IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


චීනය යෝධ බුදු පිළිමයක් කඩා ඉවත් කරලා

චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

විදෙස් පුවත් සේවා දැන් මේ බව වාර්තා කළත්, මෙය සිදුවී ඇත්තේ මීට මාස කීපයකට පෙර යැයි ද පැවැසෙයි. ප්‍රතිමාව කඩා දමා ඇත්තේ, එය ඉතා උසින් ඉදි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නිසා ය. බුද්ධ ප්‍රතිමාව කඩා ඉවත් කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් ද තහවුරු වී ඇත.

ප්‍රතිමාව කඩා ඉවත් කිරීම සඳහා දින 9ක කාලයක් ගත වී ඇති අතර, චීන බලධාරීන් තෝසම් ගැටසෙල් ආරාමයේ භික්ෂූන් වහන්සේලාට සහ චුවාර් සහ අවට නගරවල වෙසෙන ටිබෙට් ජාතිකයින්ට කඩා බිඳ දැමීම නැරඹීමට බල කළ බව ද පැවැසෙයි.

(ටිබෙට් පුවත් සේවා)



අදහස් (27)

චීනය යෝධ බුදු පිළිමයක් කඩා ඉවත් කරලා

wahaldeepe Friday, 07 January 2022 09:08 PM

ඇෆ්ඝනිස්ථානයට වෙච්චි දේ මතකයි... !!!

:       9       74

BamunuarachchiSaturday, 08 January 2022 07:45 AM

දැනටමත් උතුරට පන්සල් එපා කියන දමිලයින්ට ස්වයං පාලනය දුන්නොත් අපිට බලා ඉන්න කියලා නාගදීප විහාරයත් හින්දු කෝවිලක් කරනවා...

:       18       54

KamalSaturday, 08 January 2022 05:36 PM

නාග විහාරය රැකගත්තේ, දානේ දුන්නේ දෙමළ මිනිස්සු.

:       54       24

BamunuarachchiSaturday, 08 January 2022 08:07 PM

ඒ ස්වයං පාලනය නැතිකාලේ. දැන් ඒ ගොල්ලෝ උතුරේ පන්සල් එපා කියනවා. අපි රටට දෙමල්ලු මුසල්මානුවන් එපා කියනවා...

:       2       2

kapila Friday, 07 January 2022 09:51 PM

චීනය මේ වනවිට නිරාගමික රටක්. ඉතින් ඒ මදිද පිලිමය ඉවත් කරන්න. වැඩි ඈතක නොවේ ලංකාවේ මෙවැනි කටයුතු සිදු වන්නට.

:       0       2

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 07 January 2022 10:05 PM

ඔන්න චීනෙ වැඩ...මෙව්ව ලංකවටත් හොද පාඩම්...

:       0       2

විපරමා Friday, 07 January 2022 10:56 PM

රට, ජාතිය ,ආගම ගැන මහා ලොකුවට කතාකරන අපේ රටේ බෞද්ධ නායකයෝ චීනට මොනවද කියන්නේ ?

:       0       3

chandima Saturday, 08 January 2022 03:56 AM

ඔන්න අපේ උන්නාන්සේලාට අව්කණ්ණාඩි දාගෙන චීන එම්බසියේ තාප්පේ උඩට නගින්න අවස්ථාවක් ලැබිලා.

:       0       2

චන්දන Saturday, 08 January 2022 07:22 AM

මෙය චීනය සහ ටිබෙටය අතර ගැටුමක ප්‍රතිඵලයක්... බෞද්ධාගමට එරෙහි ක්‍රියාවක් නොවන බව පේනවා... චීනය ටිබෙටයේ බොහෝ ක්‍රියාකාරකම් නතර කරන්න බලනවා... චීනය රැකගන්න ගන්න උත්සාහයක්. නමුත් මේ සම්බන්ධව ගන්නා ක්‍රියා මාර්ග ප්‍රමාණවත් නැහැ...

:       13       40

de silva Saturday, 08 January 2022 07:29 AM

චීන්නු හොඳ ජාතියක් නොවේ...

:       27       21

Kamal Saturday, 08 January 2022 07:34 AM

ලංකාවත් දැන් අයිති චීනෙට නේද මහින්ද මහත්තයෝ? මෙහෙ උස ඒවත් කඩයිද...?

:       23       25

Bamunuarachchi Saturday, 08 January 2022 07:43 AM

චීනයේ තිබෙන්නේ කොමියුනිස්ට් පාලනයක්. අපේ රටත් ජෙප්පන්ට දීලා කොමියුනිස්ට් වුනොත් ඔය ටිකම සිද්ද වෙනවා. උතුරට පන්සල් එපා කියන දමිලයින්ට ස්වයං පාලනය දුන්නොත් අපිට බලා ඉන්න කියලා නාගදීප විහාරයත් හින්දු කෝවිලක් කරනවා. මුසල්මානුවන්ට රට හම්බ කරණය කරන්න ඉඩ හැරියොත් රටේ පන්සල් සියල්ලම හරක්මස් කඩ කරනවා ෂුවර්...

:       36       56

ganegodaSaturday, 08 January 2022 07:20 PM

අපේ රටේ බෞද්ධකම පිරිහිලා තියෙන්නේ අපේ බෞද්ධයින්ගෙන්මයි. ඕකට චීනය එනකම් බලාගෙන ඉන්න ඕනෙ නැහැ...!

:       0       5

MohamedSunday, 09 January 2022 06:55 AM

මචං මේක වෙලා තියෙන්නේ චීනේ... ලංකාවේ දෙමළුන්ටයි, හම්බයින්ටයි තග දාලා වැඩක් නැහැ. පුළුවන් නම් පොඩ්ඩක් චීනුන්ට බනින්න පුලුවන් නම් චීන භාෂාවෙන්ම ඔවුන්ට තේරෙන්නම...

:       1       4

BamunuarachchiMonday, 10 January 2022 10:52 AM

මොනවා චීන්නුට ඉංග්‍රීසි බැහැ. උන්ගාව තිබෙන්නේ සුපර්බ් ඉංග්‍රීසි. චීනට බනින්නේ මොන බම්බුවකදටද? මෙරටට සුද්දාගෙන් චීනගෙන් උන සේවය හමබයාගෙන් දෙමළාගෙන් උනේ නැත. ලංකාවේ චීන වරායක් කියලා ප්‍රදෙෂයක් හැදුනේ සුද්ද එන්නත් කලින්. එතකොට කව්රුත් චීන ගැන කතා කලේ නැත. අපි චීන්නුන් සමග සම්බන්දය තිබෙන්නේ මුස්ල්මානුවෝ මව් රටට එන්න කලින්.

:       3       0

sene Saturday, 08 January 2022 08:33 AM

කෝ චීන ඇම්බසිය ඉදිරිපිට නැද්ද කහපාට විරෝධතා, හැම දේකටම හොට දාන අය කෝ...?

:       28       26

BamunuarachchiSaturday, 08 January 2022 08:11 PM

ජෙප්පන්ට ආගමක් නැහැ. අනික පක්ෂයේ ෆන්ඩ් එකට එන අරමුදල නැතිවෙයි කියලා බයයි...

:       3       0

nihal Saturday, 08 January 2022 10:09 AM

චීනයේ අවසන් පෙරනිමිත්තක්...

:       7       42

වාසුදේව Saturday, 08 January 2022 12:10 PM

චීනය කඩා වැටීමේ ආරම්භය... ලියලා තියාගන්න...

:       7       27

Shan Saturday, 08 January 2022 02:05 PM

අපේ රටේ රාජපක්ෂලා උඩදාගෙන වඳින්නේ මෙයාලටනේ... ලංකාවටත් ඔය ටික තමයි වෙන්නේ... ඉක්මණට මුන්ටික එළවලා දැම්මේ නැතිනම්...

:       15       25

Niresh Saturday, 08 January 2022 03:28 PM

කෝ දැන් මෙහෙ ඉන්න බයියෝ පෙළපාලි යන්නේ නැද්ද? අපේ ඉන්න මහලොක් දේශ ප්‍රේමී සෙට් එක...

:       16       19

sam Saturday, 08 January 2022 03:31 PM

ෆේල්ටත් හිතෙයිද දන්නේ නැහැ ලංකාවේ තියෙන උස බුදු පිළිම, වෙහෙර විහාර උස වැඩි හින්දා කඩාබිඳ දාන්න.

:       29       19

Don perea Saturday, 08 January 2022 06:30 PM

කෝ අපේ වී8 සෙට් එක...?

:       34       19

Samma Saturday, 08 January 2022 06:59 PM

පිළිම නෙලන්න එපා. මා දැකගන්න අවශ්‍ය නම් මාගේ ධර්මය අවබෝධ කරගන්න.. බුදුවදන එයයි.

:       0       1

sampath Saturday, 08 January 2022 10:40 PM

චීන සියදිවි නසාගැනීමේ ආරම්භය තැබුවා. සුද්දා වෙහෙර විහාර කැඩුවා. අදටත් ඒ සාපයෙන් මිදෙන්න බැරිව දඟලනවා. ඇෆ්ඝනිස්ථානය නන්නත්තාර වුණා. ලෝකයේ තියෙන අවිහිංසාවාදීම දහමටත් බය චීනා මොනවා නොකරයිද? ඉක්මණින්ම මේ මකරාගෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයන්න වෙයා.

:       0       2

shan Sunday, 09 January 2022 02:15 AM

මොකක්හරි විදේශ සේවාවකින් දමන නිවුස් එකක් දැක්කාම බල්ලෝ උසිගැන්වුවා වගේ බුර බුර යන්න එපා... ඇත්ත දැනගෙන විවේචන දමන්න.

:       0       1

චන්දන Sunday, 09 January 2022 07:17 AM

මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මෙතන තියෙන අදහස් දිහා බැලුවා ම පැහැදිලි වෙන්නේ ප්‍රශ්නය ක් දිහා විශ්ලේෂනාත්මකව බලන විදිය. ඇත්තටම කනගාටුදායක යි. බුද්ධිමත් ව ප්‍රශ්න දිහා බලන්න පුරුදු වෙනකම් රටක් ගොඩ ගැනීම කයිවාරුවට විතරයි .

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site