IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


මුදලට ගහක් කපන්න ඇවිත් ගෙහිමියාට වන්දියකුත් ගෙවලා

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
නිවෙසකට අනතුරක් වන ආකාරයෙන් පිහිටා තිබූ ගසක් කපා ඉවත් කිරීමට ගොස් නිවෙසට හානිවන අයුරෙන් එම ගස කපා දැමීම හේතුවෙන් වන්දියකුත් ගෙවා හිස් අතින් ගෙදර යාමට ගස් කපන්නෙකුට සිදුවූ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


නිවෙසක ඉදිරිපස මිදුලේ තිබූ විශාල අඹ ගසකි. එය නිවෙසට අනතුරුදායක බැවින් එය කපා ඉවත් කිරීමට ගෘහ මූලිකයා තීරණය කළේය. ඒ අනුව ඔහු ප්‍රදේශයේ සිටින ගස් කපන්නකු කැඳවා කටයුත්ත ඔහුට පැවරුවේය.


ගස කැපීමට පෙර එහි අතු කපා දැමිය යුතු වූ බැවින් ගස් කපන්නා සමඟ පැමිණි සහායකයා ගසට නැඟ අතු කපන්නට විය.


නිවෙස පැත්තට වන්නට තිබූ අතු ටික හනි හනිකට කපා දැමූ ඔහු ගසෙන් බසින්නට සූදානම් වන බව දුටු නිවෙස් හිමියාට දැක ගන්නට ලැබුණේ තවත් දිගු අත්තක් ඉතුරුකර ඇති බවයි. යම්කිසි ලෙසකින් ගස කපන විට කැරකී ගියහොත් එය වහලයේ වැදීමට ඉඩ ඇති බැවින් එම අත්ත ද කපා දමන ලෙස ඔහු ඉල්ලා සිටියේය. නමුත් ගස් කපන්නා එය ගණනකට නොගත්තේය. 


බිම සිටි ප්‍රධාන ගස් කපන්නා ද
“ඕක වදින්නෙ නෑ මහත්තය”_ කියමින් වහසි බස් කීවේය .
“වැදුණොත් අලාබ ගෙවන්න වෙයි”_ නිවෙස් හිමිකරු කීවේය.


“හරි, හරි, එහෙම වුණොත් බලාගමු” කියූ ඔවුහු ගස කැපුවෝය. නිවෙස් හිමිකරු කී ලෙසින්ම ගස කැරකී ගොස් දිගු අත්ත වහලයේ වැදී ඇස්බැස්ටස් තහඩුවක් කැඩී ගියේය.


කටඋත්තර නැතිවූ ගස් කපන්නෝ දෙදෙනා පිටවී ගියහ. ටික වේලාවකින් සෙවිලි තහඩුවක් ලොරියක පටවාගෙන පැමිණ එය වහලට සවි කළහ. ගස කැපීමට පොරොන්දු වූ මුදලට වැඩි මුදලක් ඒ සඳහා වැයවී තිබිණ.


මින්පසු මෙවැනි වැඩ කරන විට පණ්ඩිත නොවී අනෙක් අයගේ ද අදහස්වලට ඇහුම්කන් දෙන ලෙස අවවාද කළ නිවෙස් හිමිකරු අලාභ වූ මුදල ද ඔහුගේ අතින් ගෙවා දැම්මාලු.

 



අදහස් (0)

මුදලට ගහක් කපන්න ඇවිත් ගෙහිමියාට වන්දියකුත් ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 652 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 838 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site