
අතිශය ජනප්‍රිය හොලිවුඞ් ක්‍රියාදාම නළු සිල්වෙස්ටර් ස්ලැටෝන් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතරේ හමුවක් වතිකානයේදී පැවැත්විණි.
77 හැවිරිදි හොලිවුඞ් සුපිරි තරුව, පාප්තුමන් හමුවූයේ ඔහුගේ බිරිඳ ජෙනිෆර්, දියණියන් වන සෝපි, සිස්ටීන්, ස්කාලට් සහ සොහොයුරා ෆ්රෑන්ක් ද සමගය.
‘මා ඔබේ සිනමා නිර්මාණ නරඹා තිබෙනවා.’ යැයි පාප්තුමන් ස්ටැලෝන්ට පවසද්දී, ස්ටැලෝන් පාප්තුමන්ට ස්තුතිය පුද කළේය.
ස්ටැලෝන් ඉතාලි සම්භවයක් ඇති ඇමෙරිකන් නළුවෙකි. ඔහුගේ පියා සංක්‍රමණිකයකු ලෙස ඇමෙරිකාවට ගොස් ඇත්තේ 1930 දශකයේය.
ස්ටැලෝන්ගේ පියාගේ උපන් නගරය ලෙස සැලකෙන්නේ ඉතාලියේ ‘ජියෝයා ඩෙල් කෝලේ’ නගරයයි. පාප්තුමන් හමුවීමෙන් පසු එම නගරයට ගිය ස්ටැලෝන්ට සහ සොහොයුරා ෆ්රෑන්ක්ට මහ ඉහළින් පිළිගැනීමක් ද හිමිවිය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොලිවුඞ් නළු ස්ටැලෝන් පාප්තුමන් හමුවෙලා
Bamunuarachchi Sunday, 10 September 2023 10:41 AM
එහෙනම් පර්ලි ගේට්ටුවේ නැවතිලා සාන්ත පිතර් තුමාට උත්තර දෙන්නේ නැතුව කෙලින්ම ස්වර්ගෙට යන්න පුළුවන්.