IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


හේත්තුව දාන්න ආ නාකි මනමාලයා කතගේ උපායෙන් බසයෙන් එළියට

මගී ප්‍රවාහන බස් රථයක් තුළදී තරුණ කාන්තාවකට හේත්තුව දමා පෙම්සුව විඳීමට ගිය වයස්ගත මහත්මයෙකුට එම තරුණ කාන්තාව විසින් සිදුකළ අපූරු ක්‍රියාවෙන් වයස්ගත මහත්මයා අතර මගදී බසයෙන් බැසයෑමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


මෙම තරුණ කාන්තාව උදෑසන කුරුණෑගල නගරයට යෑම සඳහා නිකවැරටිය නගරයෙන් මගී ප්‍රවාහන බසයකට නැග්ගාය. මද දුරක් යන විට එම බසයට නැගුණ උසස් රැකියාවක නියුතු පෙනුමැති තරමක් වයස්ගත පුද්ගලයකු කාර්යාල බෑගයක්ද රැගෙන එම තරුණ කාන්තාව සිටි අසුනේම වාඩිවී ඇත.


ටික වේලාවක් ගතවන විට මෙම පුද්ගලයා තරුණ කාන්තාවට තුරුළු වී පෙම් සුව විඳින්නට මාන බලමින් සිට ඇත. හැඩවැඩ ඇති තරුණිය පිළිබඳව ලොල් වූ වයස්ගත පුද්ගලයා තරුණිය නතුකර ගැනීමට විවිධ දෑ කරමින් මහත් උත්සාහයක යෙදෙමින් සිටියේලු.


තරමක් ලජ්ජාශීලී වූ තරුණිය තම පියාගේ වයසේ වූ පුද්ගලයාගේ කරදර ද ඉවසමින් ටික දුරක් ගියාය. හදිසියේම අතර මගදී බසයට නැගුණේ කුඩා දරුවකුද උදරයේ එල්ලාගෙන මොනර පිහාටු මිටියක්ද අතින් ගත් කාන්තාවකි. එම අවස්ථාව වාසියට ගත් තරුණිය වහා ක්‍රියාත්මක වූවාය.


එන්න මෙතනින් වාඩිවෙන්න තරුණිය වහා නැගිට්ටයාය. අපිරිසිදු තත්ත්වයේ සිටි කාන්තාව තරුණියට සිනාවකින් සංග්‍රහ කර අසුනේ වාඩි වූවාය. මහත් ලජ්ජාවටත් අපහසුතාවටත් පත්වූ එම අසුනේ වයස්ගත අනංගයාට කර කියා ගැනීමට දෙයක් නොමැතිව බිම බලාගත්වනම සිටියේලු.


ටික වේලාවකින් අසුනින් නැගිටගත් වයස්ගත අනංගයා බසයේ සීනුව නාද කර අතරමගදී මහත් කනස්සල්ලෙන් බසයෙන් බැස ගත්තේලු. කිසිවක් නොදොඩා සිද්ධිය බලා සිටි අසල අසුන්වල සිටි පිරිස් නාකි මනමාලයාට හොඳ වැඬේ කියමින් සිනාසුනේලු.
(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)



අදහස් (0)

හේත්තුව දාන්න ආ නාකි මනමාලයා කතගේ උපායෙන් බසයෙන් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 465 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site