
ඇමෙරිකානු මැරීන් භටයන් රැගත්, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැව මේ වනවිට රහසිගතව මධ්‍යධරණී මුහුදු සීමාවට සේන්දු වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැව මේ වනවිට නැංගුරම්ලා ඇත්තේ කොතැනදැයි යන්න අනාවරණය වී නැත.
‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැවේ මැරීන් භටයන් 2,200 කට වැඩි පිරිසක් සිටින බව පැවැසෙයි. ඊට අමතරව, නැවේ අපාවි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර්, වෝතොග් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා ද ඇතැයි පැවැසෙයි.
ඇමෙරිකා හමුදාවේ පස්වැනි සහ හත්වැනි බලඇණි ද මේ වනවිට මැදපෙරදිග කලාපයේ සිටින බවත් එම බලකාවලට අයත් සෙබළුන් ගණන 40,000 ක් පමණ වන බවත් පැවැසෙයි. කෙසේ නමුත් ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව මේ කිසිවක් තහවුරු කර නොමැත.
ඇතැම් යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් භටයන් ගොඩබිම් සටන් සඳහා ඉරානයට ගියහොත් එය මහා විනාශයක් වනු ඇති බවය. ඉරානයේ පිහිටීම අනුව එය තඳුවලින් වටවී ඇති බවත්, එය ඇමෙරිකන් භටයන්ට විශාල අවාසියක් වනු ඇති බවත් පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙයි. ඉරානය ඇමරිකා එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට සහ අසල්වැසියාට පහර දෙයි. ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර මේ මාසයේ ගල්කටාස් භාවිතා කරමින් ඉන්ධන මිල වැඩි කරයි. ඒ අනුව පෞද්ගලික බස් රථ ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා සිටී. නමුත් අනුර නිදා ගනී, නැතහොත් සුදා හෝ රන්ජා සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වයි.