'මට වෙඩි තිබ්බා. වේදිකාවේ කතා කරමින් සිටිද්දී, මට වෙඩි හඬ කීපයක් ඇසුණා. හිටිහැටියේ දකුණු කණ අසලින් වේදනාවක් දැනුණා. අතගාලා බලද්දී, මගේ දකුණු කණ් පෙත්ත තුවාල වෙලා. මට වෙඩි වැදුණු බව වැටහුණේ එවිටයි.' යැයි වෙඩි ප්‍රහාරයට ලක් වී කඩිනමින් රෝහල්ගත කළ ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලේ සිට සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහන් පළ කරමින් පැවැසුවේය.
නොවැම්හිබරයේ පැවැත්ටවෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ගේ ප්‍රතිවාදියා වන ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ රිපබ්ලිකන් මැතිවරණ රැළියක් අමතද්දීය.
'මම මගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් හමුදා සහ පොලිස් නිලධාරීන්ටත් ස්තුතිවන්ත කරනවා. ඔවුන් සැණින් මට ආරක්ෂාව දුන්නා. වහා ක්‍රියාත්මක වී වෙඩික්කරු මර්දනය කළා. රැලියට පැමිණ සිටි මගේ හිතවාදියෙක් වෙඩි වැදී මියගියා. ඒ ගැන මට කනගාටුයි. මම ඔහු වෙනුවෙන් කනගාටු වෙනවා. ඔහුගේ පවුලේ අයට කනගාටුව පළ කරනවා. මට දැනගන්න ලැබුණා තවත් බරපතළ තුවාල ලැබූවෙක් සිටින බව. ඇමෙරිකාවේ මැතිවරණ රැලියක මෙවැනි දෙයක් සිදුවීම බරපතල අර්බුදයක්.' යැයි ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සටහනේ වැඩි දුරටත් සඳහන් වී ඇත.
(ඩේලිමේල්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මට වෙඩි තිබ්බා !! ඒත් මම හොඳින් !!
මැක්ස් Sunday, 14 July 2024 07:45 AM
88/89 කාලේ මෙහෙ හිටපු ජවිපෙ කල්ලියේ කෙනෙක් වෙන්න බැරිද වෙඩික්කරු? මොකද තමුන්ගේ ප්‍රතිවාදීන්ව ඔය විදිහට තුරන් කරන්න ලෝකෙට උගන්නපු අය අතරින් පළමු පෙලේ ස්ථාන හිමි වෙන්නේ අපේ ඇල්ටීටීඊ සහ ජවිපෙ අයියලා මල්ලිලාටනේ
sachithSunday, 14 July 2024 09:11 AM
ඔව් ඔව්, 88/89 ජවිපෙ විතරයිනේ මිනිස්සු මැරුවේ...
sumanasiriSunday, 14 July 2024 05:38 PM
කොහොම වුණත් මට නම් හිතෙන්නේ එදා ජේ.ආර් අතුරුදන් කරන්න ජවිපෙට පුළුවන් වුණා නම් පසුගිය කාලේ බිහිවුණු කාලකන්නි දේශපාලුවන් ඇතිවන්නේ නැත ලංකාවට මෙවන් විපතක් වන්නේද නැත...
don Sunday, 14 July 2024 09:04 AM
වෙඩික්කරු හිටපු තැන හැටියට උණ්ඩය ට්‍රම්ප්ගේ... මුහුණ විදගෙන අනිත් පැත්තෙන් එළියට එන්න ඕනෑ.
දස්තා Sunday, 14 July 2024 11:07 AM
මේවා ලංකාවෙන් ඉගෙන ගත්තු නාඩගම්..!
lankika Sunday, 14 July 2024 03:38 PM
ට්‍රම්ප්ගේ සියලු අපල දුරු වේවා..!