(ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල)
මහ දවල් නිවසකට පැන සොරකමක් සිදුකොට එළියට එද්දී මෙම නිවසේ පදිංචි කුඩා දරුවෙකු දහම් පාසල් ගොස් පැමිණ ඇති අතර දරුවා දුටු සොරා දරුවාට වැඳ සමාවගෙන සොරකම් කළ මුදල් කැටයක් ද දරුවා අත තබා සිද්ධිය කාටවත් නොකියන ලෙස ආයාචනාකොට එම ස්ථානයෙන් පිටවී ගිය පුවතක් තලාතුඔය හේවාවිස්ස ප්‍රදේශයෙන් වාර්තා විය.

හේවාවිස්ස ප්‍රදේශයේ නිවසක දොර කඩා ඇතුළු වී නිවසේ තිබූ පිහියක් ආධාරයෙන් අල්මාරියක් කඩා එහි තිබූ රුපියල් එකොළොස් දහසක මුදල්, කැටයක් හා මාලයක් සමග මුද්දක් ද සොරකම්කොට ඇත. මෙම මාලය සහ මුද්ද රත්‍රං බවට ඔහු සිතා සිටිය ද පසුව එය ඉමිටේෂන් එකක් බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත. කැටය තුළ මුදල් රුපියල් එක්දහස් එකසිය විස්සක් ද තිබූ බව පොලිසියේදී හෙළි වී ඇත.
මෙම සොරකම කොට ඔහු නිවසින් එළියට එනවාත් සමග මෙම නිවසේ පදිංචි දරුවෙකු දහම් පාසල් ගොස් පැමිණ ඇත. එය දුටු සොරා මෙම දරුවාට වැඳ සමාව ගෙන මුදල් කැටය ඔහු අත තබා විගස එම ස්ථානයෙන් පිටවී ගොස් ඇත. මව පැමිණි පසු දරුවා විසින් සිද්ධිය මවට පවසා ඇති අතර මව තලාතුඔය පොලිසියට මේ බව දන්වා ඇත.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේකෝන්, උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත, උප පොලිස් පරීක්ෂක සමරකෝන්, උප පොලිස් පරීක්ෂක විතාරණ, පොලිස් කොස්තාපල් 38575 බණ්ඩාර යන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත. සැකකරු පෙරේදා (2) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි දරුවට කරදරයක් නොකර ඔහොම කරපු එක ලොකු දෙයක්... අද කාලේ අහන ඒවායේ හැටියට.