(ඩයනා උදයංගනී)
පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිසා වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ රජය පෙනී සිටින බව කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රටේ නිලධාරීන් ජාතිය ගැන සිතා නීතිය නිසි අයුරින් ක‍්‍රියාත්මක කරන්නේ නම් රජය එම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
මීගමුව කලපුව ආශි‍්‍රතව ක‍්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා පැවැත්වූ සාකච්ඡාවකදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ක‍්‍රියාමාර්ගයක් ගන්නේද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට තරම් හේතුවක් නොමැති බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සංවාදයක යෙදුණා මිස වරදකාරී අයුරින් හැසිරී නොමැති බවද කැබිනට් ප‍්‍රකාශකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය එසේම විය යුතුයි... ජයවේවා!!!
ඔය කියන ඇමතිවරයා පාසලේ 5 ශ්‍රේණියටවත් නොගිය රස්තියාදු කාරයෙක් බව ඔහුගේ ප්‍රක්ෂයෙන්ම පෙනෙනවා. ඊටත් හපන් ඔහු වටේ සිටි වහල් අඳබාලයින් ටික... මේ නිලධාරිනිය පරිසරය පිළිබඳව බොහෝ උගත්, බුද්ධිමත් එමෙන්ම කිසිකෙනෙකුට නොනැමෙන සුළු අවංක කෙනෙකි. මෙවැනි නිලධාරීන් 1000ක් අපේ රටේ සිටියා නම් අපිට මෙහෙම ලෝකෙට ණයවී නිවටයන් වන්නට, සිදු නොවන්නට තිබුණා.
ජනපතිතුමනි, දැන්වත් සුදුස්සන් ඇමතිකම්වලට දමන්න. මේ වගේ ඉස්කෝලේ නොගිය හැලපයෝ ඇමතිලා කරහම ඔබතුමාත් සවුත්තු වෙනවා.
එහෙම වෙන්න ඕනේ... මහජනතාවගේ කැමැත්තට ඔය කියන ජනපතිටවත්, අගමැතිටවත් යන්න බැහැ.
නමුත් ඇමතිතුමා කිව්වේ ව්‍යාපෘතිය නවත්තන්නේ නෑ කියලා. කවුරු උනත් නීතියට අනුව වැඩ කරනවා නම් වඩා හොදයි.
මහ ඡන්දේ තියෙනකල් විතරයි පස්සේ මේ නිලධාරිනිය හොයන්නත් බැරිවේවී. අපි නොදන්නා කට්ටිය.
ඔය කිව්වට ලොකු පුටු දෙකේ දෙබෑයෝ කියාවිද දන්නේ නැහැ ඒක බන්දුලගේ පුද්ගලික අදහස අපේ අදහස නොවේ කියලා. කොහොම උනත් බියවිය නොවී ඉන්න දරුවෝ. මර්වින් ඇමතිතුමා නැහැනේ ඔය ළමයා ගස් බදින්න.
මහ ඡන්දෙට කලින් සුවිස් පනින්න හිටියෙත් අබසරණයි.
මෙතුමිය වෙනුවෙන් ජනපති, අගමැති අමුතුවෙන් පෙනි සිටිමට අවශ්‍ය නැත! - කළ යුතුව ඇත්තේ එතුමියට ඇයගේ රාජකාරිය ඒ ආකාරයට කරගෙන යාමට අවශ්‍ය නිදහස ආරක්ෂා කරදීමයි. ජනපති, අගමැතිගේ කාර්යය විය යුත්තේ අර වගේ මන්ද බුද්ධිකයින් රටේ ආණ්ඩුවෙන්, දේශපාලනයෙන් ඈත්කර තැබීමයි...
රාජ්‍ය ප්‍රතිපත්ති වෙනූවෙන් පෙනීසිටීම රාජ්‍ය ඇමැති කළ යුතුබව නොදන්නා විට තනතුර ඉවත් කර පුනරුත්ථාපනය සදහා යොමු කිරීම වැදගත්.
පවු මේ අහිංසක කාන්තාව.
මහ ඡන්දෙ ලඟයි ඉක්මනට සුවිස් යන්න
ඒ කාලේ මෙයාලට විරුද්ධ වූණු අයට මොකද වූනේ කියලා ඔයා දුටුවා නේද ප්‍රවේසමින්...
පව් අහිංසක නිලධාරිනිය.
බුදු සරණයි මේ නිලධාරිනියට.
එතකොට අර ඇමති වරයා ආණ්ඩුවේ නොවේද?
එතකොට අර විල්පත්තුව කපද්දී මෙයා කොහෙද දන්නේ නැහැ?
ඇයට අපහස වන අයුරින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම වරදක් නොවේද..?
ඔබ තුමන්ලා දෙපලට ස්තුතියි. මෙවැනි රජයේ නිලධාරීන් ආරක්ෂා කලයුතුවා මෙන්ම දුෂිත නිලධාරීන්ට දඩුවම් කලයුතුයි. සමහර රජයේ ආයතනවල නිලධාරීන් හැසිරෙන්නේ තමන්ට ඉහලින් කිසිවෙක් නොමැති ආකාරයටයි. උදාහරණ වශයෙන් විශ්‍රාම වැටුප් දෙපාරතමේන්තුවේ නිලධාරීන් විශ්‍රාමිකයින්ට සලකන්නේ ඔවුන් කවරදාකවත් විශ්‍රාම යන්නේ නැතිව ලෙසයි. එහෙත් මෙම නිලධාරිනිය කටයුතු කර ඇත්තේ හදවතින්ම රටට හා පරිසරයට ආදරය ඇතිවයි. තම දැනුම රට වෙනුවෙන් යොදවන මේ නිලධාරිනියට උපහාර කර ඇයගේ රාජකාරිය සදහා උපරිම පහසුකම් දියයුතුයි. රටකට අවශ්‍ය මේ වැනි නිලධාරීන් බව අමතක නොකළ යුතුයි. ඇයට දිරිය දෙමු.
හත්පොලේ ගාගත්තා කියලා තේරිලා ඔබ දෙපලගේ මැදිහත් වීම හොඳයි. නැත්නම් 2/3 ගන්නවා බොරු ඈ...
ඉස්සර නිලධාරින් ගස් බඳින ඇමතිවරු හිටියා. දැන්නම් නැහැ. ඒ ගැන සතුටුයි...
අපිට ඡන්දෙ දෙන්න පුළුවන් නාම ලැයිස්තුවේ ඉන්න කට්ටියට විතරයිනේ. ඉතින් නාම ලැයිස්තුව හරකුන්ගෙන් පිරෙව්වම ඡන්දේ දෙන්න වෙන්නේ හරකුන්ටනේ. ඒකට ජනතාවට බැනලා හරියනවද?
ඔය රඟපෑම්... ඡන්දෙ නිසා. රජය මෙහෙම වැඩ කරනවා නම් රට දියුණු වෙලා. ඔය නිලධාරිනියව මොනවා හරි වැරැද්දක් පටලයි. නැතිනම් ප්‍රමෝෂන් දීලා යවයි. පක්ෂ, විපක්ෂ කවුරුත් එකතුවෙලා ලස්සනට වැඩේ කරයි.
වරදකාරී ලෙස නම් හැසිරිලා නැහැ. ඒ වුණත් ගොනෙක් වගේ නම් හැසිරිලා තිබෙනවා. දැන් මෙයටත් අවුරුදු 5කින් ජනතා මුදලින් විශ්‍රාම වැටුප් දෙනවද?
වීඩියෝ එක සමාජ මාධ්‍යවලින් ප්‍රසිද්ධ වුණ නිසයි ඔය. නැත්නම් බලාගන්න තිබ්බා කරන දේ...
රාජ්‍ය නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටිනවා නම් පළමුවෙන්ම කළ යුත්තේ, මේ නිලධාරිනියට බැනවදිමින් එම ස්ථානයේ නොමනා ලෙස හැසිරුණු, රාජ්‍ය ඇමතිගේ අමන ගෝලයින් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමයි. අන්න එහෙම කරලා පෙන්නුවා නම්, ඉබේටම රටේ පාලකයින්ට ලකුණු වැටෙයි.
ජනපතිතුමනි, කරුණාකර ලබන ඡන්දෙදී පොහොට්ටුවෙන් උගත්, වැදගත්, අවංක මිනිස්සු කිහිපදෙනෙකු හෝ ඉදිරිපත් කරන්න. මිනිස්සු රස්තියාදුකාර නූගතුන්ට කතිර ගහන්නේ වෙන කෙනෙක් නැති නිසා... හොඳ මිනිස්සු ටිකක් පත්කර ගන්න. එතකොට ඔබතුමාට පාර්ලිමේන්තුවේ වැඩකරගෙන රට දියුණු කරන්න ලේසියි. රස්තියාදුකාර හොරු පත්කරගතහොත් ඒ අය කරන වැරදි වැඩ සියල්ල බර වෙන්නෙත් ඔබතුමාගේ ගිණුමට... ඔවුන්ව ආරක්ෂා කිරීම හැර රටට දෙයක් කිරීමට ඔබතුමාට කාලයක් නොමැති වේවි...
කවුරුවත් මේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්න ඕන නැහැ.
මෙයාගේ අතීත තොරතුරු දන්නවද?
මෙවැනි පතෝල ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ පහල වී නොමැත .
ලොකුවට ඉගෙන ගත්තා කියනවා - ඔක්සිජන් කන්නද අනේ?
තව ටික දවසකින් ඔය නෝනා මාරුකරේ හරි නැත්නම් ගෙට ගල් ගහයි. කරණාකර පරිස්සම් වෙන්න. අර කෑ ගහපු හිවල්ලු පළිගන්නට බලයි.
ගරු ජනාධිපතිතුමනි, නැවතත් මේ රට ගුරුවරු දන ගස්සවපු යුගයක් වගේ යුගයකට නැවත ගෙනියන්න ඉඩදෙන්න එපා.
එතකොට මේවා ක්‍රියාත්මක කලේ වෙන ලෝකෙක ආන්ඩුවකින්ද ? සංදර්ශන මඩ සේදිම ඡන්දෙ වෙනකම් විතරයි. ඊට පස්සේ බලන්න කපන කැපිල්ල.
මෙවන් තනතුරු වලට නිලධාරීන් පත්කර ඇත්තේ සුදුසුකම මත රජය විසින් ඒ නිසා මෙවන් නිලධාරීන්ගේ අදහස් වලට සවන් දීමට උගත් පුත්ගලයන් ඇමතිකම් වලට පත්කළ යුතුය.
Chinthaka, නිලධාරීන්ට වැඩ කරන්න පුළුවන් පළාතක් තියෙනවා. මේ වගේ නිලධාරීන්ට මල් මාලා දාන්න ඕන.
" මම නිසා නිලධාරිනිය බේරුනා " කියමින් තවත් බේගලයක් ඇදබාන සනත් නිශාන්ත වැනි කී දෙනෙක් පාර්ලිමේන්තුවේ 225 අතර සිටීද ? තීරණය මහජනයා සතුය.
රුපියල් 2500/= කින් ජීවත් විය හැකි රටක මජනතාවට ඔක්සිජන් ඕනේ නෑ තමා. මොකද? මරණය සුබ නිසා. ජනතාවගේ තත්වය තේරුම් ගත් එකම නායකයා බන්දුල හා සනත් නිශාන්ත.
කෑම එපා, ඔක්සිජන් එපා, මොලේ එපා, මේක තමයි " ජීවත් වෙන්න රටක " පැතුම වෙන්නට ඕනේ.
අවසර දුන්නේ මෙවන් අය රජකළ සමයකදීය.
අවසර දුන්නේ මෙවන් අය රජකළ සමයකදීය.
රුපියල් 2500කින් මාසයක් පවුලකට ජීවත් වෙන්න පුළුවන් රටක් මේ මුතු ඇටේ...