
ශ්රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් පසුගියදා පත්කරන ලද චමින්ද වාස් මහතා මාර්තු 26 වැනිදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද (22 වැනිදා) දැනුම්දී තිබේ. එසේම තමන් බටහිර ඉන්දීය සංචාරය සඳහා එක් නොවන බවද වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා පිලේ හිටපූ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වූ ඩේවිඩ් ෂේකර් මහතා පෞද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගින් චමින්ද වාස් මහතා මෙම ධූරය සඳහා පත් කරන ලදී. මෙම පත්කිරීම සිදුකර දවස් 3 ක් ඇතුළත වාස් මහතාගේ ඉල්ලා අස්වී තිබේ.
ජාතික සංචිතයේ පුහුණුකරුවා වශයෙන් පත්කිරීමට පෙර චමින්ද වාස් මහතා උසස් දස්කම් මධ්‍යස්ථානයේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා අද දින පිටත්ව යාමට නියමිතය. ඊට පැය කිහිපයකට පෙර ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාස් හදිසියේම ඉල්ලා අස්වෙයි
Asanga Tuesday, 23 February 2021 03:26 AM
ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් වහාම නැවැත්විය යුතුයි. මොකද මේ අපිට නැතිවෙන්නේ ජාතික සම්පත්. මොවුන්ගෙන් වැඩක් ගන්නැත්නම් බලධාරීන්ගෙන් ඇති වැඩේ කුමක්ද?
වීරවිජේ Tuesday, 23 February 2021 04:12 AM
මණ්ඩලේට තියෙන කචල් ටික හොරකම් ටික වහගන්න එක එක්කෙනාව බිල්ලට දෙනවා. හතුරුසිංහ, ගුරුසිංහ.. දැං වාස් ඊළගට කවුද? ඉස්සෙල්ලාම ක්‍රීඩකයින්ගේ මැනේජර් කියන එක පුද්ගලයාව අයින් කරන්න ඕනෑ කෙනා තමයි වටේට දීලා දක්ෂතා නැති අයට තියාගෙන ඉන්නේ... බෝර්න් අගේන් පිල්ලියත් එහෙමයි. වාස් ගත්ත තීරණය හරියටම හරි...