන්න...
මේක හොඳ වැඩක්... ඔන්න හරියට කරොත්, අවංක පාලන ඒකකයක් ඇති කරොත් හොඳට ලාභගන්න පුළුවන් මේකෙන්... ආගමන විගමන නීතිත් වෙනස් කරන්න වෙනවා. සංචාරකයන් ගෙන්න ගන්න නම්...
දේශපාලකයන්ගෙන් ඈතින් තබන්න.
දේශපාලන මැදිහත්වීම නිසා හිතා මතාම පාඩු ලබන බවයි පෙන්න තිබෙන්නේ............