IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ලාංකික සිසුවා අසත්‍ය චෝදනාවලට පැටලූ ඕස්ට්‍රේලියානුවා හිරේට

 

(තිළිණි ද සිල්වා)

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ ⁣ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවෙකු අයි.එස් ත්‍රස්තක්‍රියා වල නිරත වූ බවට අසත්‍ය චෝදනාවකට පැටලීමේ සිද්ධියට වරදකරු වූ ඕස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව එරට නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් වසර 4හමාරක සිර දඬුවමක් අද (05) නියම කරනු ලැබ ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස සිර දඬුවම් නියම වූයේ අර්සලාන් ක්වාජා නැමැති හතලිස් හැවිරිදි ඕස්ට්‍රේලියානුවෙකුට එරෙහිවය.මොහු එරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන උස්මාන් ක්වාජා ගේ සොහොයුරෙකුද වේ.

චූදිත අර්සලාන් ක්වාජා නැමැත්තා 2018 වසරේ අගෝස්තු මාසයේදී නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටි මොහොමඩ් නිසාම්දීන් නැමැති ලාංකික තරුණයා සමග ඇති වූ පෞද්ගලික තරහක් මත එම ලාංකික සිසුවා අයි.එස් ත්‍රස්ත ක්‍රියාවන් හී නිරත වූ අයෙකු බවට ඉතා කූඨ ලෙසින් අසත්‍ය චෝදානවට පැටලීමට කටයුතු කළේය.මෙම ලාංකික සිසුවා එරට මිතුරියක සමග පැවති මිත්‍රත්වය එම පෞද්ගලික තරහට හේතු වූ බව පැවසේ.

ඒවන විට එම සිද්ධිය ඕස්ට්‍රේලියා රජය හා එරට වැසියන් බියට පත් කළ සිද්ධියක් වූ අතර ලාංකික සිසුවා අයි.එස් ත්‍රස්ත ක්‍රියාකාරියෙකු ලෙසින්ද ඕස්ට්‍රේලියා මාධ්‍ය විසින් හංවඩු ගැසිනි.එම අසත්‍ය ත්‍රස්ත චෝදනාවට ලාංකික සිසුවා ඕස්ට්‍රේලියා පොලිස් බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වන තෙක් එම සිසුවාට මාස 6 කට වැඩි කාලයක් එරට අධි ආරක්ෂිත බන්ධනාගාරයක බන්ධනාගාර ගතව සිටීමට ද සිදුවිණී.

සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා පොලිස් බලධාරීන් සිදු කළ පරීක්ෂණ වලින් ලාංකික සිසුවා අසත්‍ය ත්‍රස්ත චෝදනා වලට පටලා ඇති බවට හෙලි වූ අතර ඉන්පසුව චූදිත අර්සලාන් ක්වාජා අත්අඩංගුවට ගනු ලැබිණි.

පසුව චූදිත අර්සලාන් ක්වාජාට එරෙහිව නිව්සවුත් වේල්ස් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ අතර එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය ⁣ඔහුට එරෙහිව මෙම සිර දඬුවම් නියම කරනු ලැබ ඇත.



අදහස් (2)

ලාංකික සිසුවා අසත්‍ය චෝදනාවලට පැටලූ ඕස්ට්‍රේලියානුවා හිරේට

සනත් ලීමා Thursday, 05 November 2020 01:05 PM

ජනාධිපති කොමිසමක් දාන්නෙ නැත්තෙ මොකද?

:       2       16

Mr. Don Friday, 06 November 2020 10:10 AM

ලංකාවටම වගේ බොරු චෝදනා කරන අයට කවදා නීතිය ක්‍රියා කරයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 40 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2511 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site