යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හෙලා දකිමින්, රුසියාව ‘ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්’ ලෙස නම් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කළේය.
යුක්රේන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින්, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති අමු අමුවේ උල්ලංඝනය කරනවා යැයි කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව රුසියාවට චෝදනා නැගුවේය.
රුසියාවට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට, සාමාජික රටවල් එක් වී ඉදිරිපත් කළ යෝජනාවට, සාමාජික රටවල් 58 ක් ඡන්දය දී එකඟත්වය පළ කර අතර, සාමාජික රටවල් 44 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
යුරෝපා පාර්ලිමේන්තුව සාමාජිකයන් 494 දෙනකුගෙන් සමන්විතය.
‘රුසියන් සමූහාණ්ඩුව, යුක්රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර කිසිසේත් අනුමත කරන්න බැහැ.
මේ වනවිට යුක්රේන වැසියන්ගේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියාව පහර දෙනවා. මෙය සැබැවින්ම කුරිරු ක්‍රියාවක්. සමාව දිය නොහැකි අමානුෂික ක්‍රියාවක්.’ යැයි එම යෝජනාවලියේ සඳහන් වී තිබේ.
ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් ලෙස නම් කිරීමෙන් පසු රුසියාව තවත් හුදෙකලා කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවට හැකිවන අතර, රුසියාවට විවිධාකාරයේ බලපෑම් එල්ල කිරීමටත්, සම්බාධක සහ තහංචි පැනැවීමටත් හැකිවෙයි.
යුරෝපා පාර්ලිමේන්තුව ගත් තීරණය ප්‍රසංශනීය යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සී සතුට පළ කරමින් පවසා ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියාව ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්
Perera Thursday, 24 November 2022 09:33 AM
ලංකාව ජනතාවට එරෙහිව ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන රජයක්
කිරිපුතා Thursday, 24 November 2022 09:43 AM
ත්‍රස්තවාදී ඉන්නෙ ඔය පාර්ලිමේන්තුවේ
ganegoda Thursday, 24 November 2022 10:57 AM
ස්වාධීනත්වය, ඝාම්භිරත්වය ආරක්ෂා කරගෙන ඉන්නේ රුසියාව පමණයි.
sujeewar Friday, 25 November 2022 09:13 AM
කුමන ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකලද එම ත්‍රස්තවාදියා බටහිර ගැතියෙක් නම් ආරක්ෂිතව සැඟවී සිටීමට ඉඩ දෙන අමුතුම කලාපය තමයි මෙහෙම කියන්නේ. ත්‍රස්වාදයට මානව හිමිකම් ලේබලයක් අවශ්‍ය නම් යායුතු රටවල් තමයි මේ.