ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වූ කොරෝනා දෙවැනි රැල්ල පසුගිය 14 වැනිදා එහි උපරිම අගයට ළඟා වීමෙන් පසුව මේ වන විට තරමක් දුරට පාලනය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවියෙන් (http://www.epid.gov.lk/web/index.php?lang=en) පෙන්නුම් කරයි. එම වෙබ් අඩවයේ මේ වන විටත් පෙන්නුම් කරනු ලබන දත්ත අනුව වසංගතය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමේ බරපතළම අවධිය වී ඇත්තේ දෙසැම්බර් මස දෙවැනි සතියයි.
කොවිඩ්-19 සම්බන්ධයෙන් වන රජයේ නිල වෙබ් අඩවියේ (https://covid19.gov.lk/covid-19-stats.html) දත්ත වලින්ද මෙම තත්ත්වයන් වැඩිදුරටත් තහවුරු වෙයි.

දෙසැම්බර් මස 14 වැනිදා පැවැති අගයන් අනුව එදින රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යාව 9017 කි. එහෙත් එතැන් සිට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර අද (29 වැනිදා) වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 7484 දක්වා අඩුවී තිබේ.

මේ වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා හමුවූ දිනයේ පටන්ම වරින් වර හමුවන රෝගීන් සංඛ්‍යාව එහි මුල් අගයට එකතු කරන ලදි. අද වන විට වාර්තා වන රොගීන් සංඛ්‍යාව 41,603 ක් ලෙසින් සටහන් වූවත් ඔවුන් අතුරින් 33,925 දෙනෙක් සුවය ලබා සිටිති.
අභියෝගාත්මක සාධකය වන්නේ දිනයක් තුළ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව සහ හඳුනා නොගත් රෝගීන් හෙවත් කොරෝනා වයිරසයේ වාහකයන් පිරිසත්ය. කෙසේ වෙතත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම කිසියම් සහන දායී තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවියෙන් මෙන්ම කොවිඞ්-19 සම්බන්ධයෙන් වන රජයේ නිල වෙබ් අඩවියේ දත්ත වලින්ද තහවුරු වේ.
ඉතාම ආසන්න (දෙසැම්බර් මාසයේ) දත්ත මෙසේ විශ්ලේෂණය කළ හැකිය.
දෙසැම්බර් මස 2 වැනිදා හමුවූ රෝගීන් සංඛ්‍යාව 878 කි. එහෙත් එදින පසුව ගෙවී ගිය සති හහතරකට (දින 27 ක්) ආසන්න කාලයේදී අලුතෙන් හමුවන රෝගීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් තිබේ. දෙසැම්බර් 8 වැනිදා රෝගීන් 798 ක් හමුවූ නමුත් දෙසැම්බර් 12 වැනිදාට පසුව සෑම දිනයකදීම හමුවී ඇත්තේ රෝගීන් 750 කට වඩා අඩු සංඛ්‍යාවකි. ඊට අනුලෝම වශයෙන් දෙසැම්බර් 14 වැනිදා සිට ගෙවීගිය සති දෙක ඇතුළත දිනපතාම රෝගීන් 500 කට වැඩි පිරිසක් (දෙසැම්බර් 21 වැනිදා හැර - එදින සුවය ලද රෝගීන් සංඛ්‍යාව 415 යි) සුවය ලබා රෝහල්වලින් පිටව ගියහ.
දෙසැම්බර් 14 වැනිදා 9017 ක් වූ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යාව අද (29 වැනිදා) 7484 ක් දක්වා පහළ බැස තිබේ. ගෙවී ගිය දෙසතිය තුළම එය 8000 සීමාවට ඔබ්බෙන් තිබූ නමුත් අද එතැනින් පහළට වැටිණ.


මාර්තු මාසයේ සිට මේ දක්වා වයිරසය අසාදනය වූ පිරිස අතුරින් අද (29 වැනිදා) වන විට සුවය ලැබූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් 81.5 % කි. ප්‍රතිකාර ලබමින් සිටින පිරිස ප්‍රතිශතයක් වශයෙන් 18 % කි. මරණ 194 ක් වාර්තා වන නමුත් එය ප්‍රතිශතයක් වශයෙන් 0.5 % ක් හෙවත් වයිරසය ආසාදිත වූවන්ගෙන් 1000 කට 5 දෙනෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට පල් ඇත්ත.
මැතිවරණයක් අතළග...
සර් පාස්'''
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි ද ? කොළඹ අවදානම රට පුරා ගිහින් ඉවරයි .. ඒත් ලෙඩ්ඩු අඩුයි. ඇත්ත නම් සතුටුයි...
ඡන්දයක පෙරනිමිති පහළවන බව පෙනී යනවා...!!!
පලාත් සභා ඡන්දෙත් ළඟ එනවනේ..
මේවා සංඛ්‍යා ලේඛණ මත පමණක් පදනම් කොටගෙන කෙරෙනා සුරංගනා කතා වගෙයි පෙනීයන්නේ ... කෙසේ වෙතත්, රට පුරා කොරෝනා ව්‍යාප්ත වෙමින් පවතින බව කියන දේ තමයි කිවයුතු වන්නේ. එය තමයි තිත්ත ඇත්ත. රෝගය සමාජගත වෙලා නැහැ කියලා සුරංගනා කතාවකුත් ප්‍රචාරය වුණා අපට මතකයි. අපි රැවටෙයි මෙන්න කියලා ... හුරේ ...
ඉතා හොදයි. වෛරසය හදුනාගැනීමට කළ පරීක්ෂා ප‍්‍රමාණය වැඩි කරපු නිසා මෙහෙම රෝගීන් සංඛ්‍යාවක් සොයාගැනීමට හැකිවුනාය කියන එක මතක තබාගන්නම ඔ්නේ. ඒ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යන ගමන්ම, අපිත් වගකීමක් ඇතිව ඉදිරියටත් කටයුතු කළොත්, මේ දේවල්වල ප‍්‍රතිඵල තියේවි. එකම ප‍්‍රාර්ථනය, සාර්ථක වුනා හෝ අසාර්ථක වුනා, ඒ කිසිම අවස්ථාවකට දේශපාලනය නොගාවා සිටීමට අපේ පාලකයින් සහ විපක්ෂය කටයුතු කරාවිය කියන එක පමණයි.
සමහර කුහකයින්ට මෙක දරාගන්න බැරිව ඇති..
චන්දෙ තියන්න නේද හදන්නෙ?
මෙය හොඳ ප්‍රවනතාවයක්. නමුත් දත්ත වල නිවැරදිතාවය මත තදබල ලෙස රඳා පවතිනවා. උදා පරීක්ෂණ ප්‍රමාණය අනුලෝමව ඉහල නොයන්නේ නම් positive අගය එක්තරා අගයක වටා දෝලනය වන්න පුලුවන් සහ වැරදි දෙයක් පිළිඹිබු කරන්න පුළුවන්. එ වගේම යම්කිසි ට්‍රෙන්ඩ් එකක් නිගමනය කරන්න මාසයක් පමණ නිරීක්ෂණය කල යුතුයි. ජනතාව අනවශ්‍ය බියටත්, අනවශ්‍ය ලෙස සැහැල්ලුවට ගැනීමත් වැලැක්වීම නිලදාරීන්ගේත් මාධ්‍යවලත් යුතුකමයි...
ඔලුවෙ පොල්ලක් වැදිච්ච එකෙක්ද මෙක ප්‍රකාශ කළේ..?
එහෙමනම් එන්නත ගේන එකේ තේරුමක් නැහැනේද? මැතිවරණය ඉක්මන් කරමු.
මොනවා උනත් හොර ප්‍රස්තාර වලින් හා බොරු සංඛ්‍යා දත්ත ලේඛන වලින් නම් ලෝකයෙන්ම කප් එක උස්සපු රටක් තමයි මේ. මම ඊයේ දැක්කා ලංකාවේ දොස්තරයෙක් කියනවා හෝටල් කර්මාන්තය නගා සිටුවන්න සංචාරකයින් මෙරටට ගෙන්වීම කල යුතුයි කියලා. සෞඛ්‍යය ක්ෂේත්‍රය තුල අරක්ගෙන සිටින මෙවන් තක්කඩි දොස්තර මුදලාලිලා තමයි මේ ප්‍රස්තාර පසුපසත් සිටින්නේ. අපි නම් රැවටෙයි ඕවට..?
අඩුවෙන්නේ ධම්මික පැණිය නිසා වෙන්න බැරිද?
මේ වගේ වැටෙන ප්‍රතිචාර අදාල බලධාරීන්ට පෙනීයන්...
මේ වෙනකොට දෙසීයකට කිට්ටු වෙන්ඩ මැරිලා. රටපුරාවටම කොරෝනා ආසාදිතයෝ... පිටරට ඉදලා එන අයටත් කොරෝනා. තවත් හදන්නේ බොරු බේගල් කියලා ජනතාව ගොනාට අන්දවන්ට...
කොටි නැගිටීම්, වනාන්තර එළි පෙහෙළි කිරීම්, ආගමික ගැටුම් එහෙම ඉස්සරහට එන්න තියනවා...
අපේ ධම්මික වෙද මහතාගේ පැණියේ ප්රතිඵල...