IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනාවෙන් ආ වාසනාව මොහොතින් පියඹා ගිහින්

(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
 කොරෝනා වයිරසය ආසාදනයවීම වැළැක්වීමේ අරමුණෙන් වෙළෙඳසල නවීකරණය කිරීමත් සමගම සිය වෙළෙඳසලේ තිබූ පාරිභෝගික භාණ්ඩවලින් භාගයක් අහිමිවූ වෙළෙඳසල් හිමියකු ගැන දකුණේ නගරයකින් වාර්තා වේ.


 නගරයේ පාළු පෙදෙසක තිබූ වැඩි වෙළෙඳාමක් නොවූ වෙළෙඳසලකි. කොරෝනා ව්‍යසනය පැතිරයාමත් සමගම කොරෝනා වයිරසය මේ වෙළෙඳසල තුළට ඒමට නොහැකි ආකාරයට මේ වෙළෙඳසල නවීකරණය වූයේ ඊයේ පෙරේදාය. ඒ නවීකරණය කිරීමත් සමගම වෙළෙඳසල තුළට පාරිභෝගිකයන්ට පැමිණීමට නොහැකිව තිබිණ. 


එමෙන්ම වෙළෙඳසල් හිමියාටද හිතන තරම් ලෙහෙසියෙන් වෙළෙඳසලෙන් එළියට ඒමටද මේ නිසා නොහැකිවී තිබිණ. ඒ මදිවාට මුළු වෙළෙඳසල ඉදිරිපිටම විනිවිද පෙනෙන ඉටි කොලයකින්ද ආවරණය කර තිබිණ. වෙළෙඳසලේ තිබූ බඩු දීමටද වෙනම ස්ථානයක් සකස් කොට තිබිණ. 


 කැබ් රථයකින් මහත්තයකු මේ වෙළෙඳසලට පැමිණෙන්නේ ඔය වටපිටාවේදීය. මහත්තයා අත තිබුණේ රුපියල් විසි තිස්දහසක බඩු ලැයිස්තුවකි. ඒ බඩු ලැයිස්තුව වෙළෙඳසලේ මුදලාලිට දුන් විට ඔහුගේද දෑස් උඩ ගියේය. කාලයකින් මෙවැනි වෙළෙඳාමක් නොවූ නිසා ඔහු එම බඩු තොගය මහත්තයාට ලබාදීමට කටයුතු කළේය.


 හාල්, සීනි, පරිප්පු, සැමන්, ආදී භාණ්ඩ තොගයක් මහත්තයාගේ මේ ලැයිස්තුවේ තිබූ අතර ඒ සියලු‍ම භාණ්ඩ පැකට් හා ඇසුරුම් කළ ඒවාය.


 මුදලාලි, මහත්තයාට භාණ්ඩ පැකට් එකින් එක දුන්නේය. මහත්තයා එම භාණ්ඩ තමා ආ කැබ් රථයේ බොහෝම පරිස්සමට ඇසුරුම් කළේය. සියල්ලම නිමවූ පසු මුදලාලිට බඩුවල මුළු වියදම බලන ලෙස දන්වා කැබ් රථයේ ඇති මුදල් පසුම්බිය ගෙන එන්නම් යයි කියමින් එළියට බැස්සේය. 


 මුදලාලි ගත් බඩු ලැයිස්තුවේ මිල ගණන් හදමින් සිටියේය. ඒ සමගම කැබ් රථය මහත්තයා පණගන්වා රැගෙන ගියේය. වාහනය යන ශබ්දය ඇසී මුදලාලි බැලූවිටත් මහත්තයා බොහෝ දුරක් ගොසිනි. මුදලාලි කඩෙන් එළියට එන විටත් කැබ් රථය පෙනෙන්නවත් නොතිබූ නිසා එහි අංකයවත් ලියාගැනීමට ඔහුට බැරිවිය.


 කොරෝනා හැදුණානම් මේ තරම් අලාබයක් තමන්ට නොවෙන්න තිබුණා යයි මුදලාලි සුසුම් හෙළමින් සිටියි.

 



අදහස් (1)

කොරෝනාවෙන් ආ වාසනාව මොහොතින් පියඹා ගිහින්

දිමුත් Wednesday, 13 January 2021 06:55 AM

ඕවාට නං සහ ගහනවා.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site