IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


නවාස් ෂරීෆ් - බිලාවල් බූතෝ සාකච්ඡා

දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරමින්, එකමුතු වී නව සන්ධාන රජයක් පිහිටුවීමේ අරමුණින්, පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක නවාස් ෂරීෆ් සහ පාකිස්තාන ජනතා පක්ෂයේ නායක බිලාවල් බූතෝ අතරේ සාකච්ඡා පැවැත්විණි.

පාකිස්තාන මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව, කිසිදු පක්ෂයකට තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය හිමි නොවිණි.

වැඩිම ඡන්ද දිනා ගත්තේ ස්වාධීන අපේක්ෂකයන්ය. ඔවුන්ගෙන් බහුතරය, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයන්ය.

ස්වාධීන අපේක්ෂකයන් දිනූ ආසන සංඛ්‍යාව 102 කි. ඊට අමතරව, වැඩිම ආසන සංඛ්‍යාවක් දිනුවේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂයයි.

හිතවත් ස්වාධීන කණ්ඩායම් හවුල් කර ගනිමින්, ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට ද සන්ධානගත වී රජයක් පිහිටුවීමේ හැකියාවක් නොමැති බව පෙනී ගොස් තිබේ.

මුස්ලිම් ලීගය එන් දිනූ ආසන ගණන 73 කි. ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු 35 හැවිරිදි බිලාවිල් බූතෝ සහ ඔහුගේ ජනතා පක්ෂය දිනූ ආසන ගණන 54 කි. බහුතරය සඳහා ආසන 169 ක් තිබිය යුතුය.

පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක නවාස් ෂරීෆ් සහ පාකිස්තාන ජනතා පක්ෂයේ නායක බිලාවල් බූතෝ සන්ධානගත වුවත්, රජයක් පිහිටුවීමට ස්වාධීන පක්ෂ හවුල් කර ගැනීමට සිදුවනු ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

නවාස් ෂරීෆ් - බිලාවල් බූතෝ සාකච්ඡා

Hafeel Monday, 12 February 2024 01:34 PM

මෙහෙ වගේ තමයි එහෙත්... දූෂිතයින් එකතු වෙනවා.

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 141 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 88 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1680 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site