
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ පැවැති සාකච්ඡා ඵලදායී වූ නමුත්, පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි විය.
මෙසේ පැවැසුවේ, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ය. ඒ, සාකච්ඡාවලින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
'සාකච්ඡා කළත් එකඟතාවක් ඇති කර ගැනීම සිදු වුණේ නැහැ. මීළගට මම යුරෝපා රටවල නායකයන් සමගත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමගත් කතා කරන්න සූදානම්' යැයි ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකු සාකච්චාවකට එන්නේ අනිකා කියන දේවල් වලට එකඟතාවය පලකරන්න නොවේ.
ඩෝ පුටින් ඕනවට වඩා ෂෝ දාන්න යන්න ඵපා. ඔයාලා රටවල් මංකොල්ල කාලා තමයි අද ලොක්කෝ වගේ ඉන්නේ. ඕවා හැමදාම කරන්න බැරිවෙයි ඩෝ පුටින්....
නොබෙල් තෑග්ග නම් හම්බ වෙන්නේ නෑ.
ට්‍රම්ප් සහ පුටින් අතර මෙම සාකච්ඡා යොජනා කල දින පටන්ම මුළු ලෝකයම දැන සිටියේ, එය "නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල්..." කථාවයි ! සටකපට, මිනීමරු, ඒකාධිපති සූත්තර පුංචෙක් වන පූටින් යුක්රේන යුද්ධය හිඟන්නාගේ ඔඩු දුවන තුවාලය කරගෙන, එරට මුළුමනින්ම රුසියානු පාලනයට නතු කර ගැනීම ඔහුගේ ඒකායන අරමුණ බව නොතෙරුනේ ට්‍රම්ප්ට පමණක්ද? ඒකාධිපති රුසියානු පාලනයට එරෙහිව, යුධ විරෝධී මුළු යුරෝපයම, අසරණ යුක්රේනය සමග එකාමෙන් අත් වැල් බැඳගත් දිනට, පූටීන්ට වන්නේ ඇදුම්වල චූ හලාගෙන භූගත බංකරයකට ඇතුළුවී, හිට්ලර් මෙන් තම හිසට, සියතින්ම උණ්ඩ කිහිපයක් ඇතුළු කර ගැනීම පමණි ! එම ප්‍රීතිමත් දිනය ඉතාම ළගදීම උදාවෙලා කියා, සාමය පතන, මුළු ලෝකයම ඇගිලි ගනිමින් සිටියි...!
ආයෙත් පාරක්, මිනීමරු, ඒකාධිපති පූටීන්, ලෝක බලවතා වන... "ට්‍රම්ප් තප්පුලන එහෙත් වැඩ බැරි ගොන් තඩියෙක්" බවට ලෝකය හමුවේ නියමෙටම ප්‍රදර්ශනය කර තිබෙනවා... පව් අනේ පව්... ට්‍රම්ප්ගේ "නොබෙල් සාම ත්‍යාග " සිහිනය, ඇලස්කාවේ දියවී යන හිම කන්දක් බවට 2025 අගොස්තු 15දා, ඇමරිකානු ඉතිහාස පොත්වල රන් අකුරින් ලියැවුණා...!
පුටින්ට ඕන යුක්රේනයේ තිබෙන ඛනිජ ඉල්ලම් සහ තෙල් නිධි ටික. එහෙම නැතිව වෙන කිසි දෙයක් නොවෙයි. ඔය ඛනිජ සම්පත් නැත්නම් එක බල්ලෙක් ඇහැරලා බලන්නේ නැහැ.