වසර ලක්ෂ 200 කට ඉහතදී පෘථිවියෙන් වද වී ගිය ඩයිනෝසෝරයන් යළි බිහිකළ හැකි යැයි ඔක්ස්ෆර්ඞ් සරසවියේ ජාන විද්‍යාඥයන් කණ්ඩායමක් කියයි.
ඔවුන් පවසන ආකාරයට ඩයිනෝසෝරයන්ට යළි පණදිමේ රහස සැගවී තිබෙන්නේ කුරුල්ලන්ගේ ඩි.එන්.ඒ. අණු සැකසුම් වලය.
ඞී.එන්.ඒ යනු ඕනෑම ජීවියෙකුගේ සැකැස්ම තීරණය කරන සාධකයකි. පෙනුමේ සිට සිරුරේ සිදුවන සියලූ කි‍්‍රයාවන් ගොඩනැගී ඇත්තේ ඞී.එන්.ඒ අණු සැකසුම් මතය.
කුරුල්ලන් පරිනාමය වී ඇත්තේ ඩයිනෝසෝරයන්ගෙන් යැයි සනාථ කෙරෙන පැහැදිලි සාක්ෂි ඇති බැවින් කුරුල්ලන්ගේ ජාන සැකසුම් වල ඩයිනෝසෝරයන්ට අයත් වී යැයි සැකකළ හැකි ජාන සැකසුම් සොයාගත හැකි දැයි සොයාබැලිීමට මෙම විද්‍යාඥ කණ්ඩායම සැරසේ.
‘‘මෙය සාර්ථක වන්න හොද අවස්ථාවක් තිබෙනවා.මොකද ඩයිනෝසෝරයන්ගෙන් තමයි කුරුල්ලන් පරිනාමය වෙලා තිබෙන්නේ.ප‍්‍රාග් ඓතිහාසික යුගයේ විසූ ආකියෝප්ටෙරික්ස් වගේ කුරුල්ලන් ඊට හොදම උදාහරණයක්.අපේ සැළසුම තමයි දැන් සිටින කුරුල්ලන්ගේ ජාන සැකසුම් විමර්ෂණය කර බැලීම. ඕනෑම සතෙකුගේ කි‍්‍රයාවිරහිත තත්ත්වයේ ජාන සැකසුම් තිබෙනවා.මෙසේ වී තිබෙන්නේ පරිනාමය සමග එම ජාන සැකසුම් වලින් ලැබෙන අංග තවදුරටත් එම සතාට අවශ්‍ය නොවන නිසා.කුරුල්ලනගේත් මෙවැනි සැගවුණු ජාන සැකසුම් තිබෙනවා.අපේ උත්සාහය එවන් සැකසුම් එකතු කරලා අවසානයේ ඩයිනෝසෝරයෙකු ගොඩ නැගීම‘‘ විද්‍යාඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වන වෛද්‍ය ඇලිසන් වුඞ්ලන්ඞ් කියයි.
මෙය කිසිසේත් සරල කි‍්‍රයාවලියක් නොවේ.වසර ගණනක් ගතවනු ඇති වුවද පර්යේෂණයේ සාර්ථකත්වය කෙරෙහි විද්‍යාඥ පිරිස විශ්වාසය තබා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන විද්‍යාවේ මැජික් යෂ්ටිය ඩී එන් ඒ. ජීව ද්‍රව්‍ය විද්‍යාව අද ලොවේ අංක එක බවට පත්වෙමින් තිබෙන්නේ. ජාතික ජීව තාක්ෂණ පනත සම්මත වී වසර 2 ක් පමණ වුනත් අපට තවම ජාතික පර්යේෂණාගාරයක් හදා ගන්නට ඉඩ ලැබුනේ නැහැ. නැනෝ තාක්ෂණ උද්‍යානය වගේම ජීව තාක්ෂණ උද්‍යානයක් ඉක්මනට ලංකාවේ හැදේවි යයි බලාපොරොත්තු වෙනවා. නැනෝ-ජීව තාක්ෂණික පර්යේෂණ හැකි ඉක්මනින් අපිත් ආරම්භ කල යුතුයි. (නදී)
විනාශයකට මුල. (නදී)
මට පේන්නේ ජුරාසික් පාර්ක් එකේ වගේ නාගන්න හදන්නේ.(නදී)
මේ ප්‍රකාශය න්‍යායාත්මකව හරි.නමුත් ප්‍රයෝගික ගැටලුවක් වෙන්නේ එසේ බිහි වන ප්‍රාග් ඓතිහාසික ජීවියෙකුට වත්මන් පරිසර තත්ත්ව යටතේ ඉන්න පුලුවන්ද කියන එක.(දිල්)
පංච තන්ත්‍රයේ සිංහ ඇටකටු වලට පණ දුන්නා වගේ තියේවි.(නදී)
ශලනි කියපු එක හරි.(නදී)