( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රටේ පවතින වත්මන් තත්ත්වය මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) තෙවැනි දිනයටත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව දැනුම් දෙනු ලැබීය .
මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සමස්ත සෞඛ්‍ය අංශ වලින් යහපත් ප්‍රතිචාරයක් හා මාර්ගෝපදේශන මාලාවක් ලැබෙන තෙක් මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සදහන් කළ මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් කීය.
මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස දින 70 ක් ඇතුලත ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද මැතිවරණ කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
පෙත්සම් පිළිබඳ විභාගය තවදුරටත් පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දී කිරට බළල්ලුත් සාක්කියි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු කොමිසමට හිසනමා ආචාර කරමි. ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි කෙළින් කීම ගැන. මොකද අද වන විට කොරෝනා ආසාධිතයින් 1027 කින් වැඩිවෙලා. තව සති දෙක තුනක් යනවිට මේක මීටත් වඩා වැඩිවෙයි. පළමුව මිනිස්සු ගැන හිතන්න ඕනේ. රටක් තියෙන්නේ මිනිස්සු ඉදලනේ.
කිසිදු දේශාපාලනයකින් තොරව නිදහස්ව සිතුවොත් මේ වෙලාවේ මැතිවරණය තියන්න බෑ. තවමත් කොළඹ ඇදිරිනීතීය. රට සාමාන්‍ය අතට හැරෙමින් තියෙනවා. ටිකක් පහුවෙලා චන්දය තිබ්බම ජනතාව තමන්ට කැමති රජයක් තෝරා පත්කර ගනිවී. කවුරු දිනුවත් අප ජනතා තීන්දුවට හිස නමනවා.
මිනිසුන්ටනම් හදිසි තත්වය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැති අයට තමා නැත්තේ.
කලින් කිව්ව විදියට දින 35 ක් වගේ කාලයක් අවශ්‍ය බව වුවත් දැන් ඒක දින 70 ක් වුණේ, විකෘති ජන මතයක් සහිත පැවති කාලකණ්ණි පාර්ලිමේන්තුවම නැවත ගෙන්වා ගැනීමට උල්පන්දන් දීමක් ද?
ඔබලා කවදද වැඩක් කළේ?
සත්‍ය වශයෙන්ම මුල සිටම මැතිවරණ කොමිසම මැදිහත්ව ඍජු තීරණ ගැනීම නිසා තමයි අදටත් වසංගතය පාලනය වෙලා තියෙන්නේ.
කෝ මේ විමල් වීරවංශ? උපවාසයක් වත් කරන්නෙ නැද්ද ඔයා?
තැබෑරුම් වසනතුරු මැතිවරණය තියන්න නොලැබේවා... අරක්කු , සල්ලි වියදම් කර තැබෑරුම් කාරයින්ට පාර්ලිමේන්තු එන්න නොලැබේවා...!!!
අප්පච්චිගේ අගමැතිකමටත් කණකොකා හඬලනවා වගෙයි. ...පව් අනේ, හාල්පාරු ඇමැති සෙට් එක. ….අකුලගෙන යන්ඩ වේවිද මන්දා.
කට්ටියක් දැන් මෙතන යකා නටයි.
මේ වෙලාවෙ මැතිවරණයක් ඉල්ලන්නෙ මෝඩකමට මිස වෙන මොකටද? රැවුල ගිනි අරන් තියන වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්න හදන අවස්ථාවාදී මිනිස්සු.
මාගේ නිවසේ නැතහොත් පවුලේ සාමාජිකයකු දරුණු අසනීප තත්වයකින් පෙලේ. එකල්හි මා හට විභාගයකට මුහුණ දීමට සිදුවේ. නැතහොත් මා හට රැකියාවක් සඳහා පරීක්ෂණයකට යාමට සිදුවේ. නිවස ඉදිකිරීමට සිදුවේ. බණක් දානයක් උපන්දින සාදයක් පැවැත්වීමට සිදුවේ. අත්‍යාවශ්‍ය කාරණයකට විදෙස්ගතවීමට සිදුවේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිදුවේ. දරුවකු ඉපදීමට දින නියම වී ඇත. සාමාජිකයයාගේ අසනීපය හේතුවෙන් සියල්ල අතහැර දැමුවහොත් සමස්ත පවුලම ආගාධයට වැටේ. පවුලම පිරිහීමට පත්වේ. එම පිරිහීම නිසාම ඇතැම් විට රෝගියාට ප්‍රතිකාර කිරීමට නොහැකි වීමෙන් රෝගියාගේ මරණය වුවද සිදුවිය හැකිය. කරදර වැඩි වේ ප්‍රශ්ණ වැඩි වේ. එහෙත් රෝගියාගේ කටයුතු කෙරෙහිද අවධානය යොමු කරමින් අනෙකුත් කටයුතුද සමබරව කරගෙන ගියහොත් දියුණු විය හැකිය. එම දියුණුව හේතුවෙන්ම ආර්ථිකය යහපත් වී රෝගියාට වඩා හොඳ ප්‍රතිකාර ලබා දිය හැකිය. තීරණ දෙකෙහිත් ප්‍රතිඵල වලත් වෙනසක් ඇත. දරුවා ලැබීමට දින නියම වී තිබියදී මෙම තත්වය මත දරුවාගේ ඉපදීම හොඳ නැතැයි කියා වෛද්‍යවරයා එම දින මග හැරීමට කටයුතු කල හොත් දරුවාගේත්, මවගේත් ජීවිත වලට භයානක අනතුරක් සිදුවිය හැකියි නේද? මේකත් ඒ වගේමයි.
හරියට හරි. ජනාධිපතිතුමාට කැමති කාලයක් ඔහොම රට කරකරගෙන ගියාවේ.