IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උපවාසයේ යෙදෙන හිමි නමට ෂෙයි ජින් නිකායේ විරෝධය

(ප්‍රින්ස් රත්නායක)
 
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් උපවාසයක නිරත වන ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ගේ ක්‍රියාකලාපය තමන්වහන්සේ අනුමත නොකරන බවත්, තම නිකායේ දැඩි විරෝධය පළකරන බවත්, ෂෙයි ජින් නිකායේ මහනායක ඉඟුරුවත්තේ පියනන්ද හිමියෝ පැවැසූහ.
 
මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා බවත්, මෙම හිමි නම භික්ෂුවකට නොගැළපෙන අයුරින් ක්‍රියාකරන බවත්, ෂෙයිජිං නිකායේ අනුදැනුමක් හෝ අවසරයක් නොමැතිව අත්තනෝමතික ක්‍රියාවක නිරත වන බවත්  පියනන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
 
ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට ඉඟුරුවත්තේ පියනන්ද හිමි, සබරගමුව පළාත් ගෝනවල අස්සජි හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා ඊයේ(11) කොළඹ නිදහස් චතුරශ්‍රයට  වැඩම කළහ.
 
ඒවනවිට එහි විශාල පිරිසක් රැඳී සිටි බවත්, ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයට යාමට ඉඩදිය නොහැකි යැයි පැවසූ බවත්, තමන් වහන්සේ එම නිකායේ මහනායක ස්ථවිරයන් බව පවසා එම ස්ථානයට යායුතු බව අවධාරණය කිරීමෙන් පසු ඊට අවසර ලබාදුන් බවත් මහනායක හිමියෝ පැවසූහ.



අදහස් (18)

උපවාසයේ යෙදෙන හිමි නමට ෂෙයි ජින් නිකායේ විරෝධය

Indhika Tuesday, 12 November 2019 05:55 AM

ෂෙයි ජින් නිකාය? ඇහුවෙත් අදමයි. ලංකාවේ බෞද්ධාගමත් චීන වුනා එහෙනම්. ඔන්න ඔහේ මුළු රටම ලියල දුන්නනම් ඉවරයි.

:       32       18

Shahiwal Tuesday, 12 November 2019 06:00 AM

මොකක්ද මේ නිකාය ?

:       6       5

උදය Tuesday, 12 November 2019 06:31 AM

ෂෙයි ජින් නිකාය?

:       4       3

rocky Tuesday, 12 November 2019 07:45 AM

මොකද්ද මේ ෂෙයි ජින් නිකාය ?

:       2       6

Gobbaya Tuesday, 12 November 2019 08:06 AM

උපවාසේ දිගටම කරන්න කියලා අනිත් අය තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න තියෙන්නේ.

:       11       4

gaspe Tuesday, 12 November 2019 08:31 AM

මොන නිකායේ චීවරදාරියා උද්ගෝෂණය කළත් අපිට නම් අවුලක් නෑ. දැන් යන විදියට ආරණ්‍යවල ඉන්න හාමුදුරුවන්ටත් භික්ෂු විනය ඒ අයගේ ලොකු හාමුදුරුවෝ කියාදෙන්නේ නෑ.

:       2       1

Charith Tuesday, 12 November 2019 08:39 AM

අමෙරිකානුවෙක්ට අපි මොකටද ඡන්දය දෙන්නේ ? ඔබ වහන්සේලාට ප්‍රශ්නයක් නොවුනට අපිට ඒක ප්‍රශ්නයක්.

:       1037       13

ලුම්බිණි Tuesday, 12 November 2019 09:14 AM

කවදාවත් අහලා නැති නිකායවල්නේ දැන් තියෙන්නේ.

:       55       43

Wadantha Tuesday, 12 November 2019 09:24 AM

මොකද්ද මේ නිකාය ? අදමයි ඇහුවේ. ධර්ම සංගායනාවක් කිරීමට කාලයේ අවශ්‍යතාවය තමා මේවගෙන් පෙන්නුම් කරන්නේ.

:       21       15

Cisco Tuesday, 12 November 2019 09:35 AM

මේ සවාමීන් වහන්සේට වෙන කවුරුත් උපවාසේ නවත්වන්න කිව්වේ නෑනේ. ඒ නිසා තවදුරටත් කරගෙන යනවා.

:       1       0

sirimal Tuesday, 12 November 2019 09:44 AM

මොකද්ද ඒ නිකාය ? අදමයි ඇහුවෙත්. උපසම්පදාව ලැබෙන්න ඇත්තේ චීනෙන් වෙන්න ඇති.

:       24       17

Chandana Tuesday, 12 November 2019 10:44 AM

තමන්ට පැන නැගුන සැකයක් මත කරන විරෝධයක්. ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට ඉඩ දෙන්න.

:       0       5

Ariyathilaka Tuesday, 12 November 2019 11:25 AM

කිසිදු භික්ෂූන් වහන්සේ නමකට කුමන කාරණාවක් සදහා උපවාස කිරීමට බුදු විනය අනුව අයිතියක් නැත. යම් භික්ෂූන් වහන්සේ නමක් උපවාසයක යෙදී ඉල්ලීමක් කරනවානම් එම ඉල්ලීම දූෂිත බවේ ගැලී ඇත. ආජීවය අපිරිසිදු වීමට ද හෝ ඇතැම් කරුණෙන් උපසපන් භික්ෂූන් වහන්සේලා පාරාජිකාපත්තියට පත් වීමටද හේතුය. උපවාසය ඉල්ලීම හේතු කරණ කොට අදින්නාදානා පාරාජිකාවට පොහෝනා තරම් වන වටිනා කමක අලාභයක් උපවාස ඉල්ලීම මත කවරෙකුට හෝ සිදු වීමෙන් පාරාජිකාපත්තියට හෝ භණ්ඩදෙය්‍ය බවට පත් වීමට හේතුය. මේ පිළිබඳව විනය පිටකයේ පාරාජිකා පාලියද, තත් විනය අටුවා සමන්තපාසාදිකා, කංඛාවිතරණී යන අටුවාද, විමති විනෝදනී, සාරාර්ථ දීපනී, වජිරබුද්ධි, විනයාලංකාර ආදී ටීකාද පූජනීය රේරුකානේ චන්දවිමල නාහියන් විසින් රචිත උපසම්පදා ශීලය ද කියවීමෙන් මේ පිළිබඳව අවබෝධය ලබා ගත හැක. විනයගරුක නොවූ භික්ෂූන්ගේ විනය විරෝධී වැඩ නිසා ධර්ම-විනය නොදත් ගිහියන් පමණක් නොව පැවිදි භික්ෂූන් වහන්සේලා පවා මහත් අනර්ථයක් කර ගන්නා බව කිව යුතුයි.

:       0       513

කපුරු හාමි Tuesday, 12 November 2019 01:24 PM

අපේ රතන හිමියනුත් මාරාන්තික උපවාසයක් කරපු එකේ මේවා මොනවද.

:       155       135

Bandara Wednesday, 13 November 2019 12:55 AM

අපිත් විරුද්ධයි.

:       15       56

නාමල් බේබි Wednesday, 13 November 2019 12:57 AM

මොකක්ද මේ නිකාය.

:       0       29

Jana Wednesday, 13 November 2019 02:08 AM

මේ නිකාය වනගත විපස්සනා භාවනා මුලික කරගත් එකක්. කඳුබොඩ භාවනා මධ්‍යස්ථාන වගේ ස්ථාන වල නිකායේ අය ඉන්නේ. මේ නායක හාමුදුරුවෝ ඉන්නේ ලෙල්ලොපිටියේ භාවනා අසපුවේ

:       0       37

රෝයි බෝගොල්ලාගම Thursday, 14 November 2019 05:06 PM

අනේ වාසේ! මේ රට තව කොයි කලක් රැකේද?

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 153 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 455 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 637 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1056 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 731 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1598 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site