ඉරානය, ඊශ්‍රායපලයට එල්ල කරන ප්‍රතිප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල වැසියන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව සිටි බවත්, 3730 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඊශ්‍රායල සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ඉරාන මිසයිල එල්ල වෙද්දී, හැකි ඉක්මනින්, බංකර්වල සැඟවෙන්නැයි ඉරාන ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ එරට වැසියන්ට අනතුරු අඟවා ඇත.

මේ අතර ඉරානය එල්ල කරන ප්‍රති ප්‍රහඑාර හේතුවෙන් ඇමෙරිකන් සොල්දාදුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත්, 200 දෙනකු තුවාල ලබා සිටින බවත් ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිල වශයෙන් දැනුම් දී ඇත.