
වසර බිලියන 13 ක් ඈත අතීතයේ, විශ්වයේ මණ්දාකිණි පිහිටීම සහ මණ්දාකිණි නිර්මාණය වූ ආකාරය ඡායාරූපයට නැගීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇති අතර, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ එම ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේය.
වසර බිලියන 13 ක් ඈත අතීතයේ, විශ්වයේ මණ්දාකිණි පිහිටීම සහ මණ්දාකිණි නිර්මාණය වූ ආකාරය දැක්වෙන වර්ණවත් ඡායාරූප ලබා ගැනීමට හැකි වුණු පළමු ඓතිහාසික අවස්ථාව මෙයයි. මීට පෙර මිනිසාට කාලය හරහා ආපස්සට විශ්වය නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබී නොතිබුණි.
විශ්වය පිළිබඳ අපගේ දැනුම තවත් පුළුල් කිරීමටත් විශ්වයේ රහස් අනාවරණය කර ගැනීමටත් මෙම ඡායාරූප තාරකා විද්‍යාඥයන්ට උපකාරී වනු ඇතැයි මාධ්‍ය හමුවේදී ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දුන්නේය.
නාසා ආයතනය වසර බිලියන 13 ක් පැරැණි විශ්වසේ දසුන් ඡායාරූපයට නැගුවේ, ‘ජේම්ස් වෙබ්’ නමැති අති නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති අභ්‍යවශ දුරේක්ෂය ආධාරයෙනි. ‘ජේම්ස් වෙබ්’ යනු අතීතයට නෙත් හෙළන දුරේක්ෂයක් යැයි නාසා ආයතනය හඳුන්වා දී තිබේ. මෙම දුරේක්ෂය නිපදවීමට වසර 24 ක් ගත විය. දුරේක්ෂය අභ්‍යවකාශයට යවා අභ්‍යවකාශයේ රැඳවීම කළේ 2021 වසරේදීය.
පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් ඈතින් රඳවා ඇති දුරේක්ෂය, තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරයි. දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කරයි.
එසේ කළ හැකි වන්නේ මෙය රඳවා තැබෙන්නේත්, කක්ෂගත වෙන්නේත්, පෘථිවියේ සිට බොහෝ දුරකින් වීම නිසාය. වසර බිලියන 13 ක් ඈත අතීතයේ විශ්වයේ මණ්දාකිණි පිහිටි ආකාරය සහ මණ්දාකිණි නිර්මාණය වූ අයුරු ඡායාරූපයට නැගීම සිදුවූයේ ඒ අනුවය. නාසා ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළත්, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂක නිපදවීමට ‘යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය’ සහ ‘කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය’ ද සිය දායකත්වය ලබා දී තිබේ.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිලියන 13 ක් පැරැණි විශ්වයේ වර්ණ ඡායාරූප එළිදකී
වීරවිජේ Tuesday, 12 July 2022 02:49 PM
අවුරුදු බිලියන 13.7ක් ආපසසට යනකොට බ්ලැක් ඇන්ඩ් වයිට් වෙලා ෆිල්ම් රෝල...
W . Gunathilka Thursday, 28 December 2023 05:21 PM
හොඳයි...!