
ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ජී20 සමුළුව අවසන් සැසියේදී චීන ජනාධිපති ෂී ජින්පින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හට ප්‍රසිද්ධියේ දොස් නගා තිබේ.
"අපි සාකච්ඡා කළ හැම දෙයක්ම ගැනම තොරතුරු පත්තරවලට දීලා, ඒක සුදුසු නැහැ.සංවාදයක් පවත්වන විදිහ ඒක නෙමේ."පරිවර්තකයෙකු මාර්ගයෙන් ජනාධිපති ජින්පින් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හට පවසා ඇත.
කැනඩා ජාතිකයන් සංවාදයක් නිදහස්, විවෘත හා අවංක විය යුතු බව විශ්වාස කරන බවත් ඒ ආකාරයට තමන් දිගටම කටයුතු කරන බවත් ජනාධිපති ජින්පින් හට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ටෘඩෝ ප්‍රකාශ කර තිබේ.කැනඩාව සහ චීනය එක්ව ඵලදායි අයුරින් දිගටම වැඩ කිරීමට සූදානම් වුවත් කැනඩාව සහ චීනය එකඟ නොවන කරුණු තිබිය හැකි බව ටෘඩෝ පවසා ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉකුත් අඟහරුවාදා කැනේඩියානු මැතිවරණය සහ චීන මැදිහත්වීම් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදී යුක්රේන රුසියා යුද්ධය,උතුරු කොරියාව සහ දේශගුණික විපර්යාස පිළිබඳව සාකච්ඡා කොට තිබේ.සාකච්ඡාව විනාඩි 10 ක සීමා වී ඇත.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම ලෝකෙම ලොක්ක චීනය බවට ඔප්පු කරනව වගේ..
කැනඩා ජාතිකයන් සංවාදයක් නිදහස්, විවෘත හා අවංක විය යුතු බව විශ්වාස කරන බවත් ඒ ආකාරයට තමන් දිගටම කටයුතු කරන බවත් ජනාධිපති ජින්පින් හට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ටෘඩෝ ප්‍රකාශ කර තිබේ. චීනයට ලෝකය අවශ්‍ය වනුයේ වියාපාර කිරීමට පමණි චීන නායකයන් රටේ පුරවසියන්හට පමණක් නොව ඉතාම සුක්ෂමව සමස්ත ලෝකය ඉදිරියේ කටයුතු කරනු ලබනුයේ විනිවිදභාවයකින් තොරව වේ. බටහිර රටවල් සමග ව්‍යාපාර නොමැතිව චීනයට අනාගතයක් හෝ පැවැත්මක් නොමැත
කැනඩාවටත් ඔය ගොයියා එපා වෙලා තිබෙන්නේ. මේ ගොයියාගේ වැඩ නිසා කැනඩාවත් බංකොලොත් වෙන්න කිට්ටුයි.