කෙනෙකු පොතක් ආසාවෙන් කියවූවේනම් එයින් ලැබුණු තෘප්තිය දින ගණනක් පුරාවට මොළයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමට හේතු වෙතියි ඇමරිකාවේ ඇට්ලැන්ටාහි එමොරි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
ළමයි 12 දෙනෙකු තෝරාගෙන ඇති පර්යේෂකයන් පිරිස ඔවුන්ට දින 19 ක් පුරාවට ප‍්‍රකට නවකතාවක් කියවීමට අවස්ථාව ලබා දී ඇති අතර එම දින 19 අතරතුරදී වරින් වර එම ළමයිගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය චුම්භක අනුනාද පරිලෝකන යන්ත‍්‍රයක් (එම්.ආර්.අයි) නිරීක්ෂණය කර තිබේ.
‘‘අපට හදුනාගත හැකි වුනා පොත කියවද්දී ඔවුන්ගේ මොළයේ දකුණු අර්ධගෝලයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ යනවා කියලා.විශේෂම දේ එය නොවේ.දින 19 ඇතුළත අප ඇතැම් අවස්ථා වල පොත කියවීමට අවස්ථාවක් නොදීම ඔවුන්ගේ මොළයේ කි‍්‍රයාකාරීත්වයන් නිරිීක්ෂණය කළා.පුදුම දෙයක්,ඔවුන්ගේ මොළයන් පෙර පොත කියවන අවස්ථාවේම වගේ කි‍්‍රයාකාරීවයි පැවතුනේ.මෙයින් අපට පැහැදිලි වුනා හොද පොතකින් ලබන තෘප්තිය එක් දිනක් පමණක් පවතින්නක් නොවන බව.ඒක තෘප්තියකටම විතරක් සීමා වෙන්නේත් නැහැ.මොළයේ කි‍්‍රයාකාරීත්වයත් ඉහළ නැංවීමට සමත් වන්නක්‘‘ යැයි පර්යේෂක කණ්ඩායමේ ප‍්‍රධානී මහාචාර්ය ග්‍රෙගොරි බර්න්ස් පවසයි.
තර්කන හා භාෂණ හැකියාවට බලපානුයේ මොළයේ දකුණු අර්ධ ගෝලයයි.
පෙර සිදුකෙරුණු පර්යේෂණයන්ගෙන් පොතක් කියවන විටදී මොළයේ සිදුවන වෙනස්කම් පිළිඹද සොයාබලා ඇති මුත් පොතක් කියවීමෙන් පසු මොළයේ සිදුවන වෙනස්කම් පිළිඹද පර්යේෂණයක් මෙසේ කෙරී ඇත්තේ පළමු වතාවටය.
‘‘හොද පොතක් කියවද්දී අප නොදැනුවත්වම එහි කථානායකයාගේ තත්ත්වයට වැටෙනවා.මුලින් අප විද්‍යාඥයන් සිතා සිටියේ මෙය කියවන්නා තමන්ව පොතෙහි කතා නායකයා හා සංසන්දනය කර ගැනීමක් වගේ දෙයක් හැටියට.නමුත් දැන් එසේ නොවන බවකුයි පෙනේන්නට තිබෙන්නේ.පොත කියවද්දී මොළයේ වෙනස්කම් රාශියකුත් සිදුවෙනවා ඒවා පොතෙහි කතානායකයා හා කියවන්නාව හොදින් බැද තබාගන්නවා‘‘ මහාචාර්ය බර්න්ස් කියයි.
පර්යේෂක පිරිසගේ මිළග උත්සාහය මෙම ඉහළ නැංවෙන කි‍්‍රයාකාරිීත්වය දිගුකල් පවත්වාගත හැක්කේ කෙසේදැයි සොයාබැලීමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පොතක් කියවීම හොද යාළුවෙක් හා සිදු කරන සංවාදයක් වගේ හරිම මිහිරි දෙයක්.(නදී)
ඕක ඇත්ත ඉස්සර ගජමෑන් පත්තර කියවන කොට මම ඕක අත්දැක්ක(ත)
අද සිදු වෙන්නේ නැතිම දේ තමා මේක. ප්‍රතිචාර වලින්ම ඒක ඔප්පු වෙලා තියනවා නේද? (ත)
කෙනෙකුගේ පරිනතබාවය මැනිය හැක්කේ ලබාගෙන තියෙන අධ්‍යාපන සුදුසුකම් වලට වඩා කියවන්න තියෙන පොත්වල ප්‍රමාණය සහ තත්වය මතයි.(නදී)
පොත් කියවීම ජාතික කාර්යක් හැටියට සිතමින් දරුවන් අතර කියවීමේ රුචිය වැඩි කිරීමට කටයුතු කල යුතුයි. රූපවාහිනිය ළඟ ඉඳගෙන අනුන්ගේ පවුල් ජීවිතවල ආරවුල් රසවිඳින අම්මල තාත්තල දවසකට එකපාරක් වත් ළමයින්ට ඇහෙන්න පොතක් කියවනවද අපේ රටේ ? (නදී)
පොත් කියවනවා වගේම ලංකාවේ පෙන්වන හොඳ ටෙලිනාට්‍ය වලිනුත් යහපත් සිතිවිලි මිනුසුන් තුල ඇතිවනවා. හොඳ කලාකරුවකුට, මාධ්‍යවේදියෙකුට, ගත් කතුවරයෙකුට තමන්ගේ හැකියාව මගින් මේ ලෙස සමාජයේ ලොකු වෙනසක් කරන්න පුළුවන්.(නදී)
කියවීම පාසල් දරුවන්ට අනිවාර්‍ය කලයුතු අතර , අතර අදීක්ෂන කාලපරිච්ඡේදයක් අනිවාර්‍ය කළයුතුම වෙනවා.(නදී)