IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


සිසිරය මත වසන්තය සිතුවම් කළ ක්ලිම්ට්ගේ ‘‘ටූ ඉන් වන්’’ චිත්‍රය

යමක් ඉවත නොදමා වෙනත් ආකාරයකින් යළි ප්‍රයෝජනයට ගැනීම (ප්‍රතිචක්‍රීකරණය) කලාවකි. සිතුවම් කලාවත් ඉතිරිකිරීමේ කලාවත් එක්තැන් වූ අවස්ථාවක් පිළිබඳව කතා කරන්නේ නම්, ඕස්ට්‍රියානු ජාතික ගුස්ටාෆ් ක්ලිම්ට් විසින් 1910 දී සිතුවම් කර ඇති ආර්යාවගේ ප්‍රතිරූපය නම් වූ සිතුවම පිළිබඳව කතා නොකරම බැරිය.   


ගුස්ටාෆ් ක්ලිම්ට්ගේ සිතුවම් අතර බහුතරය වෙන්නේ කාන්තා රූපය. මේ අතර ද විවිධ ඉරියව්වෙන් සිතුවමට නගන ලද නග්න කාන්තා රූ විශාල ප්‍රමාණයකි. මේ පිළිබඳව හේතු දැක්වීමක් ලෙස ක්ලිම්ට් පවසා ඇත්තේ ඉල්ලුමේ ප්‍රමාණය අනුව තමන් විසින් සැපයුම කළ බවය.   


ක්ලිම්ට්ගේ සිතුවම් අතර ලයිස්තුගතව ඇති විශාල වාටි සහිත අඳුරු පැහැ හිස්වැසුමක් පැළඳ, බෙල්ල වටා ද එවැනිම අඳුරු පැහැ සාළුවක් ඔතාගත් සිතුවම, එම සිතුවම ඇඳි මුල් කාලයේ (1910) එවකට ලයිස්තුවල සහ පැරණි ඡායාරූපවල හැරුණුවිට පසුකාලීනව දැකගන්නට නොලැබිණි. චිත්‍ර විචාරකයෝ ප්‍රකාශ කළේ එම සිතුවම මුල්කාලයේදීම මිලට ගත්තෙකු නිර්නාමිකව සිටීම හෝ, එම සිතුවම ඒ කාලයේදීම කිසියම් හේතුවක් මත විනාශයට පත්වීම හෝ මෙයට හේතු වෙන්ට ඇති බවය. පැරණි ඡායාරූපවලට අනුව එම සිතුවම සැබැවින්ම පියකරු සිතුවමකි. සිසිරයේ ඇඳුම් මෝස්තරයකින් සැරසුණු කාන්තාවක එම සිතුවමෙන් නිරූපණය කර තිබුණි.   


ක්ලිම්ට්ගේ සිතුවම් පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ එවකට සිසුවියක්ව සිටි ඉතාලි ජාතික තරුණියක වන ක්ලව්දියා මාගා විසින් 1996දී ප්‍රකාශ කරන ලද්දේ ආර්යාවගේ ප්‍රතිරූපය නම්වූ ක්ලිම්ට්ගේ සිතුවමේ කාන්තා මුහුණ මෙතෙක් සොයාගැනීමට නොහැකිව ඇති ක්ලිම්ට්ගේ පැරණි සිතුවමට බොහෝ සේ සමාන බැවින්, දෙවැන්න මුල් සිතුවම මත කරන ලද සංශෝධනයක් විය හැකි බවය. ආර්යාවගේ ප්‍රතිරූපය සිතුවමෙන් නිරූපණය වූයේ වසන්ත වස්ත්‍රයකින් සැරසුණු කාන්තා රූපයකි. විද්‍යාත්මක සාධකයන්ගෙන් තොරවූ මෙම ප්‍රකාශය ඉතාලි කලා සහ සංස්කෘතික දේපොළ භාර අමාත්‍යංශය විසින් නොපිළිගන්නා ලදී.   


ක්ලිම්ට්ගේ ආර්යාවගේ ප්‍රතිරූපය නම්වූ සිතුවම පිළිබඳව ක්ලව්දියා මාගා විසින් දක්වන ලද අදහස පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට මේ මොහොතේ ඉදිරිපත් වූයේ සංරක්ෂණ ක්ෂේත්‍රයේ පැරණි සිතුවම් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණවල නියැලී සිටින, දේශීයව මෙන්ම විදේශීයව ද කීර්තියට පත් රෝමයේ පිහිටි රසායානාගාරයකි. ඉතාලි කලා සහ සංස්කෘතික දේපොළ භාර අමාත්‍යංශ අවසරය මත උක්ත රසායනාගාර කාර්ය මණ්ඩලය විසින් ක්ලිම්ට්ගේ ආර්යාවගේ ප්‍රතිරූපය සිතුවම දැඩි පරීක්ෂණයකට ලක් කළේය. මුල් සිතුවමට කිසියම් ආකාරයකින් හෝ හානි සිදුනොවෙන පරිදි කරන ලද ඉතා සියුම් වූ මෙම පරීක්ෂණය සඳහා මාස තුනකට නොඅඩු කාලයක් ගතවිය. උක්ත සිතුවම පිළිබඳව කරන ලද මෙම විද්‍යාත්මක පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ආර්යාවගේ ප්‍රතිරූපය නම්වූ සිතුවම පැරණි සිතුවමේ සංශෝධනයක් බවය. සිසිරයේ ඇඳුමෙන් සැරසී සිටි කාන්තාවට ක්ලිම්ට් විසින් පසුකාලීනව වසන්ත ඇඳුමක් අන්දවා ඇති බව සිතුවමේ වර්ණ පළමු ස්ථරය පරීක්ෂා කිරීමේදී හෙළිවිය. (මෙම පරීක්ෂණය සඳහා එම රසායනාගාර කාර්ය මණ්ඩලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු ද සහභාගි විය) පසුව මෙම රසායනාගාර වාර්තාව ඉතාලි කලා සහ සංස්කෘතික දේපොළ භාර අමාත්‍යංශය විසින් ද පිළිගන්නා ලදී.   


රසායනාගාර පරීක්ෂණයෙන් වසරකට පසුව ක්ලිම්ට්ගේ මෙම සිතුවම ප්‍රදර්ශනය සඳහා ඉතාලි කෞතුකාගාරයකට භාරදී තිබියදී, 1997 පෙබරවාරි මස විසිදෙවැනිදා සොරුන් විසින් පැහැරගෙන ගොස් තිබුණි. සතිඅන්තයක සිදුවූ මෙම සොරකම අනාවරණය වූයේ දින තුනකට පසුවය. කෞතුකාගාර වහළින් ඇතුළු වූ සොරුන් සිතුවමේ රාමුව ගලවා දමා සිතුවම සහිත කැන්වසය පමණක් සොරාගෙන ගොස් තිබුණි. මෙම සොරකම සිදුවී මේ වෙනවිට වසර විසිදෙකක් ගතවී ඇතුව ද, මෙතෙක් සිතුවම පිළිබඳව නිසි තොරතුරක් ලැබී නැත.   

 


රන්ජිත් කොස්තා  
ඉතාලිය.   



අදහස් (0)

සිසිරය මත වසන්තය සිතුවම් කළ ක්ලිම්ට්ගේ ‘‘ටූ ඉන් වන්’’ චිත්‍රය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 168 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1108 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site