IMG-LOGO

හිරු ගවේෂණයට යන ඉන්දීය යානය සෙල්ෆි ගහලා

ඉන්දියාව හිරු ගවේෂණයට යැවෙන, ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, එහි කැමරාව භාවිතයට ගනිමින් සෙල්ෆි ඡායාරූප ලබා ගෙන ඇති බවත්, ඒවා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ට එවා ඇති බවත් වාර්තා වේ.

‘ආධිත්‍යා එල්.1’ හිරු අසලටම නොයයි. යානය රැඳවෙනු ඇත්තේ හිරු සහ පෘථිවිය අතරේ ඇති, තාරකා විද්‍යාඥයන් විසින් ‘ලග්‍රාන්ජ් පොයිට්’ යන නමින් හැඳින්වෙන ස්ථානයේය.

මෙම ස්ථානය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක් දුරිනි. මෙම ස්ථානයට යෑමට ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානයට දින 125 ක් ගතවෙයි.

‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, අභ්‍යවකාශය හරහා ‘ලග්‍රාන්ජ් පොයිට්’ යන වෙත යන්නේ පෘථිවි කක්ෂයේ රැඳෙමින්, පෘථිවිය වටා යමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගැනීමෙන් පසුවය.

ඉන්දියාව, හිරු ගවේෂණයට රොබෝ යානයක් යවන පළමු අවස්ථාව වන්නේ මෙයයි.



අදහස් (2)

හිරු ගවේෂණයට යන ඉන්දීය යානය සෙල්ෆි ගහලා

චින්ටේ Friday, 08 September 2023 07:52 AM

අපි යවපු රොකට් එකත් ඔය පැත්තට තමයි යන්න ඇත්තේ. සෙල්ෆි ගහපුවා තවම එව්වේ නැත්තේ ඇයි දන්නේ නෑ...?

:       2       1

Bamunuarachchi Friday, 08 September 2023 09:43 AM

සෙල්පි ගහන්න ගිහිල්ලා ඉර ඇතුලට වැටුනොත් තමයි සෙල්ලම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site