
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව නිව්යෝක් පෝස්ට් පුවත් සේවය අනාවරඛණය කර ඇත.
තෝමස් මැතිව් කෲක්ස් පෙන්සිල්වේනියාවේ බෙතල් පාක් හි පදිංචිකරුවෙකි. මැතිව් කෲක්ස් සම්බන්ධයෙන් නිල තොරතුරු කිසිවක් මෙතෙක් ආරක්ෂක අංශ මාධ්‍යවලට නිකුත් කර නැත.
ස්නයිපර් තුවක්කුකරු ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර 8 ක් එල්ල කළ බව ද පැවැසෙයි. එක් වෙඩි ප්‍රහාරයකින් ට්‍රම්ප්ගේ මුහුණ තුවාල වූ නමුත් ඔහු යහතින් පසුවන බව තහවුරු වී ඇත.
COMMENTS
වෙඩි අටක් තියලත් හරියට ඉලක්කය ගන්න බැරි වුණු ස්නයිපර් හිච්චි එකෙක්. අපේ හමුදාවේ කොල්ලන්ගෙන් ඉගෙන ගන්න තිබුනා උඹට හරියට ඉලක්කයක් ගන්න හැටි...!
අපේ බ්‍රෑන්ඩඩ් ෂර්ට්කාරයෝ ටික ඕකත් ට්‍රයි කරන්න බැරි නෑ... ඡන්ද ප්‍රතිශතය ලාවට වැඩිකර ගන්න...
අපේ නම් පොලිසිය වෙඩි තියපු එකා එක්ක සෙල්ෆි ගහලා ටිවි එකේ දාලාත් ඉවරයි
වෙඩි 8ක් තියලා කාටවත් වැදිලා නැහැ කියලා කියන්නේ නියම ස්නයිපර් කෙනෙක් වගේ...
අර ටැටු මල්ලිව ගිරවා කරා වගේ කරා නං....මෙලහකටත් වැඩේ ගොඩ
දේශපාලනඥයින්ට ආරක්ෂාව දෙනහැටි ලංකාවෙන් ඉගෙන ගන්න. අපේ නම් එවැනි නායකයින් එන තැන්වලට ආරක්ෂාව යොදන්නේ අවම වශයෙන් නියමිත දිනට සතියකටවත් පෙරයි. ජනතාවටත් වඩා ආරක්ෂක අංශවල නිලධාරීන් බොහෝවිට දැකගත හැකියි...
කන්ජිපානිගෙ වැඩක්
ඇමරිකාව වගේ තුවක්කු කඩේ විකිණීමට තිබ්බා නම් ලංකාවේ දේශපාලුවෝ බර ගානක් අඩි ගානක් යට