
චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවත්ය.
එසේ වුවත්, රටවල් රැසක් මේ වනවිට ඔවුන්ගේ වැසියන්ට දන්වා ඇත්තේ චීනයට යෑමෙන් වැළැකී සිටින ලෙසය.
මේ සම්බන්ධයෙන් චීන රජය පැහැදිලි කර ඇත්තේ, චීන වැසියන් ගැනත් චීනයට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය ගැනත් සහතිකයක් දීමට හැකි බවත්, චීනයේ සංචාරය කිරීම අවදානමක් නොවන බවත්ය.
චීනයේ පැතිර යමින් පවතින්නේ Human Metapneumovirus – HMPV - නමැති වයිරසයයි. මෙය ස්වසන අපහසුතා ඇති කරන උණ හෙම්බිරිස්සාවකි.
'කොවිඩ් 19' වසංගතයෙන් පසු චීනයේ වයිරසයක් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් මේවනවිට මුළු ලොවට දැඩි අවදානයෙන් පසුවන බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ආයෙනම් එපා... කොරෝනා දවස්වල විඳපු දුක හොඳටම ඇති...
කොරෝනා කාලෙත් මේ ගොල්ලෝ මුලින්ම කිව්වේ බයවෙන්න එපා. පැතිරෙන්නේ නෑ කියලා තමයි. මෙයාලා විතරක් මෙහෙම හූ කිව්වෙත් එහෙම තමයි.