ඉන්දුනීසියාවේ  දරුණු ළැව්ගිනි ව්‍යාප්ත වෙමින් පවතී. ළැව් ගිනි පැතිර යන්නේ, ඉන්දුනීසයාවට අයත් සුමාත්‍රා දූපතේ සහ බෝනියො දූපතේ කලිමන්තන් පළාතේය.

ලක්ෂ ගණනක් මෙම ළැව් ගිනි නිසා පීඩාවට පත්ව සිටින බවත් ළැව් ගිනි දුමාරය හේතුවෙන් රෝහල්ගත කළ ගණන 1000 කට වැඩි බවත් පැවැසෙයි.

ඉන්දිනීසියාව යනු දූපත් රාජ්‍යයකි. ඉන්දුනීසියාවේ ළැව් ගිනි දුමාරය මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය ඇතුළු කලාපීය අසල්වැසි රටවල ද ව්‍යාප්ත වෙමින් පවතී. ගුවන් ගමන් කටයුතු ද අඩපණ වී ඇතැයි පැවැසෙයි.