
නේපාල සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ හදිසියේ හටගත් ජල ගැලීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සුනාමියක් සේ සැණින් කඩා වැදුණු එම ප්රචණ්ඩ ජල පහරට 400 දෙනෙක් හසුවී අතුරුදන් වූහ.
අතුරුදන් වූ වැඩි දෙනා මියයන්න ඇතැයි විශ්වාස කෙරේ. කාන්තාවන් කුඩා දරුවන් බොහෝ දෙනකු අතුරුදන් වූවන් අතරේ සිටින බව නේපාල රජය පවසයි.
භූමිකම්පාවක් සමග, හිම කඳු නායයෑමකින්, හිම දියවී, භෝටේ කෝෂි නමැති ගංගාව එකවර පිටාර ගැලීමෙන් මෙම හදිසි ජල ගැලීම හටගත් බව මාධ්‍ය වාර්තා කර ඇත. භූමිකම්පාව හටගත්තේ නේපාලයේ වේලාවෙන් 08:37 ට පමණය. හිම කඳු නායයෑම එසැණින් සිදුවුණු අතර, මහා ජල කදක් ගංගාවට මුදා හැරුණු බව පැවැසෙයි.
ගංගාව පිටාර ගලමින් ආ ඒ ප්රචණ්ඩ සැඩ ජල පහර කඩා වැදුණේ නේපාලයේ කත්මණ්ඩු අගනුවරට උතුරින් කදුකර පාමුල පිහිටි රසුවා ප්‍රදේශයටය. මෙම ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් නිතර ගැවසෙන කුඩා නගර රැසක් පිහිටයි.
සැඩ පහරට හසුවූවන් අතරේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, මැලේසියාව, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව යන රටවල විදෙස් සංචාරකයන් සිටින බව පැවැසෙයි.
අතුරුදන් වූවන් අතරේ දෙස් විදෙස් සංචාරකයන් 291 දෙනකු සහ නේපාල ජාතික මඟපෙන්වන්නන් ඇතුළු 93 දෙනකු සිටින බව නේපාල සංචාරක මණ්ඩලය පැවැසීය.
ඊට අමතරව පොලිස් නිලධාරීන් 26 දෙනකු, සන්නද්ධ පොලිස් නිලධාරීන් 9 දෙනකු සහ හමුදා සාමාජිකයන් 44 දෙනකු ද අතුරුදහන් වූවන් අතර වන බව නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානාල් මාධ්‍ය හමුවේ පවසා ඇත.
මෙම හදිසි ආපදාව හේතුවෙන් කත්මණ්ඩු දක්වා වන ප්‍රධාන මාර්ගය ඇතුළු ප්‍රවාහන සේවා, විදුලිය සහ සන්නිවේදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි ද වාර්තා වේ.
භෝටේ කෝෂි ගංගාව පහළ ප්‍රදේශ රැසක ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇත. ඊට අමතරව, ප්‍රදේශයේ පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් සහන සේවා හෙලිකොප්ටර් මෙහෙයුම් සඳහා ද බාධා එල්ල වූ බව ද පැවැසෙයි.
හටගත් මෙම ව්‍යසනයත් සමග හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවමින් නේපාල අගමැති බාලේන්ද්‍ර ෂා සඳහන් කළේ රතු කුරුස සංවිධානය, වෛද්‍ය කණ්ඩායම් සහ ආරක්ෂක අංශ එක්ව සහන සේවා මෙහෙයුම් වේගවත් කර ඇති බවය.
සුනාමි රළ සේ ආ එම සැඩ පහර එම කුඩා නගරය සම්පූර්ණයෙන් විනාශ කරන අයුරු දැක්වෙන, ආරක්ෂක කැමරාවල සටහන් වුණු දසුන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේත්, විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd