යුක්රේන හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් රුසියානු දේශ සීමාවට ඇතුළු වී, රුසියාවේ බෙල්ගොරොඩ් පළාතේ බොර තෙල් ගබඩාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි එම පළාතේ ආණ්ඩුකාර ගොල්ඩ්කොව් පවසයි.
රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේනය රුසියානු දේශසීමා උල්ලංඝනය කරමින් පහර දීමක් කළ පළමු අවස්ථාව මෙයයි.
යුක්රේන ප්‍රහාරක හෙලිකොප්ටර් යානා රේඩාර් පද්ධති වලට අසු නොවන ආකාරයට ඉතා පහළින් පියාසර කරමින් රුසියානු දේශ සීමාවට ඇතුළු වී බෙල්ගොරොඩ් පළාතේ බොරතෙල් ගබඩාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි ආණ්ඩුකාර ගොල්ඩ්කොව් පැහැදිලි කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් ජීවිත හානි සිදු වී නැතත් පුද්ගලයන් දෙදෙනෙකු සුළු තුවාල ලැබූ අතර සිද්ධිය සැල වූ වහාම අවට සිවිල් වැසියන් ප්‍රදේශයෙන් ඉවත් කර ඇත.
ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කලේ තෙල් ගබඩාවට එල්ල කළ මෙම ප්‍රහාරය අනාගත සාම සාකච්ඡා වලට බලපෑමක් එල්ල කරනු ඇති බවය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුක්රේනයෙන් රුසියාවේ තෙල් ගබඩාවට ප්‍රහාර
කිරිපුතා Friday, 01 April 2022 06:36 PM
බූරුවෙක් ගිනිි ඉල්ලනකොට මුලු වනන්තරයම ගිනි ගන්නවා. ඉල්ලාගෙන කන්න තනන්නෙ අනුන්ගෙ හුළඟින් පිම්බිලා