(ගල්ගමුව – නිහාල් ජයවීර)
සිය සැමියාට ඔහුගේ මව දක්වන ඇදහිය නොහැකි ආදරය නිසා මඟුල අතහැර ගිය තරුණ බිරිඳක පිළිබඳව තොරතුරු ගල්ගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් දැනගැනීමට ලැබිණි.
දැන ගැනීමට ලැබුණු පරිදි මේ පැමිණිලිකාර බිරිඳගේ වයස අවුරුදු විසි දෙකක් පමණ වේ. ඇගේ සැමියා විසි හතර වැනි වියේ පමණ පසුවෙයි. පැමිණිලිකාරියගේ නැන්දම්මා ද තාරුණ්‍යය ඉක්මවා නොගිය කාන්තාවකි. ඇගේ සැමියා ඇය හා එකම පුතා අත්හැර ගිය විට ඇය සිය කුඩා පුතු තම මවට බාරකොට විදෙස්ගත වූවාය.
කලක් විදෙස්ගතව සිටි ඇය යළි මව් රටට පැමිණ තම එකම පුතාට දුරබැහැර ප්‍රදේශයකින් තරුණියක විවාහකර දීමට කටයුතු කළාය.
විවාහක තරුණ යුවළක් ලෙස ඔවුන්ගේ ලෝකයේ නිදහසේ ජීවත් වීමට සිය නැන්දම්මා ඉඩ නොදෙන බවටත් තමන් දෙදෙනා කොතන සිටියත් නැන්දම්මා පැමිණ එබිකම් කරන බවටත් තරුණ බිරිඳ පොලිසියට පැමිණිලි කළාය. ඒ සියල්ල ඉවසා සිටි හැකි මුත් රාත්‍රියේ තමා හා සැමියා කාමරයේ නිදා සිටින විට නැන්දම්මා පැමිණ දොරට තට්ටුකර සැමියා ඇයගේ කාමරයට කැඳවාගෙන ගොස් ඇය ළඟ නිදිකර ගන්නවා ඉවසා සිටිය නොහැකි බවත් තරුණ බිරිඳ වැඩිදුරටත් පැමිණිලි කොට තිබේ.
මේ පැමිණිල්ල විභාග කොට කරුණු කාරණා සියලු දෙනාට අවබෝධ කරදී සමථයකට පත් කළ ද ඊට සතියකට පසු තරුණ බිරිඳ නැවත පොලිසියට පැමිණ පෙර පැමිණිල්ලම කළාය.
ඒ අනුව තිදෙනාම පොලීසියට ගෙන්වා කරුණු කාරණා විමසද්දී නැන්දම්මාගේ පෙර චර්යා වෙනස්ව නැති බව අනාවරණයවී තිබේ. මෙහිදී තරුණ සැමියා පවසා ඇත්තේ මවයි, බිරිඳයි දෙදෙනාම තමන්ට අවශ්‍ය බවය. ‘අම්මත් එක්ක නිදා ගන්නවා නම් ඔයා අම්මත් එක්ක ඉන්න. මං එක්ක ඉන්නවා නම් මං එක්ක ඉන්න’ යි තරුණ බිරිඳ කියා ඇත. ඊට සැමියාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඇය දීගය අතහැර සිය ගමට යන බව තරයේ ප්‍රකාශ කොට ඇත.
පැමිණිල්ල විභාග කළ සැරයන් අජිත් (48369) මහතා දෙදෙනා එක් කිරීමට කරුණු කාරණා කියා දුන්න ද ඉන් පලක් නොවූයෙන් ඒ බව පැමිණිලි විභාග පොතේ සටහන් කළේය. තරුණ බිරිඳ සිය ගමට යන බව පවසා පොලීසියෙන් පිටව ගියාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සැමියා නැන්දම්මාගේ ඇඳේ නිදිකරගන්නවාට බිරිඳ පොලීසි ගිහින්
bongo13 Saturday, 15 August 2020 11:39 AM
පවුලක් වුණාම බෙදාහදාගෙන ජීවත් වෙන්න ඕනෙ නේද?
Sudath Saturday, 15 August 2020 03:43 PM
ඒ කෙල්ල වෙන මොනවා කරන්නද? කොල්ලගේ අම්මව මානසිකත්වය වෙනස් කිරීමට යොමුකළො නැතිනම් ඔය කොල්ලට ජීවිතය බොහෝම අමාරු වෙනවා.
JayMonday, 17 August 2020 09:47 AM
ඔව්, මේක ලංකාවේ බොහොමයක් පවුල්වල තියෙන මම දැකපු ප්‍රශ්නයක්. සමහරක් පවුල් අවුල් වෙන්න මූලික හේතුවක් තමයි නැන්දම්මාගෙ තියෙන අසීමිත බැදීම.
පූජා Monday, 17 August 2020 11:58 AM
තමන්ගේම පුංචි කැදැල්ලක ජීවිතයේ සුන්දරම කාලය, ගෙවන්න තියෙනවා නම් මොන තරම් වාසනාවන්ත යුවලක්ද? ඒත් ඒක හිතන තරම් පහසු වෙන්නෙ නැත්තේ, සමහර මනමාලයින්ට රැවුලයි, කැඳයි දෙකම ඕන වෙන නිසා.
nuwanWednesday, 19 August 2020 06:27 AM
කොන්දක් නැහැනේ... තමන්ගේ කියලා දෙයක් හදාගෙන යන්නකෝ...