
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර ඇත.
එසේ නොකරන්නේ නම්, හමාස් සංවිධානය ලොකු වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත්, හමාස් සංවිධානය මිහිපිටින් තුරන් කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා තර්ජනය කර ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ තර්ජනය කළේ, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම සාකච්ඡා පැවැත්වෙද්දීය.
ජනාධිපති ට්‍රම්ප්, මෙසේ හමාස් සංවිධානයට අනතුරු ඇඟවීම් කළේ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහාය. ‘මේක තමයි නුඹලාට ලැබෙන අවසන් අනතුරු ඇඟවීම. ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කරන්න. පුළුවන් වෙලාවේ ගාසා තීරයෙන් යන්න. නැතිනම් නුඹලාට වන්දි ගෙවන්න වේවි’ යැයි ට්‍රම්ප් පවසා ඇත.
‘ගාසා පලස්තීන වැසියන්ට මා කියන්න කැමතියි. නුඹලට හොඳ ලස්සන අනාගතයක් උදා කරන්න මා සූදානම්. හමාස් සංවිධානය ප්‍රාණඇපකරුවන් රඳවාගෙන ඉන්නා තුරු මට එය කරන්න බැහැ. ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන ඉන්නවා නං නුඹලට මැරෙන්න වේවි. මොළය පාවිචචි කරලා තීරණයක් ගන්න. ඉක්මනින්” යැයි ජනාධිති ට්‍රම්ප් ප්‍රසිද්ධියට පත් කළ එහ සමාජ මාධ්‍ය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් ජනපතිතුමනි, විශිෂ්ටයි. ඒ අන්තවාදී ත්‍රස්තවාදීන් නමැති පිළිකාව මෙලොවින් තුරන් කරන්න මැදිහත් වෙන්න. අපේ ලොක්කො නං ඒ සර්පයන්ට කිරි පොවනවා මෙහෙ. ඡන්ද ටිකට පෙරේත කමට. අපේ උන්ට බලය තමා වටින්නෙ නිදහස මකබෑ උනත්.
නපුන්සක ආච්චි මිනිහකුට ඉපදුනා නම් මෙහෙම කතා කරන්නේ නැහැ
සාමකාමී මුසල්මානුවාට විරුද්ධ නොවන්න. අන්තවාදියාට විරුද්ධ වන්න. අන්තවාදය අවසන් නොවන තාක් කල් ආගමික සහජීවනය ගැන කතා කිරීම විහිලුවකි. ඔය "සටන්කාමීන්" කියලා ජාතියක් නෑ. "සටනට කැමති" කියන එකනෙ ඒකෙ තේරුම. සටන් කරන්න කපන්න කොටන්න මරන්න කැමති එකා ත්‍රස්තවාදියා. ඔය "සටන්කාමියා" කියන වචනෙ "ත්‍රස්තවාදියාට" සුදුහුණු ගාන්න හදා ගත්ත වචනයක්.
ත්‍රස්තවාදීන්ට තේරෙන භාසාවෙන් උත්තර දෙන්න ඕන. ඒ කියන්නේ උන් චප්ප කරලා විනාස කරලා දාන්න ඕන.