(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව අද (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වි ඇත.
මෙම යෝජනාව ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමට ද ඉදිරිපත් කර තිබූ අතර එහිදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරෝධය පළකිරීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප වී තිබිණ.
එම යෝජනාව පළාත් පාලන, පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් අද පැවැති කැබිනට් රැස්වීමටද ඉදිරිපත් කරන ලද අතර ඊට මංගල සමරවීර ඇමැතිවරයාගේ විරෝධය පළකර ඇත.
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකු හැර එහි සෙසු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන අනයනය කිරීමට බලපත්‍ර නිකුත් කර තිබිණි.
එහි ඉතිරි මන්ත්‍රීවරුන්ටත් දැනට නිලකාලය අවසන්වී ඇති උතුරු මැද,සබරගමුව,නැගෙනහිර,මධ්‍යම,වයඹ,දකුණු සහ බස්නාහිර යන පළාත් හතේ හිටපු මැති ඇමැතිවරුන්ටත් ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ටත් වශයෙන් 418 දෙනෙකුට බදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අනුමැතිය ඉල්ලා ඇමැති වජිර අබේවර්ධන මහතා එම කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබිණි.
මේ අවස්ථාවේ රටේ පවතින තත්ත්වය අනුව මෙම යෝජනාවට කිසිසේත් එකඟවිය නොහැකි බව ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති වජිර අබේවර්ධන මහතා ඇමැතිවරයා තෝරාගත් පිරිසකට පමණක් කලින් බලපත්‍ර පමණක් කලින් බලපත්‍ර දී ඇති බවත් එය අසාධාරණ බවත් ප්‍රකාශ කර ඇත.
එබැවින් පළාත් සභාවල සිමීත සහ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම පොදුවේ මෙය ලබාදීය හැකි යැයිද ඇමැති අබේවර්ධන මහතා සඳහන් කර තිබේ.
එහිදී අදහස් දක්වා ඇති සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපත්‍ර දී තිබියදී පළාත් සභා මන්ත්‍රීවරුන්ට බලපත්‍ර නොදීම ආසාධාරණ බව සඳහන් කර ඇත.
ඊට පිළිතුරු දී ඇති මංගල සමරවීර ඇමැතිවරයා එසේ නම් කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන එම වරප්‍රසාදය ද අහෝසි කළ යුතු බව පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙන් පස්සේ එන්න.
අපි නම් කියන්නේ "225 ටත්" එම සහන ඉදිරියේදීවත් නොදිය යුතු බවයි..
ඉල්ලීම දුන්නේ නැහැ කියලා වෙලා තියෙන අසාධාරණේ ජනතාවට පෙන්නන්න වැඩවර්ජනයකට ගිහින් උද්ඝෝෂණය කරන්න. එතකොට ජනතාවත් ඔබලාට තව තව ඡන්දෙ දේවි.
තීරු බදු රහිත වාහන කිසිම කෙනෙකුට නොදිය යුතුයි. දෙනවා නම් රටේ සියලුම අයට දෙන්න. එහෙම නැත්නම් රටට විදේශ විනිමය උපයා දෙන අයට දෙන්න.
රට කනවා ගමක පාරක් හදල දීපල්ලකෝ මේ අපරාද සල්ලි වලින්
හොඳ තීරණයක් වන්නේ නැතිව තදින් ක්‍රියාත්මක කරන්න. ඉස්පිරිතාලවල් උපකරණ නැහැ. මොවුන්ට රස්තියාදු ගහන්න වාහන... ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්තටත් ඕකදෙන්න එපා...
තීරුබදු රහිත වාහන කිසිත්ම මැති ඇමතිවරයෙකුට දීම නතර කළයුතුයි. එම මහත්ම මහත්මීන් ලොකු වැටුපක් ලබන රජයේ සේවකයෝ පිරිසක්...
කාටවත් ඕනෙ නෑ තීරු බඳු රහිත වාහන. දෙනව නම් රාජ්‍ය සේවකයාටත් දෙන්න ඕනේ.මොකද ඒ මිනිස්සු කරන්නේත් ජනතා සේවය තමයි. මොකක්ද මේ මන්ත්‍රීලට විතරක් දෙන වරප්‍රසාදය. ජනතා සේවයට ජනතා ඡන්දෙන් නේද පාර්ලිමේන්තු හරි පළාත් සභා හරි ගියේ. වරප්‍රසාද ගන්නද? කෝ ජනතා සේවය ? පාලමක් බෝක්කුවක් හදන්නේ නෑ. වැඩේම සේප්පුවේ තියෙන ජනතා සල්ලි ටික බෙදා ගන්න හදන එක. අදහස වවාගෙන කාලා හතර වටේ අයටත් බෙදලා දෙන්න. මිනිස්සුන්ට ගිණි පෙට්ටි හදලා දෙනවා. රට ඉන්න හිතෙන තැනක් කරන්න ඔය හැම සතයක්ම වියදම් කරන්න .
මේ රටට විදේශ විනිමය ගේන අයට පුද්ගලික අංශයේ බදු පිට බදු ගෙවන සේවකයන්ට කිසිම සහනයක් නැහැ. මෙහෙම බදු රහිත වාහන රජයේ අයට දෙන ප්‍රතිපත්ති ලෝකේ වෙන කිසිම රටක නැහැ. මේවයින් මොනතරම් විදේශ විනිමය නාස්තියක් වෙනවද? දෙනවනම් හැමෝටම ගන්න බද්ද එකම වෙන්න ඕන. අනිත් රටවල එහෙමයි. මේක ඉතින් එක එක අයට එක එක නීති තියන රටක්නේ.
පළාත් සබා මන්ත්‍රීන් කරන වැඩේ මොකක්ද ? පාරක් හදල ඉල්ලුවමත් මුදල් වෙන් කරලා නැහැ කියනවා . එතකොට අපිද මුදල් වෙන් කරන්න ඕනේ . අපේ බදු මුදල් වලින් පින් පඩි ගන්න අයට තව තීරු බදු රහිත වාහනත් දෙන්න ඕනෙද . වජිර ඇමතිතුමාට අමු කැවිලද දන්නේ නැහැ . කොටින්ම කියනවනම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටවත් තීරු බදු රහිත වාහන නොදිය යුතුයි. විශ්‍රාම වැටුපක්වත් නොදිය යුතුයි. එතකොට බලන්න පුළුවන් කවුද මහජනයාට සේවය කරන්න මෙච්චර පොරකන අය කොහෙද ඉන්නේ කියල .
එන ආණ්ඩුව පොහොට්ටුවෙන් ලබාදෙනවා. බයවෙන්න එපා මොකද හැම පළාතක්ම දිනන්නේ පොහොට්ටුවනේ. අකමැති වෙන්න හේතුව අපිට තේරනවා.
ඔය කියන ඇමතිවරයා දෙවතාවක්ම කැබිනට් පත්‍රිකාව දැම්ම දෙපාරම පරාදයි මිනිහට ඔය තරම්ම තියෙන රුදාව මොකක්ද පළාත් සභා මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න . පළාත් සභා අකාර්යක්ෂම වුනා කියලා රට පෙරලුනාද ? නැවත පළාත් සභා ඡන්දයක් තිබ්බොත් හරක් ගාලක්ම එන්න සුදානම් එතකොට එයාලටත් දෙන්න ඕන .
අනේ ඇයි ඒ ජනතා සේවකයින්ට ඒ වගේ අසාධාරණයක් කලේ? අපි වෙනුවෙන් දිවා රෑ නිදි නොලබා අපිට සේවය කරන ඒ උතුමන්ලාට ඔය පර්මිට් දෙක තුනක් දුන්නා කියාලා අපිට මොන පාඩුවක් වෙනවාද? අපිට දුම් ටැක්ස් කාබන් ටැක්ස්, බලපත්‍ර ගාස්තු තෙල් ටැක්ස්, එන්ජින් ඔයිල් ටැක්ස් පාරේ යනවාට ටැක්ස් මේ වගේ කොච්චර ටැක්ස් ගහලා හරි ඒ මහජන සේවකයින්ට පර්මිට් දෙක තුනක් අවුරුද්දකට දෙන්න. අපි තරහා නැහැ.
දැන් පළාත් සභාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියනවා . ඉතින් මොකටද අලුත් වාහන . මේවා අහිංසක බදු ගෙවන ජනතාවගේ සල්ලි . අනික මෙයාලා මොනවා කරනවටද අලුත් වාහන දෙන්න යෝජනා කරන්නේ . කොහොමහරි ඡන්දෙට ඉස්සෙල්ලා වැඩේ දෙන්න යන්නේ. එතකොටනේ ඡන්ද ටික ගන්න පුළුවන්.