
ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පොලෝසිගේ සැමියා වන පෝල් පෙලෝසි ට ප්‍රහාරයක් එල්ල වී ඇත.
82 හැවිරිදි පහර කෑමට ලක් වී ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නිවසේ සිටිද්දීය.
එම අවස්ථාවේදී පෙලෝසි නිවසේ සිට නැත. පහර දුන් තැනැත්තා 42 හැවිරිදි ඩේවිඩ් ඩෙපාප් නමැති අයකු බව පොලිසිය විසින් හදුනාගෙන ඇත.
ඩේවිඩ් ඩෙපාප්, පිලිප් පොලෝසිට පහර දී ඇත්තේ මිටියක් අතැතිව නිවසට බලෙන් ඇතුළුවීමෙන් පසුව යැයි ද පැවැසෙයි.
පහර දීම කළ ඩේවිඩ් ඩෙපාප් වහා අත්අඩංගුවට ගැනීමට සැන් ෆ්‍රැන්සිස්කෝ පොලිසිය සමත් විය.
ඩේවිඩ් ඩෙපාප්, නිවසට ඇතුළු වී ඇත්තේ නැන්සි පොලෝසි සොයමින් බවත්, ඔහු සැමියාට පහර දී ඇත්තේ ඇය කොහෙදැයි විමසමින් බවත් පොලිසිය පවසා තිබේ.
(සී.එන්.එන්.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නෝනත් මට ගේ වටේ එළව එළවා ගහනවනේ...
නැන්සි පොලොස් එක්ක අපිටත් තරහක් තිබෙනවා..