(ටී.කේ.ජී.කපිල)
චීනයේ දැනට පැතිර යන කොරෝනා වෛරස රෝගී තත්ත්වය යටතේ එරට ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට කඩිනමින් මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බෙයිජිං සහ කැන්ටන් යන ගුවන් තොටුපළ වලින් ශ්‍රී ලන්කන් ගුවන් යානා ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට නියමිත අතර එහිදී චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් සියයට 50 ක මිල අඩු කිරීමක් යටතේ මෙම සිසුන්ට මෙරටට පැමිණීමේ අවස්ථාව උදා කර දී තිබේ.
මෙම රෝගී තත්ත්වය වාර්තා වන ප්‍රදේශ වල සිටින සිසුන් ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරීය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය චීන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර එම අවසරය ලද වහාම චීනය බලා පිටත්ව යෑමට ශ්‍රී ලන්කන් ගුවන් යානා සූදානම් කර ඇති බවත් මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 18
21
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගන්න විශේෂ වැඩසටහනක්
රජින්ද Monday, 27 January 2020 03:02 AM
තමන්ගේ රට සහ රටේ පුරවැසියන් ගැන පියෙක් වගේ අභිමානයකින් හිතන අයෙක් නායකයා වුණාම ඔහුගේ මුඛ්‍ය පරමාර්ථය හැමෝටම කලින් තමන්ගේ රටේ මිනිස්සු රැක ගැනීමයි. සාමාන්‍ය ජනතාව විදිහට අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
Akila Monday, 27 January 2020 05:11 AM
චීන රජය අද වාර්තා කරලා තියනවා මෙම වෛරසය ඇඟේ තිබුණත් දින 14 ක් යනකන් වුණත් බාහිරින් කිසිම ලක්ෂණයක් නොපෙන්වන්න පුළුවන් කියලා.., එ්ක හින්දා මේ ගෙන්වන කට්ටියව සති දෙකක් යනකන් අනෙත් මිනිස්සුන්ගෙන් වෙන්කරලා තියන්න. මොකද මිලියන දෙකක් මිනිසුන්ගේ ජීවිතවල වගකීමක් රජයට තියනවා..