IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දිවි ගලවා ගත් පොඞ්ඩෝ ඇමසන් වනයේ

මීට සති දෙකකට පෙර සිදුවූ ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් හතර දෙනකු ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් බව කොලොම්බියානු ජනාධිපති  ගුස්ටාවෝ පෙට්‍රෝ ප්‍රකාශ කර ඇත.

මෙම දරුවන් හතර දෙනා අතර මාස 11 ක ළදරුවකුද සිටින බවත් ඉතිරි දරුවන් තිදෙනා අවුරුදු 13 ,9, 4 වයස්වල පසුවන්නන් බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

කොලොම්බියානු හමුදාවේ උත්සාහය හේතුවෙන් මෙම දරුවන් හතර දෙනා සොයා ගැනීමට හැකි වූ බවත් මෙම දරුවන් සෙවීම සඳහා සොල්දාදුවන් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් පුහුණුව ලැබූ සුනඛයන් සමඟ එකතු වූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය පළමු වැනිදා සිදු වූ ගුවන් යානා අනතුරෙන් නියමුවා සහ දරුවන්ගේ මව මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණ.කෙසේ වෙතත් ජනාධිපතිවරයා දරුවන් සොයා ගත් ස්ථානය පිළිබඳව පැහැදිලි තොරතුරක් ලබා දී නොමැත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

දිවි ගලවා ගත් පොඞ්ඩෝ ඇමසන් වනයේ

පියනන්ද හිමි Thursday, 18 May 2023 01:30 PM

අපේ ර‌ටේ නං කොරයි.

:       15       4

G. K. Ekanayake Thursday, 18 May 2023 04:06 PM

ලංකාවේ පොලිසිය නම් සියලු දෙනාම මරුන කියල තීන්දුව දීල ඉවරයි.

:       12       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site