
හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වුණු, නේපාලයට අවශ්‍ය සහාය කඩිනමින් ලබා දිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා ඇත.
මේ වනවිට ඇමෙරිකාව, චීනය, යුරෝපා සංගමය සහ නේපාලයේ අසල්වැසියා වන ඉන්දියාව කඩිනමින් සහාය දැක්වීමට ඉදිරිපත් විය. විපතට පත්වුණු ජනතාව සඳහා හදිසි නවාතැන්, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ වෙනත් සහනාධාර ද්‍රව්‍ය ලබා දීම වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 500,000 ක ආධාර ලබා දෙන බව ඇමෙරින් රජය පවසා ඇත.
ඉන්දීය සහ චීන දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් ද නේපාලයට යෑමට සූදානමින් සිටින බව ද පැවැසෙයි. ඊට අමතරව, ඉන්දීය රජය ටොන් 10 ක ආධාර තොගයක් ද ගුවන් මගින් කත්මණ්ඩු බලා යැවූ බව වාර්තා විය. සිදුවුණු විපත සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වුණු නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා, විපතට පත්වූවන් වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කරන බවට ප්‍රතිඥා දී ඇත. නේපාලයේ සහායට ඉදිරිපත් වුණු විදේශවලට නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා ස්තුති කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd