IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විද්‍යාඥයන් මවිත කළ රන් බිජුව

විද්‍යාඥයන් මවිතයට පත් කළ ‘රත්තරන් බිත්තරයක්’ ඇලෙස්කා බොක්කේ, අඩි 3,300 ක් ගැඹුරු මූදු පතුළින් හමුවී ඇත.
බිත්තරයක් යැයි සැක කරන මෙම අබිරහස් දේ, වස්තුව සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම සිදුවෙයි.

එය ජීව විද්‍යාත්මක සම්භවයක් ඇති දෙයක් යැයි මූලික පරීක්ෂණවලින් හෙලි වී අවසන්ය.

බිත්තරයක හැඩැති මෙම වස්තුව පුපුරා ගොස් ඇති අතර, ඒ තුළින් යම් ජීවියෙක් පිටතට එන්න ඇතැයි සැක කෙරේ. කෙසේ නමුත්, මේ වස්තුව කුමන සතකුගේ බිත්තරයක්දැයි කිසිවකු නොදනී. මෙවැනි වස්තුවක් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

මෙම අබිරහස් වස්තුවේ පළල සෙන්ටි මීටර් 10 කි. මෙය, සැබැවින්ම බිත්තරයක්නම්, මුහුදු පතුලෙන් මෙතෙක් සොයා නොගත් ජීවියකුට අයත් බිත්තරයක් විය හැකි යැයි විද්‍යාඥයන් මාධ්‍ය හමුවේ පෙන්වා දි තිබේ.

මෙම ‘බිත්තරය’ සොයා ගත්තේ ඇමෙරිකාවේ සාගර සහ වායුගෝලීය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් මුහුදු  පතුල ගවේෂණය කරමින් සිටිද්දීය.



අදහස් (3)

විද්‍යාඥයන් මවිත කළ රන් බිජුව

Karl Sunday, 10 September 2023 10:38 AM

පිටසක්වල ජීවීන්!! උන් මෙහෙ!!!

:       0       0

Prabha Sunday, 10 September 2023 04:41 PM

ඔය කැලනි ගගෙන් මතු උන පින්වත් නාගය බිහිඋන බිත්තර කට්ට කියල හෙට අනිද්දට නිවුස් යාවි.

:       0       7

නිහාල් Monday, 11 September 2023 08:25 AM

දිවයින පත්තරේ අගහරු ලෝකේ ගඩොල් මතක් උනා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site