IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කඳුරට වතුරටික උතුරට හැරවීම තවත් අර්බුදයක ආරම්භයද

රට දැවැන්ත අනතුරක හෙළමින් උතුරු මැද වාරි ඇළ නොහොත් NCP ව්‍යාපෘතියේ ඉදිකිරීම මේවන විට යහපාලන රජය විසින් ආරම්බ කරනු ලැබ තිබේ.

මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ සැලසුමකට අනුව මීට වසර හතහලිහකට පමණ පෙර උතුරු මැද වාරි ඇළ නොහොත් NCP සැලසුම සකස් කරන ලදි. යටගොස් තිබූ මෙම ලෝක බැංකු ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ අණ්ඩුව සමයේ නැවත ක්‍රියාත්මක කිරීම සඳහා මැනුම් කටයුතු සහ සැළසුම සකස් කරන ලද අතර යහපාලන ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු මේ වන විට සිදුකරයි.

රජය පවසන පරිදි උතුරු උතුරු මැද හා වයඔ යන පළාත්වල ජනතාව දූගී භාවයට පත්ව ඇත්තේ ජල හිඟය නිසාය. එමනිසා එම ජනතාව වෙනුවෙන් මෙම වාරි ඇළ සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. රුපියල් බිලියන 120  ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත ඉදි කිරීමට නියමිත මෙම ව්‍යපෘතිය මෙරට නැවතත් පාරිසරික හා සමාජීය වශයෙන් දැවැන්ත අර්බුදයකට ගෙන යෑමේ ප්‍රවනතාවයද  ඉතාමත් වැඩිය. එම අර්බුදය නිර්මාණය කිරීම මෙම   ව්‍යාපෘතියේ එක් අරමුණක් විය හැකි නිසා මෙහි පාරිසරික හා දේශපාලන හානිය මෙහිදි  පෙන්වාදීමට කැමැත්තෙමු.

මොරගහ කන්ද හා කළු ගඟ ජලාශ නිම කිරීමෙන් අනතුරු එම ජලය  කිලෝමීටර් 66 දිග ඉහළ ඇලහැර ඇළ ඔස්සේ මහකනදරාවට ගෙන යනු ලබයි. දෙවනුව මාන්නකට්ටියේ සිට චෙන්මඩුකුලම් දක්වා කිලෝමිටර් 95ක වාරි ඇළක් ඉදිකිරිමට නියමිත අතර එම වාරි ඇළ ඉදිවන්නේ උතුරු මැද හා උතුරු පළාත්වල දැවැන්ත වන සංහාරයක් සිදු කරමිනි. එයින්ද නොනැවතී එම පාරිසරික සංහාරය වඩා තීව්‍ර කරමින් චෙන්මකුලම් සිට ඉරණමඩු දක්වාත් ඉරණමඩු සිට යාපනයේ අර්ධද්වීපය දක්වාත් මෙයින් ජලය ගෙන යාමට සැලසුම් කර ඇත.

උතුරු මැද වාරි ඇළට සමගාමීව රන්දෙණිගල ජලාශයේ සිට කිලෝමිටර් 52ත් දිවෙන වාරි ඇළක් ඔස්සේ එහි ජලය කළු ගඟ හා මොරගහකන්ද ජලාශවලට හැරවීමටත්  අංගමැඩිල්ල අසල වේල්ලක්  බැඳ එහි ජලය පොම්ප මගින් මින්නේරිය ජලාශයට ලබාදීමටත්,  මහවැලි ගඟ කාලිංගණුවරින් හරස්කර අංගමැඩිල්ලට ලබාදීමටත් කටයුතු සකස් කරමින් පවතින අතර මෙයින් පුරාන වාරි පද්ධතිය අවුල් ජාලයක් බවට පත්වනවා පමණක් නොව විශාල පාරිසරික හානියක් මෙම ප්‍රදේශවල සිදු වනු ඇත.

දැනටමත් දැවැන්ත පාරිසරික හානියක් සිදුකරමින් ඉදිවෙන මොරගහ කන්ද හා කළු ගඟ ජලාශ නිම කිරීමෙන් අනතුරු එම ජලය  කිලෝමීටර් 66 දිග ඉහළ ඇලහැර ඇළ ඔස්සේ මහකනදරාවට ගෙන යනු ලබයි. දෙවනුව මාන්නකට්ටියේ සිට චෙන්මඩුකුලම් දක්වා කිලෝමිටර් 95ක වාරි ඇළක් ඉදිකිරිමට නියමිත අතර එම වාරි ඇළ ඉදිවන්නේ උතුරු මැද හා උතුරු පළාත්වල දැවැන්ත වන සංහාරයක් සිදු කරමිනි. එයින්ද නොනැවතී එම පාරිසරික සංහාරය වඩා තීව්‍ර කරමින් චෙන්මකුලම් සිට ඉරණමඩු දක්වාත් ඉරණමඩු සිට යාපනයේ අර්ධද්වීපය දක්වාත් මෙයින් ජලය ගෙන යාමට සැලසුම් කර ඇත.

උතුරු මැද වාරි ඇළට සමගාමීව රන්දෙණිගල ජලාශයේ සිට කිලෝමිටර් 52ත් දිවෙන වාරි ඇළක් ඔස්සේ එහි ජලය කළු ගඟ හා මොරගහකන්ද ජලාශවලට හැරවීමටත්  අංගමැඩිල්ල අසල වේල්ලක්  බැඳ එහි ජලය පොම්ප මගින් මින්නේරිය ජලාශයට ලබාදීමටත්,  මහවැලි ගඟ කාලිංගණුවරින් හරස්කර අංගමැඩිල්ලට ලබාදීමටත් කටයුතු සකස් කරමින් පවතින අතර මෙයින් පුරාන වාරි පද්ධතිය අවුල් ජාලයක් බවට පත්වනවා පමණක් නොව විශාල පාරිසරික හානියක් මෙම ප්‍රදේශවල සිදු වනු ඇත.

උතුරු මැද වාරි ඇළ නිර්මාණය කිරීමේදී උතුර සහ උතුරු මැද  පළාත්වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දොළහකින් සහ  වයඔ පළාතේ ප්‍රදේශ කිහිපයකින් ඉඩම් රජයට පවරා ගැනීමට හා වනාන්තර ඉඩම් එළි කිරීමට    සැළසුම් කර ඇති අතර මේ වන විටත් ඉරණමුඩු ආශ්‍රිතව මෙම විනාශය ආරමිභ කර ඇත.

මොරගහ කන්ද ජලාශයෙන් ආරමිභ වන NCP ඇළ යාපනය අර්ධද්වීපයට යන තෙක් කිලොමිටර් 200ක දුර ප්‍රමාණයක් කෑලෑ ඉඩම් හරහා හා ඇතම් ස්ථානවල මිනිසුන් ඉවත් කර ජනාවාස ඔස්සේත් ඉදි කිරීමට නියමිතය. උතුරු මැද වාරි ඇළ මාර්ගයේ පළල ඇළ රක්ෂිතය සමග මීටර් 120 කි. එහි දිග කිලොමිටර් 200 කි. ඒ අනුව මිටර් 120 පළල කිලෝමිටර් 200 දිග වනාන්තර තීරුවක් හා එහි සතා සිවුපාවගේ නිවහනුත්   අහිමිවන අතර ඉන් වනාන්තර ඛණ්ඩනය වීමත් අලි ඇතුන් ගේ අලි මංකඩ විනාශ වීමත් වැළැක්විය නොහැක.  අතුරු ඇළ මාර්ගය සඳහාද දැවැන්ත පාරිසරික හානියක් සිදුකර වනන්තර විනාශ කරමින් ඇළ වේලි ඉදි කිරීම මෙහෙදී සිදුවේ.

විශේෂයෙන් වයඔ, උතුර හා උතුරු මැද පළාත්වල වැව් රක්ෂිත ගණනාවක් හා වනාන්තර ප්‍රදේශ ගණනාවක් මෙම ව්‍යපෘතිය නිසා විනාශ වන අතර පුරාණ වාරි කර්මාන්තයේ එල්ලංගා පද්ධති ගණනාවක් සහමුලින්ම විනාශවේ.  පුරාණ වාරිමාර්ග ජාලය අවුල් ජාලාවක් බවය පත්කරන මෙම ව්‍යපෘතිය නිසා කුඩා මස්වැල්ලාව, මහ මස්වැල්ලාව , රන්පත් විල,  සියඔලා වැව, තම්මැන්නා කුලම්, පලාතොට වැව, කුඩා පට්ටිය දිවුල් වැව, කාපිරි ගම වැව,  ඇහැටු වැව, කොන් වැව,  පත්තක්කා වැව, දික්වැව, ගුරළු පොත වැව සහ වයඔ පළාතේ මී ඔය අශ්‍රිතව ඇති  හා තවත් කුඩා වැව් 700ක් පමණ එල්ලංගා පද්ධති හා ඒ අවට ප්‍රදේශ ගණනාවක වනන්තර මෙම ව්‍යාපෘතිය නිසා විනාශ වේ.

පුරාණ වාරි කර්මාන්තයේ ජල කළමණාකරනය සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ මෙම වාරි පද්ධති තෙත් භූමි ලෙස සුවිශේෂි කාර්යක් ඉටු කරනු ලබයි.  එමෙන්ම වියළි කාලයේදී   ජලය ගබඩාකර ගැනීම සඳහාද පාරිසරික වශයෙන් එල්ලංගා පද්ධතිය වැදගත්වේ. එලෙස සුවිශේෂි කාර්යක් ඉටුකරන එල්ලංගා පද්ධති නැවත පණගන්නවා වෙනුවට මෙම වාරි රාටාව වෙනස්කර කරන විනාශයේ ප්‍රතිඵල මෙම ප්‍රදේශවල ජනතාවට පමණක් නොව මුළු රටටම බලපානු ඇත. මෙය ඉතිහාසයේ දැවැන්තම පාරිසරික විනාශය බවට පත්වන බවට කිසිදු සැකයක් නොමැත.

වර්තමානයේ මෙරට ඉදිකළ මහා පරිමාණ ජලාශ ඇළ වේලි කිසිවක් බලා පෙරොත්තු වූ ප්‍රගතියෙන් අඩකටවත් ළඟා විමට බැරිවී තිබේ. එසේ තිබියදී නැවත නැවතත් මෙවන් විනාශ  කිරීමෙන් මෙරට ජනතාවට හෝ  පරිසරයට සිදු වන සෙතක් නොමැත.

මොරගහ කන්ද කළු ගඟ ව්‍යාපෘති ඉදි වන්නේත් NCP ඇළ උතුරට හැරෙන්නේත්  පොලොන්නරුවට ජලය ගෙන යන ප්‍රධාන වාරි පද්ධතිය වන ඇලහැරට ඉහළින්ය. එමෙන්ම පොලොන්නරු ප්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය වන ඇළහැරින් ජලය ගෙන යන සුදු කන්ද වැටියෙන් හා කොදුරුවාව කඳු වැටියෙන් දෙපස ආවරණය වූ වාරි පද්ධතිය පරාක්‍රම සාගර ඇළ මාර්ගය  , අංගමැඩිල්ල, අහස් ගඟ, මින්නේරිය,  පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල , කන්තලේ , වෙන්රාස කුලම් හා ත්‍රීකුණාමලයෙන් මුහුදට වැටෙන තෙක් වූ වාරි පද්ධතිය  දැඩි අර්බුදයකට ලක්වන අතර  මොරගහ කන්ද , කළු ගඟ ව්‍යාපෘති හරහා උතුරු මැද වාරි ඇළට ජලය හැරවූ විට ඇළහැරින් ඉහත ජල මාර්ග වලට යන ජල ප්‍රමාණය අඩු වේ.

දැනටමත් පොලොන්නරුව ඇතුළු ප්‍රදේශවල ජනතාවගේ වගා බිම්වලට අවශ්‍ය තරම් ජලය ලබා නොදෙන අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් උතුරට ජලය හැරවූ විට මෙම ප්‍රදේශවලට ලැබෙන ජලය තවත් අඩුවේ. මෙයින් මෙම ප්‍රදේශවල පාරාම්පරික ගොවීන් මෙන්ම 1960 පසුව බලහත්කාරයෙන් පදිංවි කළ ගොවි ජනතාවද අර්බුදයට ලක්වේ.

මෙම ඇළ පාරිසරික වශයෙන් පමණක් නොව   සමාජීය වශයෙනුත් ප්‍රශ්න ගණනාවක තවත් ආරමිභයකි. උතුරු මැද වාරි ඇළ ඔස්සේ අනුරාධපුරයට හා පොලොන්නරුවට ලැබීමට තිබෙන ජලය යාපනයට හැරවූ විට ජල හිඟයට මුහුණ දෙන අනුරාධපුර , පොලොන්නරු ඇතුළු ප්‍රදේශවල ජනයා හා උතුරේ   ජනයා අතර  ජලය මුල්කරගන ගැටුම් ඇතිවීමේ  ඉඩකඩ මෙමගින් විවර කරදෙනු ලබයි.  මෙම ලෝක බැංකු බෙදුම් ඇළෙහි  පරමාර්ථය එයයි.  යුද්ධය නොමැති නම් හිලරි ක්ලින්ටන්ලාට හෝ ඇමරිකානු ආයුධ නිෂ්පාදන සමාගම්වලට ලාබ ලැබීමට බැරිය. සිරියාව දෙකඩ කිරීමට ඔවුන් 2013 සිට භාවිතා කරන උපක්‍රමයම අද දවසේ ලංකාවේද ක්‍රියාත්මක කරමින් සිටී.

ලොව පුරා මෙවන් සිදූවීම්වලට ඕනෑ තරම් උදාහරණ තිබේ. 1945 වසරේ ඉංදියාවේ පංජාබ් ප්‍රාන්තය හා ඒ අවට ගම් බටහිර ආක්‍රමණිකයන් විසින්  කොටස් දෙකකට වෙන් කරන ලදි. ඒ එක් කොටසක් පාකිස්තානය  ලෙසත් අනික් කොටස ඉන්දියාවට අයිති වන ලෙසත්ය. පන්ජාබ් යනු ගංගා පහේ භූමිය යන්නයි. පාකිස්තානයට ප්‍රධාන වශයෙන් ජලය ලැබෙන්නේ ඉංදු , චෙනාබි හා ජෙලුමි යන ගංගාවලිනි. එයිනුත් වැඩි ප්‍රමාණයක් ජලය ලැබෙන්නේ ඉංදු ගංගාවෙනි. පසු කාලීනව ඉන්දියාව විසින් ඉන්දු , රවි, බෙයාස්, සතුල්ජී යන ගංගාවලින් ඇළවේලි බැඳ හරස් කර ඉන්දියානුවන්ට අවශ්‍ය ජලය ලබාගන්නා ලද අතර  එමගින් පකිස්ථානයට යන ජල ප්‍රමාණය අඩු විය.

 ඉන්දියානු පාකිස්තාන් යුද්ධය ආරම්භ වන්නේ මෙම ජල ගැටලුව මූලික කාරණයක් කරගනිමින්ය. අද දවස වන විටිත් ඇළ වේලි විශාල සංඛ්‍යාවක් බැඳ පාකිස්තානයට ගලායන ජලය ඉන්දියානු රජය විසින් හරස් කොට ඇත. එය පාකිස්ථානය දේශපාලනිකව පරාජය කිරීමට භාවිතා කරන යුද උපක්‍රමයක් ලෙස ඉන්දියාව   භාවිතා කරයි. අනෙක් අතින්  වේලිවල රඳවා තබා ඇති ජලය වැසි කාලයේදි එක්වරම නිදහස් කිරීම මගින් පාකිස්තානයට කෘතිම ගංවතුර ඇති කිරිම වැනි අමානුෂික ක්‍රියා ද  සිදු කරයි.   ජලය මුල් කර ගනිමින් ඇති වූ පාකිස්තානු ඉන්දියානු යුද්ධය අපට දෙන උදාහරණය නම් උතුරු මැද වාරි ඇළ විසින් නිර්මානය කරන්නට යන්නේ එවන් වටපිටාවක්ද යන වගයි.

උතුරේ ජනතාවට ජලය ලබාදීම අත්‍යාවශ්‍ය කරුණකි. ඒ සඳහා කළ යුතු හොදම ක්‍රියාමාර්ගය වන්නේ මන්නාරමේ  යෝධ වැව , ඉරණමඩු වැනි මහ වැව් හා ඒ අශ්‍රිතව ඇති  කුළු වැව්, දන වැව් හා ගම් වැව් නැවත ප්‍රතිසංස්කරණය කිරීම හා ඇලෙව්ලි ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශයේ ජල ගබඩාව සුරක්ෂිත කිරිමයි. උතුරේ ජනතාව කෙදිනකවත්  මහවැලි ජලයෙන් යැපුණේ නැත. ඔවුන්ටම ආවේණික වූ ජල සංරක්ෂණ ක්‍රියාමර්ග ඔවුන් විසින් භාවිතා කරන ලදි. ඒ අනුව යාපනයේ ජනයා පෙරදී  භාවිතා කරන ලද  පොකුණු 1000කට වැඩි ප්‍රමාණයක් යුද්ධය සමඟ විනාශ වී ගොස් ඇත. මෙම පොකුණු ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීමට පුළුවන .  පෙරදී මෙන්ම වර්තමානයේදී ද  වර්ෂා කාලයේදී වැලි කොට්ට දමා කලපු හරස් කර ගත් ජනයා  ජලයේ ලවණතාවය වැඩි වන තෙක් එම ජලය භාවිතයට ගනී.

රජය කළ යුත්තේ මෙම ජල සංරක්ෂණ ක්‍රියා මාර්ග ආරක්ෂා කරමින් සොබාදහම හා ජනයාත් එම වටිනාකමුත් ආරක්ෂා කිරීමයි. අනෙක් අතට  පාරම්පරිකව ජලය ලබාගන්නා ක්‍රමවේද තිබියදි ඒවා විනාශ කිරීම මගින් අද මහවැලි ගොවියා මුහුණ දෙන සමාජිය හා පාරිසරික අර්බුදයට උතුරේ ජනතාව මෙමගින් ඇද දමනු ලබයි.

ලෝක බැංකු ණය මත ඇළවේලි  නිර්මාණය කළත් රජයට වර්ෂාව හෝ ජලය නිර්මාණය කිරීමට බැරිය. දහස් ගණන් වනාන්තර භූමි මධ්‍යම කදුකරයේ හා රටේ අනෙක් ප්‍රදේශ ලව විනාශ වන විට වර්ෂාව ඇදගන්නා හා භූගත ජලය රකින වනාන්නතර විනාශ වී යයි. එසේ වූ විට උතුරට ජලය දෙන්නේ කෙසේද?

අනෙක් අතින් උතුරු මැද වාරි ඇළ තන්නනේ උතුරේ ජනතාවට ඇති අප්‍රමාණ  වූ දයාව නිසා නොවේ.  මෙම ඇළ ගෙන යන ප්‍රදේශ වල ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක්  ආර්ථික බෝග වගාව වෙනුවෙන් ලබා ගැනීමට රජය  මේ වන විට සැලසුම් කර ඇත.   කන්තලේ උක් වගාව තවත් ප්‍රමාණයකින් වගා බිම් වැඩි කරන අතර  උතුර හා උතුරු මැද ප්‍රදේශ ගණනාවක  උක්, රටකජු, කජු,  ග්‍රීන් ගෑම් , ෆාම් අපනයනය කළ හැකි එළවළු හා පලතුරු උදාහරණයක් ලෙස කැවෙන්ඩිස් කෙසෙල් වැනි බෝග වගාව සදහා අනුරාධ පුරය , වව්නායාව , මන්නාරම ප්‍රදේශවලින් කැලෑ ඉඩම් ලබා ගැනීමට හා ඒවා බහු ජාතික සමාගම් ඇතුළු සමාගම්වලට ලබාදීමට ජාතික භෞතික සැළසුම අනුව සැළසුම් කර ඇත. එම වගාවලට අවශ්‍ය ජලය සැපයීම මෙම උතුරු මැද වාරි ඇළේ ප්‍රධාන අරමුණයි.

 එයට අමතරව  උතුර මැද වාරි ඇළට සමගාමීව උතුරු මැද , වයඔ හා උතුර ප්‍රදේශවල   වැව් 1000ක් ආර්ථික ඒකක වශයෙන් හදුන්වා දීම  සිදුකරන අතර එම වැව් 1000 ක් ජලය ආර්ථික බොග වගාව සදහා යොදා ගනු ලබයි. කෙටියෙන්ම කිවහොත් වැව් හා ජලය පෞද්ගලීකරණයට මීට සමගාමී සිදු වේ.

එවිට අවට ප්‍රදේශවල ජනතාවට සිය ගොවිතැන් බතට  ජලය ලබා ගැනිම ගැටලුවක් වනවා මෙන්ම ආර්ථික වශයෙන් හා සමාජිය වශයෙන් මෙම ප්‍රදේශ විනාශ වීමත්, අලි මිනිස් ගැටුම ඇතුළු තවත් පාරිසරික ආර්බුද මේ ප්‍රදේශවල නිර්මාණය වීමත් නෙවැළක් විය හැකිය.

ලෝක බැංකුව හා බහු ජාතික සමාගම් සැනසීම වෙනුවෙන් ලංකාවේ  ජනවාර්ගික ගැටුම් ඇති කිරිම හා ස්භාවික සම්පත් සූරා කෑම පසුගිය රජය මෙන්ම වර්තමාන රජයත් සිදුකරමින් ඇත.  උතුරු මැද වාරි ඇළ නිසා සිදුවන දැවැන්ත ඉඩම් මංකොල්ලය හා ජලය විකිණීමේ ක්‍රමාණුකූල සැලසුම සිංහල හා දමිළ ජනයා තවතවත් අනාථයින් බවට පත්කරනු ඇත.

රටකට ජනපතිවරුන් හෝ අමාත්‍යමණ්ඩලයක් තෝරාපත් කර ගන්නේ භූමිය ඇතුළු ස්වාභාවික සමිපත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හා සමාජය සුරක්ෂිත කිරීම වෙනුවෙනි. නමුත් උතුරු මැද වාරි ඇළ ව්‍යපෘතිය නිසා වයඹ , උතුර හා උතුරු මැද ජනයාට ජීවත් වීමට ඇති ඉඩමි හා වටිනා පරිසර පද්ධති විදේශිය සමාගම්වලට බදු දීම පමණක් නොව ඔවුන්ගේ විශාල ගොවි ව්‍යාපාර වෙනුවෙන් සමස්ත ජල ශිෂ්ඨාචාරයම වනසා එම ඉඩමි වලට අවශ්‍ය ජලය  සැපයීමත් මෙමගින් සිදුවේ.

මෙරට ජනයාගේ හා පරිසරයේ අවශ්‍යතා තුට්ටුවකට මායිමි නොකර ඉබාගාතේ නටන ලෝක බැංකු රූකඩ වෙනුවෙන් සොබාදහම හා ජන සමාජය පවා දීම වෙනුවට මෙම සිදුකරන විනාශය අප විසින්ම වළකාගත යුතුය.

රවීන්ද්‍ර කාරියවසම්

පරිසරවේදී

සොභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය



අදහස් (9)

කඳුරට වතුරටික උතුරට හැරවීම තවත් අර්බුදයක ආරම්භයද

kumar (galf) Tuesday, 15 August 2017 11:28 AM

ගල්ඔය ව්‍යාපාරය කළා වගේ වගේ හොඳ තාක්ෂණයෙන් දියුණු රටකට දීලා කලොත් හොඳා, නැතිනම් අර ඉරානේ වගේ නොදන්නා අය ඇවිත් මේකත් කාලා දාය්.

:       19       30

ලකී Wednesday, 16 August 2017 06:20 AM

ඔබතුමා ඉදිරිපත් කරන් විකල්ප යෝජනාව කුමක්ද? විවේචනය් ඉදිරිපත් කිරීමේදී ඊට වික්පලද යෝජකයා ඉදිරිපත් කළ යුතුය. අවාසනාවට එය අපේ රටේ සිදු නොවන්නකි. දැනටමත් රටේ උතුරු මැද, නැගෙනහිර, වයඹ, උතුරු පළාත් වලට මාස 8ක සිට පවතින්නේ දැඩි නියඟයකි. වගා කටයුතුවලට තබා බීමටවත් වතුර හිඟය. ඒවැනි තත්වයක් තුල ඔබ ප්‍රායෝගික විකල්පයක් ඉදිරිපත් කළ යුතුය.

:       49       143

shanikaWednesday, 16 August 2017 07:29 AM

ඔබ හොදින් මේ ලිපිය කියවල නැහැ.ආයෙමත් කියවල බලන්න ඔහු විකල්ප ඉදිරිපත් කරලා තියෙනවා.

:       0       16

නාවල උපුල් Wednesday, 16 August 2017 06:42 AM

මේක හරිම අසාර්ථක ප්‍රයත්නයක්. රන්දෙණිගලට එන්නෙ මහවැලියෙ වතුර. මහවැලියෙ වතුර ප්‍රමාණය මහවැලි ව්‍යාපාරය දුවවන්නවත් මදි. එ් වතුරෙන් මුලු උතුර සහ උතුරු මැද ම ස්වයංපෝශිත කරන්න හදන එක කරන්න බැරි වැඩක්. ලංකාවෙ වැඩිපුරම වතුර තියෙන්නේ තෙත් කලාපය හරහා ගලන කැලණි සහ කලු ගංගා වල. වැඩිපුරම භාවිතයට නොගන්නෙත් මේ ගංගා දෙකේ වතුර. එ් ගංගා උතුරට හරවන්නත් බැහැ පිහිටි විදිය අනුව. ලංකාවට හරියන්නේ ගංගා හරවන එකට වඩා, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තියන පුරාණ වැව් ප්‍රතිසංස්කරණය කිරීම, වැව්‍ ඉහත්තාවල් අධි රක්ෂිත කරල, ජාතික වනාන්තර අධි රක්ෂිත කිරීම මගින් පොලොවේ රදන ජල ප්‍රමාණය වැඩි කර ගැනීම. අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් එකම දේ, තව වසර 100ක් යන්නත් කලින්, අර්ධ කාන්තාරයක් වෙන එක පමණයි.

:       20       14

AthulaThursday, 17 August 2017 04:28 PM

ඔබතුමාට බොහොම ස්තුතියි මෙම ලිපිය පලකිරීම සම්බන්දව. මේ වන විට පවතින අර්බුද වලටවත් විසදුම් සොයාගැනීමට නොහැකි ආණ්ඩු තිබෙන අපේ රටේ අලුත් ප්‍රශ්නයක් ඇතිවීම වැලැක්වීමට පියවර ගත යුතුය. උතුරට වතුර නැති ප්‍රශ්නයට කැළණි ගග සහ කලු ගග උපයෝගී කරගෙන අති විශාල නල මාර්ග ඔස්සේ උතුරට සහ රජරටට ජලය ගෙනයාමට පිළිවන ඒ සදහා අපේ රටේ වාරි ඉන්ජිනේරුවරු සිටියි අවශ්‍යවන්නේ දේශපාලන මැදිහත්වීම පමනි. මෙය හිරු එලිය යොදාගෙන උවද කල හැක

:       0       0

විජිත් Wednesday, 16 August 2017 08:24 AM

අපේ ලස්සන රට කන්නටම උපන් දේශපාලකයිනේ, මේ පිටුවේ කියලා තියෙන දේවල් කියවලා තේරුම් ගන්නට තරම් " බුද්ධියක් " ඔබලාට නැතිබව මම හොඳින්ම දන්නවා. එදා මෙදා තුර අපේ රටේ සිදුවුණ සියලුම පරිසර විනාශයන්වලට වගකිව යුත්තේ අපේ රටේ සිටි - තවමත් සිටින සියළු බුද්ධිය හීන, අන්ත දූෂිත දේශපාලකයන්මය. ඒ වගේමයි ඒ දූෂිතයින්ව රකින, ඔවුනට ඡන්දය දෙන... අරක්කු භාගයට, රුපියල් 1000 ට, චීත්ත රෙදි කෑල්ලට, සිල් රෙද්දට වශිවුණු අපේම අහිංසක නුගත්, දුප්පත් බහුතරයක් මහා ජනතාවත් වගකිව යුතුයි. මේ සියල්ලටම හේතුව අපේ රට වසාගෙන සිටින " දුප්පත්කමයි ". කෙසේවෙතත් රවීන්ද්‍ර වැනි පරිසරයට දැඩිවම ආදරය කරන පරිසරවේදීන් කිහිපදෙනෙක් හෝ අපේ රටේ සිටීම වාසනාවක්....

:       6       114

W.S.WIMALASURIYA ([email protected]) Wednesday, 16 August 2017 09:25 AM

මම පත්තරේ ගත්තට මේ ලිපිය තිබුණේ නැහැ.

:       5       3

Su Silva Friday, 18 August 2017 12:06 AM

මේ ලිපිය පරෙස්සමෙන් තිය ගන්න. කවද හරි මේ කියන කරුණු සිදුවෙලා ප්‍රශ්මන් එනකොට අගේට පෙන්නල් දෙනෙන් පුළුවන් මේ කරුණු නොසලකු එකේ ප්‍රතිපලය. සංවර්දනය කිව්වට හෙම එකම සංවර්දන ව්‍යාපාර නෙමේ. මේ කියන විදෙස් උගුල් වල සහතික අත්තක් තියෙනවා. යහපාලන උගුලම තම මේ ක්‍රියාත්මක වෙන්නේ. මේක වහාම නතර කරන්න වෙනවා. ලංකාවේ සිංහල ජනතාව සිහිමොලේ ඇතිව ක්‍රියා නොකලොත් සිනහල්යට යන්න වෙන රටක් නැත. චන්දෙ දෙනකොට අට 8 කට සහ බොරු බේගල් වලට රැවටෙන්න එපා. 2015 වුනු දේ නැවත කරනොගෙන රට රැකීම් පෙරට ගන්න සිංහලයට බැරිවුනොත් සේරටම දෙවුන්දරින් මුදේ පන්නින්න වෙයි.

:       0       0

sunil Friday, 18 August 2017 01:36 AM

උතුරේ හා උතුරු මැද ජාල හිඟයට ප්‍රයෝගික විකල්පයක් ඉදිරිපත් නොකර අතුරු ගැටළු පමණක් හුවා දැක්වීමෙන් වැඩක් නැත. සුපුරුදු කුමන්ත්‍රණ භීතිය ඇවිලීමෙන් හාන්සි පුටු ජාති වාදීන්ට මිස ප්‍රශ්නයට ගොදුරු වන දුප්පත් ජනයාට ප්‍රයෝජනයක් නොවේ. පැවතුන පැරණි ජලානයන පද්ධතිය වටිනා එකක් බවට සැකයක් නැත. නමුත් විශාල පරිමාණ ගොවිතැනටත් වැඩිවන ජනගහනයටත් අවශ්‍ය ජලය සපිරීමට එය අපොහොසත්ය. එයට අමතරව ඉදිරිපත් කෙරෙන එන්සීපී සැලැස්මේ අඩුපාඩු පෙන්වාදී පැරණි පද්ධතිය හා ඵලදායී ලෙස සමෝධානිත කෙරෙන උපාය මාර්ගයක් යෝජනා කළා නම් කොයි තරම් නිර්මාණ ශීලීද? පාරිසරික ගැටළු අවම කිරීමේ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් නොකර පහසු විරොධය පෑම වගකීමක් ඇති පරිසර වේදීන්ගේ කාර්ය භාරය නොවේ.

:       36       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 334 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 80 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 660 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 312 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 129 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 340 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site