IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


පළාත් සභා ඇමැතිවරුන්ට තීරු බදු රහිත වාහන නෑ

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව අද (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වි ඇත.

මෙම යෝජනාව ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමට ද ඉදිරිපත් කර තිබූ අතර එහිදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරෝධය පළකිරීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප වී තිබිණ.

එම යෝජනාව පළාත් පාලන, පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් අද පැවැති කැබිනට් රැස්වීමටද ඉදිරිපත් කරන ලද අතර ඊට මංගල සමරවීර ඇමැතිවරයාගේ විරෝධය පළකර ඇත.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකු හැර එහි සෙසු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන අනයනය කිරීමට බලපත්‍ර නිකුත් කර තිබිණි.

එහි ඉතිරි මන්ත්‍රීවරුන්ටත් දැනට නිලකාලය අවසන්වී ඇති උතුරු මැද,සබරගමුව,නැගෙනහිර,මධ්‍යම,වයඹ,දකුණු සහ බස්නාහිර යන පළාත් හතේ හිටපු මැති ඇමැතිවරුන්ටත් ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ටත් වශයෙන් 418 දෙනෙකුට බදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අනුමැතිය ඉල්ලා ඇමැති වජිර අබේවර්ධන මහතා එම කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබිණි.

මේ අවස්ථාවේ රටේ පවතින තත්ත්වය අනුව මෙම යෝජනාවට කිසිසේත් එකඟවිය නොහැකි බව ඇමැති මංගල සමරවීර  මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති වජිර අබේවර්ධන මහතා ඇමැතිවරයා තෝරාගත් පිරිසකට පමණක් කලින් බලපත්‍ර පමණක් කලින් බලපත්‍ර දී ඇති බවත් එය අසාධාරණ බවත් ප්‍රකාශ කර ඇත.

එබැවින් පළාත් සභාවල සිමීත සහ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම පොදුවේ මෙය ලබාදීය හැකි යැයිද ඇමැති අබේවර්ධන මහතා සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපත්‍ර දී තිබියදී පළාත් සභා මන්ත්‍රීවරුන්ට බලපත්‍ර නොදීම ආසාධාරණ බව සඳහන් කර ඇත.

ඊට පිළිතුරු දී ඇති මංගල සමරවීර ඇමැතිවරයා එසේ නම් කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන එම වරප්‍රසාදය ද අහෝසි කළ යුතු බව පවසා තිබේ.



අදහස් (15)

පළාත් සභා ඇමැතිවරුන්ට තීරු බදු රහිත වාහන නෑ

chandima Tuesday, 10 September 2019 04:36 PM

ඡන්දෙන් පස්සේ එන්න.

:       11       154

Raveendra Tuesday, 10 September 2019 05:17 PM

අපි නම් කියන්නේ "225 ටත්" එම සහන ඉදිරියේදීවත් නොදිය යුතු බවයි..

:       0       0

Perera Tuesday, 10 September 2019 06:39 PM

ඉල්ලීම දුන්නේ නැහැ කියලා වෙලා තියෙන අසාධාරණේ ජනතාවට පෙන්නන්න වැඩවර්ජනයකට ගිහින් උද්ඝෝෂණය කරන්න. එතකොට ජනතාවත් ඔබලාට තව තව ඡන්දෙ දේවි.

:       0       0

ලුම්බිණි Wednesday, 11 September 2019 12:26 AM

තීරු බදු රහිත වාහන කිසිම කෙනෙකුට නොදිය යුතුයි. දෙනවා නම් රටේ සියලුම අයට දෙන්න. එහෙම නැත්නම් රටට විදේශ විනිමය උපයා දෙන අයට දෙන්න.

:       11       644

ranjith Wednesday, 11 September 2019 12:46 AM

රට කනවා ගමක පාරක් හදල දීපල්ලකෝ මේ අපරාද සල්ලි වලින්

:       0       321

lion Wednesday, 11 September 2019 02:04 AM

හොඳ තීරණයක් වන්නේ නැතිව තදින් ක්‍රියාත්මක කරන්න. ඉස්පිරිතාලවල් උපකරණ නැහැ. මොවුන්ට රස්තියාදු ගහන්න වාහන... ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්තටත් ඕකදෙන්න එපා...

:       0       51

ajith Wednesday, 11 September 2019 02:30 AM

තීරුබදු රහිත වාහන කිසිත්ම මැති ඇමතිවරයෙකුට දීම නතර කළයුතුයි. එම මහත්ම මහත්මීන් ලොකු වැටුපක් ලබන රජයේ සේවකයෝ පිරිසක්...

:       0       37

සාගර Wednesday, 11 September 2019 02:45 AM

කාටවත් ඕනෙ නෑ තීරු බඳු රහිත වාහන. දෙනව නම් රාජ්‍ය සේවකයාටත් දෙන්න ඕනේ.මොකද ‍ඒ මිනිස්සු කරන්නේත් ජනතා සේවය තමයි. මොකක්ද මේ මන්ත්‍රීලට විතරක් දෙන වරප්‍රසාදය. ජනතා සේවයට ජනතා ඡන්දෙන් නේද පාර්ලිමේන්තු හරි පළාත් සභා හරි ගියේ. වරප්‍රසාද ගන්නද? කෝ ජනතා සේවය ? පාලමක් බෝක්කුවක් හදන්නේ නෑ. වැඩේම සේප්පුවේ තියෙන ජනතා සල්ලි ටික බෙදා ගන්න හදන එක. අදහස වවාගෙන කාලා හතර වටේ අයටත් බෙදලා දෙන්න. මිනිස්සුන්ට ගිණි පෙට්ටි හදලා දෙනවා. රට ඉන්න හිතෙන තැනක් කරන්න ඔය හැම සතයක්ම වියදම් කරන්න .

:       0       13

Piyal Wednesday, 11 September 2019 03:17 AM

මේ රටට විදේශ විනිමය ගේන අයට පුද්ගලික අංශයේ බදු පිට බදු ගෙවන සේවකයන්ට කිසිම සහනයක් නැහැ. මෙහෙම බදු රහිත වාහන රජයේ අයට දෙන ප්‍රතිපත්ති ලෝකේ වෙන කිසිම රටක නැහැ. මේවයින් මොනතරම් විදේශ විනිමය නාස්තියක් වෙනවද? දෙනවනම් හැමෝටම ගන්න බද්ද එකම වෙන්න ඕන. අනිත් රටවල එහෙමයි. මේක ඉතින් එක එක අයට එක එක නීති තියන රටක්නේ.

:       0       32

Sugath Wednesday, 11 September 2019 03:33 AM

පළාත් සබා මන්ත්‍රීන් කරන වැඩේ මොකක්ද ? පාරක් හදල ඉල්ලුවමත් මුදල් වෙන් කරලා නැහැ කියනවා . එතකොට අපිද මුදල් වෙන් කරන්න ඕනේ . අපේ බදු මුදල් වලින් පින් පඩි ගන්න අයට තව තීරු බදු රහිත වාහනත් දෙන්න ඕනෙද . වජිර ඇමතිතුමාට අමු කැවිලද දන්නේ නැහැ . කොටින්ම කියනවනම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටවත් තීරු බදු රහිත වාහන නොදිය යුතුයි. විශ්‍රාම වැටුපක්වත් නොදිය යුතුයි. එතකොට බලන්න පුළුවන් කවුද මහජනයාට සේවය කරන්න මෙච්චර පොරකන අය කොහෙද ඉන්නේ කියල .

:       0       23

wimal Wednesday, 11 September 2019 06:23 AM

එන ආණ්ඩුව පොහොට්ටුවෙන් ලබාදෙනවා. බයවෙන්න එපා මොකද හැම පළාතක්ම දිනන්නේ පොහොට්ටුවනේ. අකමැති වෙන්න හේතුව අපිට තේරනවා.

:       21       4

ශ්‍රීWednesday, 11 September 2019 07:31 AM

පළාත් නවයෙම ඉන්නෙ මි හරක් එහෙනම්. රටකට ගිය කල...

:       0       22

wiswa Wednesday, 11 September 2019 06:48 AM

ඔය කියන ඇමතිවරයා දෙවතාවක්ම කැබිනට් පත්‍රිකාව දැම්ම දෙපාරම පරාදයි මිනිහට ඔය තරම්ම තියෙන රුදාව මොකක්ද පළාත් සභා මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න . පළාත් සභා අකාර්යක්ෂම වුනා කියලා රට පෙරලුනාද ? නැවත පළාත් සභා ඡන්දයක් තිබ්බොත් හරක් ගාලක්ම එන්න සුදානම් එතකොට එයාලටත් දෙන්න ඕන .

:       0       11

Nimal Wednesday, 11 September 2019 06:49 AM

අනේ ඇයි ඒ ජනතා සේවකයින්ට ඒ වගේ අසාධාරණයක් කලේ? අපි වෙනුවෙන් දිවා රෑ නිදි නොලබා අපිට සේවය කරන ඒ උතුමන්ලාට ඔය පර්මිට් දෙක තුනක් දුන්නා කියාලා අපිට මොන පාඩුවක් වෙනවාද? අපිට දුම් ටැක්ස් කාබන් ටැක්ස්, බලපත්‍ර ගාස්තු තෙල් ටැක්ස්, එන්ජින් ඔයිල් ටැක්ස් පාරේ යනවාට ටැක්ස් මේ වගේ කොච්චර ටැක්ස් ගහලා හරි ඒ මහජන සේවකයින්ට පර්මිට් දෙක තුනක් අවුරුද්දකට දෙන්න. අපි තරහා නැහැ.

:       0       12

rim Wednesday, 11 September 2019 08:03 AM

දැන් පළාත් සභාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියනවා . ඉතින් මොකටද අලුත් වාහන . මේවා අහිංසක බදු ගෙවන ජනතාවගේ සල්ලි . අනික මෙයාලා මොනවා කරනවටද අලුත් වාහන දෙන්න යෝජනා කරන්නේ . කොහොමහරි ඡන්දෙට ඉස්සෙල්ලා වැඩේ දෙන්න යන්නේ. එතකොටනේ ඡන්ද ටික ගන්න පුළුවන්.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 911 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1001 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site